සේවා රැස්වීම් වැඩසටහන
දෙසැම්බර් 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 221
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් දෙසැම්බර් 1 මුරටැඹ සහ දෙසැම්බර් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා ඊට අදාළ පළමු යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි.
විනා. 20: “සැබෑ ක්‍රිස්තියානි එක්සත්කම ඇති වන්නේ කෙසේද?”a පස්වන ඡේදය සාකච්ඡා කරද්දී, අපේ ක්‍රිස්තියානි එකමුතුකම කැපීපෙනෙන ලෙස දැකිය හැකි ජාත්‍යන්තර සමුළුවලට යෑම නිසා හෝ දිව්‍යාණ්ඩු ඉදි කිරීම් ව්‍යාපෘතිවල වැඩ කිරීම නිසා හෝ සහන සේවා සැපයීමේ කාර්යයන්වල හවුල් වීම නිසා හෝ ලබා තිබෙන පෞද්ගලික අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: “2004 සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල.” පාසැල් අවේක්ෂක ඉදිරිපත් කරන කතාවක්. වසර 2003 ඔක්තෝබර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයෙන් ගත් කරුණුද ඇතුළත් කරන්න.
ගීතිකා අංක 108 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 71
විනා. 10: සභා නිවේදන. දෙසැම්බර් 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා රැස්වීමේදී කරනු ලබන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට “අපගේ අවධානය යොමු විය යුතු වෛද්‍ය ක්ෂේත්‍රයේ වැදගත් ප්‍රවණතාවක්” නමැති ලිපිය කලින් කියවීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. “කරුණාකර හැකි විගස හමු වන්න” නමැති කොටුවේ කරුණුද සාකච්ඡා කරන්න. S-70 පෝරමයක් පෙන්වන්න.
විනා. 15: නමස්කාරයේ අංගයක් වන පෞද්ගලික අධ්‍යයනය. වසර 2000 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 14-15 දක්වා පිටුවල තිබෙන 6-10 ඡේද පදනම් කරගත් කතාවක්.
විනා. 20: “‘නිසි නැඹුරුවාවක්’ ඇති අයට උපකාර කරන්න.”b සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. වර්ෂ 1997 මාර්තු අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ තිබෙන කොටුවේ සඳහන් නැවත බැලීම් කිරීම සඳහා යෝජනා ලැයිස්තුව නැවත සලකා බලන්න.
ගීතිකා අංක 42 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 10
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් දෙසැම්බර් 15 මුරටැඹ සහ දෙසැම්බර් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා ඊට අදාළ දෙවන යෝජනාව යොදාගන්න. ඊළඟ සතියේ පවත්වනු ලබන විශේෂ සේවා රැස්වීම ගැන සියලුදෙනාටම මතක් කරන්න. මේ රැස්වීමේදී “අපගේ අවධානය යොමු විය යුතු වෛද්‍ය ක්ෂේත්‍රයේ වැදගත් ප්‍රවණතාවක්” නමැති ලිපිය සලකා බලන අතර පූර්ව වෛද්‍ය නියෝ-ගය/මුදවාහැරීම නමැති කාඩ්පත, හැඳුනුම්පත, සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ස්ථාවර ඇටෝනි බලය (DPA) නමැති පෝරමය ගැන සාකච්ඡා කර, ඒවා බෙදා දෙනු ලැබේ.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 18: “සුදුස්සන්ව සොයාගැනීම.”c තොරතුරු සභාවට අදාළ වන ආකාරයට මෙහෙයවන්න. ගෙවැසියන් වැඩියෙන්ම නිවෙස්වල සිටින්නේ කුමන වේලාවන්වලද? දහවල් කාලයේදී හා සන්ධ්‍යා කාලයේදී සේවයේ හවුල් වීමෙන් අත් කරගෙන තිබෙන ප්‍රතිඵල මොනවාද? කලාතුරකින් නිවසේදී හමු විය හැකි අයව හමුවීම සඳහා යොදාගත හැකි ක්‍රම මොනවාද?
ගීතිකා අංක 209 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 200
විනා. 5: සභා නිවේදන. දෙසැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබා දීමට සියලුම ප්‍රචාරකයන්ට මතක් කරන්න. ජනවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත් ගැනද සඳහන් කරන්න.
විනා. 17: “අපගේ අවධානයට යොමු විය යුතු වෛද්‍ය ක්ෂේත්‍රයේ වැදගත් ප්‍රවණතාවක්.” මෙය මෙහෙයවීමට සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකුව යොදාගන්න. ක්‍රියා 15:28, 29 කියවා, ක්‍රිස්තියානීන් රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කිරීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ රුධිරයේ පරිශුද්ධභාවය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන නීතියට ගරු කිරීම බව කෙටියෙන් අවධාරණය කරන්න. ඉන් අනතුරුව වෙනත් දේවල් ගැන නොපවසා 7වන පිටුවේ තිබෙන ලිපිය කෙළින්ම සාකච්ඡා කරන්න. ප්‍රශ්න හා උත්තර ඇතුළත් පත්‍රයේ කථිකයාට සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. අන්තිම ඡේදය කියවීමෙන් අවසන් කරන්න.
විනා. 23: වෛද්‍යමය අභියෝගවලට නිසැකකමින් යුතුව මුහුණ දීම. ශාඛා කාර්යාලය විසින් සපයා තිබෙන දළ සටහන යොදාගනිමින් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. “රුධිරයෙන් වැළකී සිටීම සඳහා අපට උපකාර කරන සැපයුම්” නමැති කොටුවේ මූලික කරුණු සලකා බලන්න.
ගීතිකා අංක 182 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 103
විනා. 5: සභා නිවේදන.
විනා. 15: ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවේ. (1 කොරි. 15:58, NW) සබය සමඟ සාකච්ඡාවක්. මුල් කාලයේ සාක්ෂි දැරීමේ කටයුතු කරගෙන ගිය ආකාරය ගැන විස්තර සැපයීමට බොහෝ කාලයක සිට ක්‍රියාශීලීව සේවයේ හවුල් වන ප්‍රචාරකයන්ව කලින් සූදානම් කරවන්න. ඒ කාලයේ සභාව සමඟ කීදෙනෙක් පමණ ඇසුරු කරමින් සිටියාද? සභාවට සේවය කරන්න පැවරී තිබුණු බලප්‍රදේශය කොතරම් විශාල එකක් වූවාද? මිනිසුන් රාජ්‍යයේ පණිවිඩයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? මොන වගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදු වූවාද? ගෙවී ගොස් තිබෙන අවුරුදු ගණනාව පුරා තම සභා බලප්‍රදේශය තුළ රාජ්‍ය කටයුතු වර්ධනය වී තිබෙන්නේ කෙසේද?
විනා. 25: “විඳදරාගනිමින් පල දරන්න.” දිරිගන්වනසුලු අයුරින් ඉදිරිපත් කරන කතාවක්. මෙහි යම් අවස්ථාවලදී සාකච්ඡාමය ස්වරූපයක්ද පවත්වා ගන්න. කාලය තිබෙන පරිදි ශුද්ධ ලියවිලි පාඨ කියවා, කරුණු විමර්ශනය කරන්න. තොරතුරු සභාවට අදාළ කර දක්වන්න. යෙහෝවා කාරණා දෙස බලන ආකාරයට තමන්ගේ තත්වයන් දෙස බැලීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.
ගීතිකා අංක 7 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.