සේවා රැස්වීම් වැඩසටහන
පෙබරවාරි 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 4
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. පෙබරවාරි 24න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේදී කරන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට සෝවියට් දේශයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පීඩා මැද විශ්වාසවන්තව නමැති වීඩියෝ පටය නැරඹීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. අටවෙනි පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් පෙබරවාරි 1 මුරටැඹ සහ මාර්තු 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා පළමුවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුණත් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකම එකට ඉදිරිපත් කළ යුතුයි.
විනා. 35: “දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක් දෙන්න.”a මෙය මෙහෙයවිය යුත්තේ සේවා අවේක්ෂක විසිනි. මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී උපකාරික පුරෝගාමී සේවය කළ හැකි සියලුදෙනාවම ඒ සඳහා දිරිගන්වන්න. පසුගිය සිහි කිරීම සමයේදී පුරෝගාමී සේවයේ හවුල් වූ අයට අදහස් දැක්වීමට ආරාධනා කරන්න. පුරෝගාමී සේවයේ හවුල් වීමට ඔවුන් කටයුතු සැලසුම් කරගත්තේ කෙසේද? මේ සඳහා දැරූ වෑයම් හා කළ සකස් කිරීම් මොනවාද? ඔවුන් මොන වගේ ප්‍රීතියක්ද අද්දුටුවේ? ඔවුන් ලැබූ ආශීර්වාද මොනවාද? හතරවන පිටුවේ තිබෙන කොටුවේ සඳහන් ආදර්ශ කාලසටහන සලකා බලන්න. අද රැස්වීමෙන් පසු උපකාරික පුරෝගාමී අයදුම් පත් ලබාගත හැකි බව නිවේදනය කරන්න.
ගීතිකා අංක 30 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 48
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. මාර්තු මාසයේදී ඉදිරිපත් කරන පොත් පත් සලකා බලන්න. වර්ෂ 2002 ජනවාරි මාසයේ පළ වූ අපගේ රාජ්‍ය සේවාවේ තිබූ අතිරේකයේ සඳහන් කරුණු යොදාගනිමින් දැනුම පොත ඉදිරිපත් කිරීමේදී යොදාගත හැකි යෝජනාවක් හෝ දෙකක් සපයන්න. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය අවධාරණය කරන්න.
විනා. 15: “ඔබේ නිවස ලබා දෙන්න පුළුවන්ද?” පොත් පාඩම් අවේක්ෂකයෙකු ඉදිරිපත් කරන කතාවක්. වර්ෂ 2001 අප්‍රියෙල් සහ 1990 මාර්තු මාසවල අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටියෙන් ලබාගත් කරුණුද ඇතුළත් කරන්න. සභාවේ තිබෙන පොත් පාඩම් ගණන සහ ඒවායේ පැමිණීමෙහි සාමාන්‍යය සඳහන් කරන්න. තම නිවසේ පොත් පාඩම පැවැත්වීමෙන් තමන් සහ තම පවුලේ අය ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය ගැන පැවසීමට ප්‍රචාරකයෙකුට හෝ දෙදෙනෙකුට ආරාධනා කරන්න. තමන්ගේ නිවෙස් පොත් පාඩම් පැවැත්වීම සඳහා ලබා දිය හැකි අය ඒ බව මුලසුන භාර අවේක්ෂකට දැනුම් දිය හැකියි.
විනා. 20: “ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ කුමකටද?”b දේවසේවයේ වැඩියෙන් හවුල් වීම සඳහා තමන්ගේ තත්වයන් සකස් කරගැනීමට හැකි වී තිබෙන ආකාරය ගැන පැවසීම සඳහා ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරන්න.
ගීතිකා අංක 57 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 74
විනා. 10: සභා නිවේදන. පෙබරවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. අටවෙනි පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් පෙබරවාරි 15 මුරටැඹ සහ පෙබරවාරි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුණත් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකම එකට ඉදිරිපත් කළ යුතුයි.
විනා. 10: “නියම වේලාවට උපකාර.” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. අක්‍රියාශීලී අයට උපකාර කිරීම සඳහා දරන විශේෂ වෑයම මගින් යෙහෝවා ඔහුගේ සෙනඟට දක්වන ප්‍රේමණීය සැලකිල්ල පිළිබිඹු වන බව අවධාරණය කරන්න.
