නිවේදන
◼ ජනවාරි: සභාවේ පොත් ගබඩාවේ තියෙන 1990ට කලින් මුද්‍රණය කරන ලද පිටු 192කින් යුත් පොත්. එවන් ප්‍රකාශන පොත් තොගයේ නැත්නම් ළඟපාත සභාවක පැරණි ප්රකාශනවල අතිරික්තයක් තිබේ නම් ඒවා ලබාගන්න. පැරණි පොත් නැති සභාවන්ට හැකියි යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු පොත ඉදිරිපත් කරන්න. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න පොත නැතහොත් සභා ගබඩාවේ ඇත්නම් එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව පොත ඉදිරිපත් කරන්න. මාර්තු: සෝදිසියෙන් සිටින්න විවරණිකාව ඉදිරිපත් කරන්න. පුද්ගලයෙක් අවංක උනන්දුවක් දක්වන්නේ නම්, නිවාස බයිබල් පාඩමක් ඇරඹීමේ අරමුණින් දැනුම පොත හඳුන්වා දෙන්න. අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකේම පිටපත බැගින් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට පැමිණි අය හෝ වෙනත් දිව්‍යාණ්ඩු කටයුත්තකට සහභාගි වූ නමුත් සභා රැස්වීම්වලට දිගටම නොපැමිණි අය ඇතුළු ඕනෑම කෙනෙකුව නැවත බැලීමට යන විට දෙවිට නමස්කාර කරන්න යන පොත තැබීමට උනන්දු වන්න. දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ නිවාස බයිබල් පාඩමක් ඇරඹීමට වෑයම් කරන්න.
◼ මාර්තු 6වෙනිදා පටන් චාරිකා අවේක්ෂකයන්ගේ නව ප්‍රසිද්ධ කථාවේ තේමාව වනු ඇත්තේ “පිරිහුණු ලෝකයක් තුළ ඥානවන්තව හැසිරෙන්න” යන්නයි.
◼ මේ අවුරුද්දේ මාර්තු 24වෙනි බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුව සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා සභාවන් විසින් යෝග්‍ය සැලසුම් යෙදිය යුතුයි. කතාව වේලාසනින් ආරම්භ කළ හැකි වුවත් සංකේත අතිනත යැවීම හිරු බැස යන තෙක් සිදු නොකළ යුතුයි. ඔබේ ප්‍රදේශයේ හිරු බැස යන වේලාව දැනගැනීම සඳහා ඒ පිළිබඳව තොරතුරු සපයන ප්‍රාදේශීය මූලාශ්‍ර සෝදිසි කර බලන්න. සෑම සභාවක්ම සිහි කිරීමේ උත්සවය වෙන වෙනම පැවැත්වීම හොඳ දෙයක් වුවත් මෙය සැමවිටම කළ නොහැකි දෙයක් විය හැකියි. සභා කීපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන විට සභාවන් එකකට හෝ ඊට වැඩි ගණනකට සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා සමහරවිට වෙනත් ස්ථානයක් තෝරාගත හැකියි. සිහි කිරීමේ උත්සව එකකට වැඩියෙන් පවත්වනු ලබන ශාලාවල වැඩසටහන් දෙක අතර අඩුම තරමින් විනාඩි 40කවත් කාල පරතරයක් තබාගන්න කියා යෝජනා කරන්නෙමු. එම අවස්ථාවෙන් හොඳින් ප්‍රයෝජන ගත හැක්කේ එසේ සැලසුම් කිරීමෙනි. වාහන නතර කර තැබීම ගැනත්, වාහනවලින් රැගෙන එන අයව ආපසු නිවෙස්වලට ගෙන යෑම ගැනත් සැලකිල්ල යොමු කළ යුතුයි. තමන්ගේ සභාවට වඩාත්ම හොඳ සැලසුම් මොනවාද කියාත් තීරණය කළ යුත්තේ වැඩිමහල් මණ්ඩලයයි.