සේවා රැස්වීම් වැඩසටහන
ජූනි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 81
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවෙනි පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජූනි 1 මුරටැඹ සහ ජූනි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. ජූනි 8 පිබිදෙව්! සඟරාව සඳහා පළමු යෝජනාව යොදාගන්න. මේ සෑම ඉදිරිපත් කිරීමකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ගෙවැසියාට ලබා දිය යුතුයි. සෑම ඉදිරිපත් කිරීමකටම ශුද්ධ ලියවිලි පාඨයක් ඇතුළත් කරන්න.
විනා. 15: “අපේ ප්‍රධානතම කාර්යය ක්‍රිස්තියානි දේවසේවයයි.”a පූර්ණ කාලීන සේවය කිරීමෙන් භුක්ති විඳිය හැකි ආශීර්වාද ගැන සලකා බැලීමට යෞවනයන්ව දිරිමත් කරන්න. “සංස්කෘතිය සහ හෘදය සාක්ෂිය එකිනෙක ගැටෙන විට” නමැති උපමාතෘකාව යටතේ 2000 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 19-20 පිටුවල සඳහන් තොරතුරුද ඇතුළත් කරන්න.
විනා. 20: “රැකියාවෙන් විශ්‍රාම යෑම වැඩිමනත් ක්‍රියාකාරකම් සඳහා විවෘත වූ දොරක්ද?”b රැකියාවෙන් විශ්‍රාම ගැනීම නිසා ඉතිරි වන කාලය යෙහෝවාගේ සේවයේ වැඩියෙන් හවුල් වීම සඳහා යොදවන ප්‍රචාරකයෙකු සමඟ කරන කෙටි සම්මුඛ සාකච්ඡාවක් මේ කොටසට හැකි නම් ඇතුළත් කරන්න. ඔහු කර තිබෙන සකස් කිරීම් ගැනත් එහි ප්‍රතිඵලයක් හැටියට ලබා තිබෙන ආශීර්වාද ගැනත් විමසන්න.
ගීතිකා අංක 190 සහ අවසාන යාච්ඤාව.
ජූනි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 55
විනා. 8: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 12: සභා අවශ්‍යතා.
විනා. 25: “ඉතා උනන්දුවෙන් ‘පූර්ණ ලෙස සාක්ෂි දරන්න.’”c සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. පස්වන හා හයවන ඡේද සාකච්ඡා කිරීමෙන් පසු, කඩයක වැඩ කරන කෙනෙකුට අවිධිමත් ලෙස සාක්ෂි දරමින් බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාව ඉදිරිපත් කරන ආකාරය පෙන්වන කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න. හත්වන හා අටවන ඡේද සාකච්ඡා කරන්න කලින් ඒවා යම් කෙනෙකු ලවා කියවන්න. අවසානයේදී “ඔවුන්ව අමතක කරන්න එපා!” නමැති කොටුවේ තිබෙන තොරතුරු කියවා සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 131 සහ අවසාන යාච්ඤාව.
ජූනි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 95
විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජූනි 15 මුරටැඹ සහ ජූනි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. ජූනි 8 පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න. මේ සෑම ඉදිරිපත් කිරීමකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ගෙවැසියාට ලබා දිය යුතුයි. ප්‍රචාරකයා විදී සාක්ෂි දැරීමෙහි හවුල් වන ආකාරය මේ එක් නිරූපණයකදී පෙන්වන්න.
විනා. 20: අධෛර්යයට පත්ව සිටීම ගැන කුමක් කළ හැකිද? වර්ෂ 1999 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ “ඒකාන්ත ආකල්පයක් පවත්වාගැනීම” නමැති උපමාතෘකාවද ඇතුළුව, පිටු 28-9 දක්වා තිබෙන තොරතුරු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ශුද්ධ ලියවිලි මත පදනම් උපදෙස්ද ඇතුළත් කරමින් ප්‍රායෝගික යෝජනා සලකා බලන්න. දේවසේවයෙන් ප්‍රීතිය ලැබීමට ඔවුන්ට උපකාරවත් වන දේවල් ගැන පැහැදිලි කිරීමට සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙන ප්‍රචාරකයන් එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරවන්න.
විනා. 15: “නිරතුරුව වෙනස් වන ලොවක දේශනා කිරීම.”d දෙවන හා තුන්වන ඡේද සාකච්ඡා කරද්දී, බලප්‍රදේශයේ ජනයා සමඟ සංවාද ආරම්භ කිරීම සඳහා යොදාගත හැකි වත්මන් සිදුවීම් මොනවාද කියා සබයෙන් අසන්න. හතරවන ඡේදය සාකච්ඡා කරද්දී එහි සඳහන් ඉදිරිපත් කිරීම්වලින් එකක් යොදාගනිමින් කෙටි නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 15 සහ අවසාන යාච්ඤාව.
ජූනි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 3
විනා. 10: සභා නිවේදන. ජූනි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තා දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ජූලි සහ අගෝස්තු මාසවල ඉදිරිපත් කරන පොත් පත් සලකා බලන්න. සභාවේ පොත් පත් තොගයේ තිබෙන විවරණිකා දෙකකට වැඩි අවධානයක් දෙන්න. දේවසේවයේදී මේවා ඉදිරිපත් කරන ආකාරය හොඳින් සූදානම් කරන ලද නිරූපණ මගින් පෙන්වන්න. ඉදිරිපත් කරන ආකාරය සම්බන්ධයෙන් යෝජනා සඳහා 1998 ජූලි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුව බලන්න. තවත් යෝජනා මුරටැඹ ප්‍රකාශන සූචියේ (Watch Tower Publications Index) “ඉදිරිපත් කිරීම්” (Presentations) යටතේ හා “ප්‍රකාශනය අනුව” (List by Publication) කියා නම් කර ඇති මැද තිබෙන උපමාතෘකාව යටතේ සොයාගත හැකියි.