විනා. 25: “ඔබව දැනුවත් කරමින් ක්‍රියාවට පොලඹවන වීඩියෝ පටයක්.” පීඩා මැද විශ්වාසවන්තව නමැති වීඩියෝ පටය ගැන දී තිබෙන ප්‍රශ්න යොදාගනිමින් සබය සමඟ කෙළින්ම සාකච්ඡාව අරඹන්න. අවසාන භාගයේ තිබෙන ප්‍රශ්නවලට අදහස් දැක්වීමට අවශ්‍ය තරම් කාලය ලැබෙන විදිහට ප්‍රශ්න සංඛ්‍යාව අනුව කාලය පරෙස්සමින් වෙන් කරගන්න. වර්ෂ 1958දී චාරිකා අවේක්ෂකයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහස් සමඟින් අවසන් කරන්න. “කොමියුනිස්ට් තරුණ සංවිධානයකට අයත් සාමාජිකයන් දහදෙනෙකු පමණ විශේෂයෙන්ම සෑම සහෝදරයෙකු ගැනම ඔත්තු බලා තිබෙන බව දැනගන්න ලැබුණ විට, එය දරාගන්න සහෝදරයන්ට කොතරම් අමාරු දෙයක් වුණාද කියා තේරුම්ගත හැකියි. ඒ විතරක් නෙවෙයි, අසල්වැසියන් විසින් තමන්ව පාවා දීම, බොරු සහෝදරයන්ගේ අතට හසුවීම, තමන් වටා පොලිස් නිලධාරීන් සිටීම, අධිකරණය දුන් තීන්දු නිසා අවුරුදු 25ක් පමණ කඳවුරුවල හා සිරකුටිවල සිටීමට සිදුවීම, සයිබීරියාවට පිටුවහල් කිරීම, ජීවිත කාලය පුරා කුරිරු ලෙස මෙහෙකාරකමෙහි යෙදවීම, අන්ධකාර සිරකුටිවල රඳවා තබාගැනීම, ඇතැම් අවස්ථාවලදී දිගු කාලයක් එසේ රඳවා තැබීම යනාදි ඕනෑම දෙයක් දෙවිගේ රාජ්‍යය ගැන වචන ස්වල්පයක් කතා කළ කෙනෙකු අද්දැකිය හැකියි. එහෙත් ඒ ප්‍රචාරකයෝ නිර්භීත වූහ. යෙහෝවා දෙවි කෙරෙහි අසීමිත ප්‍රේමයක් ඔවුන්ට තිබිණ. ඔවුන්ට තිබුණේ දේවදූතයන්ට තිබුණා හා සමාන ආකල්පයකි. සටන අත්හරින්න ඔවුන් කිසිවිටකත් සිතුවේ නැත. තමන් කරන්නේ යෙහෝවාගේ වැඩක් බවත් ජයගන්න තුරුම එය ඉදිරියටම කරගෙන යා යුතු බවත් ඔවුහු දැන සිටියහ. ඒ සහෝදරයෝ තමන්ගේ අඛණ්ඩතාව තමන් දිගටම රක්ෂා කරන්නේ කා වෙනුවෙන්ද කියා දැන සිටිති. යෙහෝවා වෙනුවෙන් දුක් විඳීම ඔවුන් සලකන්නේ ප්‍රීතියක් ලෙසයි.”
ගීතිකා අංක 56 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 14
විනා. 10: සභා නිවේදන. “රාජ්‍ය ශාලාවල තිබෙන පුස්තකාල සඳහා අලුත් විධිවිධානයක්” නමැති කොටස කෙටියෙන් සාකච්ඡා කරන්න. රාජ්‍ය ශාලාවේ පුස්තකාලය භාරව කටයුතු කරන්නේ කවුද කියා සඳහන් කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “අවසානය ළං වෙද්දී හොඳ සිහිකල්පනාවෙන් සිටින්න.”c ඡේද 3-4 සාකච්ඡා කරද්දී තමන් අත් කරගැනීමට දැන් වෑයම් කරමින් සිටින ආත්මික ඉලක්ක ගැන යමක් පැවසීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න. දෙවිට නමස්කාර කරන්න නමැති පොතේ 176වන පිටුවේ තිබෙන අදහස්ද ඇතුළත් කරන්න.
ගීතිකා අංක 127 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.