සේවා රැස්වීම් වැඩසටහන
ජනවාරි 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 223
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) යොදාගනිමින් ජනවාරි 1 මුරටැඹ සඟරාව සහ පළමු යෝජනාව යොදාගනිමින් ජනවාරි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ යෝජනා හැර වෙනත් ආකාරයකටත් ඉදිරිපත් කිරීම් කළ හැකියි. එක ඉදිරිපත් කිරීමකදී, සාක්ෂිකරුවෙකු නොවන නෑදෑයෙකුට සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: ‘ඇදහිල්ලේ වචනවලින් පෝෂ්‍ය වී’a කාලය ඉඩ දේ නම් සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පද කියවා සාකච්ඡා කරන්න.
විනා. 20: “ගැළපෙන එළඹීමක් අත්හදා බලන්න.” අතිරේකයේ 6වන පිටුව සභාව සමඟ සාකච්ඡා කරන්න. මාසයට නියමිත ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා මේ එළඹීම යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන් උදාහරණ දෙකක් නිරූපණය කරන්න. නිරූපණ දෙකේදීම නිවැසියාගේ සැලකිල්ලට බඳුන් වූ කාරණයකට ගැළපෙන ශුද්ධ ලියවිලි පදයක් කියවන්න කියා ප්‍රචාරකයාට පවසන්න.
ගීතිකා අංක 143 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 34
විනා. 10: සභා නිවේදන.
විනා. 15: යෞවනයෙනි, ඔබ ආත්මිකව ප්‍රගතියක් ලබමින් සිටිනවාද? වර්ෂ 2003 අප්‍රියෙල් 1 මුරටැඹ 8-10වන පිටු මත පදනම්ව වැඩිමහල්ලෙකු විසින් දෙන කතාවක්. ඉටු කරගත හැකි ඉලක්ක ගැන සඳහන් කර විශේෂ ආත්මික ඉලක්ක තබාගන්න.
විනා. 20: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—5වන කොටස.”b නිරූපණයක් ඇතුළත් කරන්න. ඒ සඳහා දක්ෂ ලෙස බයිබල් පාඩම් පවත්වන්නෙකු නවක ප්‍රචාරකයෙකු සමඟ 4-5වන ඡේදවල සඳහන් බාධා වළක්වාගන්නා අයුරු සාකච්ඡා කරන ආකාරය පෙන්වන්න.
ගීතිකා අංක 78 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 163
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. “DVD තැටියේ වීඩියෝ වැඩසටහන්” නමැති කොටුව කෙටියෙන් පුනරීක්ෂණය කරන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. කතාවක්.
විනා. 25: “ඉදිරිපත් කිරීම් සඳහා දෙන යෝජනා යොදාගත හැකි අයුරු.”c දී ඇති ප්‍රශ්න යොදාගන්න. අප ඉදිරිපත් කරන ප්‍රකාශන සඳහා මේ මාසයේ අතිරේකයේ 3-5වන පිටුවල තිබෙන යෝජනා ගැන සඳහන් කරන්න. මුළු වසර පුරාම අතිරේකය පරෙස්සම් කර තබාගන්න. මෙම ලිපිය සලකා බැලුවායින් පසු පෙබරවාරි මාසයේදී යෙහෝවාට ළං වන්න පොත ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. ඉදිරිපත් කිරීම් දෙකක් නිරූපණය කරන්න. තුන්වන පිටුවේ ඇති ඉදිරිපත් කිරීමට යෝජනා යන ලිපිය මත ඒවා පදනම් කරගන්න. නැතහොත් ඔබේ බලප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම් යොදාගන්න.
ගීතිකා අංක 200 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 157
විනා. 10: සභා නිවේදන. ජනවාරි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තාව දීමට ප්‍රචාරකයන්ට සිහිගන්වන්න. අටවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) යොදාගනිමින් ජනවාරි 15 මුරටැඹ සඟරාව සහ දෙවන යෝජනාව යොදාගනිමින් ජනවාරි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ යෝජනා හැර වෙනත් ආකාරයකටත් ඉදිරිපත් කිරීම් කළ හැකියි.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: ඔබ දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කර බලනවාද? දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2005 පෙරවදන යොදාගෙන සිදු කෙරෙන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සෑම දිනකම ශුද්ධ ලියවිලි පදය සහ අදාළ විස්තරය සලකා බැලීමට සියල්ලන්ම විනාඩි කීපයක් ගැනීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කරන්න. පුරුද්දක් වශයෙන් තමන් දිනපදය සලකා බලන ආකාරයත්, ඉන් ලබා ඇති ප්‍රයෝජන ගැනත් අදහස් දැක්වීමට එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරන්න. වර්ෂ 2005 වාර්ෂික පදය ගැන කෙටි සාකච්ඡාවක් කරමින් අවසන් කරන්න.
ගීතිකා අංක 184 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 97
විනා. 10: සභා නිවේදන.
විනා. 15: දෙවිට සහ අසල්වැසියාට ප්‍රේම කිරීමට ඉගෙනගන්න නවකයන්ට උපකාර කරන්න. වර්ෂ 2004 ජූලි 1 මුරටැඹ 16වන පිටුවේ 7-9 දක්වා ඡේද මත පදනම්ව කතාවක්. අලුත් අයට ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමේ වගකීම සභාවේ සෑම සාමාජිකයෙකුටම තිබෙන බව පෙන්වා දෙන්න.
විනා. 20: යෙහෝවා යහපතක් නොවළක්වන්නේය. (ගීතා. 84:11) පීඩා මධ්‍යයෙහි තම ඇදහිලිවන්තභාවය පවත්වාගත් සහෝදර සහෝදරියන් කීපදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන් මුහුණ දී තිබෙන්නේ කුමන දුෂ්කරතාවලටද? ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන්ට උපකාරවත් වුණේ මොනවාද? ඔවුන් අද්දැක තිබෙන්නේ මොන වගේ ප්‍රීතියක් සහ ආශීර්වාදද?
ගීතිකා අංක 104 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.