විනා. 15: “ආබාධිත වුවත් පල දරමින්.”e වර්ෂ 1990 අගෝස්තු 22 පිබිදෙව්! සඟරාවේ (සිංහලෙන් නොමැත) “කළ හැකි දේවල් මොනවාද?” නමැති උපමාතෘකාව යටතේ, 22-3 දක්වා පිටුවල සඳහන් තොරතුරු පදනම් කරගනිමින් අනිත් අයට උපකාර කළ හැකි ආකාර ගැන අදහස් දක්වන්න.
විනා. 20: රාජ්‍යය ගැන දේශනා කිරීමේදී දේවවචනය බලපෑමෙන් යුතුව භාවිත කරන්න. සේවා අවේක්ෂක විසින් හසුරුවනු ලබන සබය සමඟ සාකච්ඡාවක්. දේවසේවයේදී අපට හමු වන සෑම කෙනෙකු සමඟම රාජ්‍යය ගැන ශුද්ධ ලියවිලි මත පදනම් ගොඩනංවනසුලු අදහසක් බෙදාගැනීමට අපි මහත් වෑයමක් දරන්නෙමු. කෙසේවෙතත්, මෙහිදී අප බයිබල් පද නිකම්ම කියවනවාට වඩා වැඩි යමක් කිරීම අවශ්‍යයි. අප ඒවා පැහැදිලි කරන්න, නිදසුන් මගින් පහදා දෙන්න හා අදාළ කරන්න අවශ්‍යයි. මතු දැක්වෙන දේවල් හා සමාන දේවල් නිදසුන් වශයෙන් යොදාගනිමින් මෙය කළ හැකි ආකාරය පෙන්වා දෙන්න. (1) යුධ බිය නැති ලෝකයක ජීවිතය (යෙසා. 2:4; ගීතා. 46:9, 10), (2) සෑම කෙනෙකුටම ඇති තරම් ආහාර (ගීතා. 72:16), (3) සෑම කෙනෙකුටම පහසුකම් සහිත නිවාස (යෙසා. 65:21) (4) අසනීප හා ලෙඩ රෝග නොමැති ජීවිතයක් (එළි. 21:3, 4). මෙම සාකච්ඡාවෙන් පසු නැවත බැලීමකදී ශුද්ධ ලියවිලි පාඨයක් බලපෑමෙන් යුක්තව යොදාගන්නා ආකාරය හොඳින් සූදානම් වූ ප්‍රචාරකයෙකු ලවා නිරූපණය කරන්න. මෙහිදී යොදාගනු ලබන ශුද්ධ ලියවිලි පාඨය කෙටියෙන් පැහැදිලි කරන්න. සරල නිදසුනක් යොදාගන්න. කෙටියෙන් අදාළ කරන්න. මෙසේ කිරීමේදී රාජ්‍ය පාලනය මගින් පෞද්ගලිකව ගෙවැසියාට ප්‍රයෝජන ගෙන දෙන ආකාරය පෙන්වා දෙන්න. මෙම නිරූපණය ආරම්භ කරන්නේ ප්‍රචාරකයා ශුද්ධ ලියවිලි පාඨය කියවීමෙනි. නිරූපණයේදී යොදාගත් පාඨය පැහැදිලි කළ ආකාරය, නිදසුනක් යොදාගත් ආකාරය හා අදාළ කළ ආකාරය ගැන නිරූපණයෙන් පසු විග්‍රහ කර බලන්න. දේවවචනය බලපෑමෙන් යුක්තව භාවිත කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.
ගීතිකා අංක 171 සහ අවසාන යාච්ඤාව.
ජූලි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 165
විනා. 5: සභා නිවේදන.
විනා. 15: සභාවේ අද්දැකීම්. පහත සඳහන් අවස්ථාවලදී සාක්ෂි දරන විට ලබා තිබෙන අද්දැකීම් පැවසීමට හෝ ඒවා රඟ දක්වා පෙන්වීමට ප්‍රචාරකයන්ව යොදාගන්න. (1) වෙනත් භාෂා කතා කරන අයට සාක්ෂි දරන විට. (2) ගෙයින් ගෙට හා විදීවල සාක්ෂි දැරීම හැර වෙනත් අවස්ථාවලදී සාක්ෂි දරන විට. වෙනත් භාෂාවක් කතා කරන අයව හමු වන අවස්ථාවලදී සියලු ජාතීන්ට ශුභාරංචි නමැති පොත් පිංචය (Good News for All Nations) සහ කරුණාකර නැවත ගොස් හමු වන්න (S-43) නමැති පෝර්මය භාවිත කිරීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.
විනා. 25: “දෙවිගේ නාමය දන්වමු.”fසපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. අද්දැකීම් ලත් ප්‍රචාරකයෙකුව යොදාගෙන නැවත බැලීමක් කරන ආකාරය නිරූපණය කරන්න. දෙවිගේ පෞද්ගලික නාමය දැන සිටීම හා එය භාවිත කිරීම වැදගත් වීමට හේතු මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පාඨ යොදාගනිමින් පෙන්වා දෙන්න. නික්. 3:15; යෙසා. 12:4; එස. 38:17, 23; මලා. 3:16; යොහ. 17:26; ක්‍රියා 15:14.
ගීතිකා අංක 197 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
f හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.