සිහි කිරීමේ කාලය ක්‍රියාකාරකම් වැඩි කිරීමේ කාලයක්
1. දේවභයැති ඊශ්‍රායෙලිතයන්ට ‘ඍතුවල පැවති මංගල්‍යයන්’ මගින් ඇති කළේ කිනම් බලපෑමක්ද?
1 පුරාණ ඊශ්‍රායෙලිතයන් “වසරේ විවිධ ඍතුවල යෙහෝවාගේ මංගල්‍යයන්” පැවැත්තුවා. (ලෙවී. 23:2, NW) තම දෙවිගේ යහපත්කම ගැන මෙනෙහි කිරීමට කාලය ගැනීමෙන් ඔවුන් මහත් ප්‍රීතියක් ලැබූ අතර උද්යෝගයෙන් පවිත්‍ර නමස්කාරයෙහි යෙදීමටද එමඟින් ඔවුන් තුළ පෙලඹීමක් ඇති වුණා.—2 ලේක. 30:21-31:2.
2, 3. සිහි කිරීමේ කාලය තුළ අපගේ ආත්මික ක්‍රියාකාරකම් වැඩි කිරීම සුදුසු වන්නේ මන්ද? එය පවත්වන්නේ කවදාද?
2 අද දින සෑම අවුරුද්දකම සිහි කිරීමේ කාලය, අපගේ ප්‍රීතිමත් දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් වැඩි කිරීමේ කාලයක්. මෙය යෙහෝවා අප වෙනුවෙන් දුන් අගනා ත්‍යාගය ගැන ගැඹුරින් මෙනෙහි කරන කාලයක්. ඔහු අප වෙනුවෙන් දුන්නේ ඔහුගේ ඒකජාතක පුත්‍රයාවයි. (යොහ. 3:16; 1 පේතෘ. 1:18, 19) දෙවි සහ ඔහුගේ පුත්‍රයා පෙන්නූ ප්‍රේමය ගැන මෙනෙහි කරන විට යෙහෝවාට ප්‍රශංසා කරන්නත් ඔහුගේ කැමැත්ත කිරීම සඳහා පරිශ්‍රමයක් දරන්නත් අප පෙලඹෙනවා.—2 කොරි. 5:14, 15.
3 මෙම අවුරුද්දේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මාර්තු 24වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුව පවත්වනු ලබයි. මාර්තු, අප්‍රියෙල් සහ මැයි යන මාසවල අපගේ සේවය වැඩි කළ හැක්කේ කෙසේද?
4, 5. (අ) මිනිසුන් බොහෝදෙනෙකු සමඟ ශුභාරංචිය බෙදාගැනීම සඳහා සමහරෙකුට උපකාර වී තිබෙන්නේ කුමක්ද? (ආ) ඔබ සිතන ආකාරයට ඔබේ ප්‍රදේශයට බලපෑමෙන් යුක්ත වන්නේ කුමන ක්‍රමද?
4 වැඩිදෙනෙකු හමුවීම: ඔබ ක්ෂේත්‍ර සේවයේ සහභාගි වන විට හැකි තරම් පුද්ගලයන්ව මුණගැසීමට ක්‍රම සොයන්න. අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැනි මිනිසුන් නිවෙස්වල බොහෝවිට සිටින අවස්ථාවල ගෙයින් ගෙට සේවයේ සහභාගි වීමට සැලසුම් කරන්න ඔබට හැකිද? ඔබේ පොත් පාඩමේ සිටින කෙනෙක් පොත් පාඩමට කලින් සේවයෙහි යන්න කැමති නම් පොත්පාඩම් අවේක්ෂකට හැකියි ඒ සඳහා කෙටි රැස්වීමක් පවත්වන්න හා ළඟපාත තැනක සේවයෙහි යෙදීමට සැලසුම් කරන්න.
5 බොහෝදෙනෙක් හමුවීමට හැකි තවත් ක්‍රමයක් නම් පොදු ස්ථානවල සාක්ෂිදැරීමයි. ජපානයේ පූර්ණකාලීන රැකියාවක යෙදී සිටි සහෝදරියකට උපකාරික පුරෝගාමි සේවයේ නියැලෙන්න වුවමනා වුණා. සෑම දිනකම රැකියාවට යන්න පෙර දුම්රිය පොළක් අසල වීදි සේවයේ යෙදෙන්න පුළුවන් කියා ඇයට එක් වැඩිමහල්ලෙක් යෝජනා කළා. ඇගේ ලජ්ජාශීලීභාවයෙන් ගොඩ ඒමට සහ මඟීන්ගේ සරදම් හමුවේ නොසැලී ඉන්න හැකි වූ පසු ඇය මඟීන්, දුම්රිය සේවකයන් සහ ඒ අවට සාප්පු හිමියන් ඇතුළු පුද්ගලයන් 40දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සමඟ සඟරා මාර්ගයක් ඇති කරගත්තා. ඇය මසකට සඟරා 235ක් පමණ බෙදාහැරියා. සෑම දිනකම විනාඩි කිහිපයක් මිනිසුන් සමඟ ආත්මික කාරණා බෙදාගැනීමෙන් බයිබල් පාඩම් හයක් පටන්ගන්න ඇයට හැකි වුණා.
6. යෞවනයන්ට තම ආත්මික ක්‍රියාකාරකම් වැඩි කළ හැක්කේ කෙසේද?
6 සාක්ෂිදැරීමට ලැබෙන ප්‍රස්තාවන්: පාසැල් යන බොහෝ ප්‍රචාරකයන්ට අවුරුද්දේ කිහිපවතාවක් නිවාඩු කාලවල් ලැබෙනවා. මෙම කාලවල් උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට කදිම අවස්ථාවන් කරගත හැකියි. මීට අමතරව ක්‍රිස්තියානි යෞවනයන්ට පාසැලේ සාක්ෂිදැරීමෙන් තම ක්‍රියාකාරකම් වැඩි කළ හැකියි. පංති කාමරයේ කෙරෙන සාකච්ඡාවලදී හෝ රචනා ලිවීමේදී එම අවස්ථාවන් සාක්ෂියක් දැරීමට අවස්ථාවක් කර නොගන්නේ මන්ද? අපගේ වීඩියෝ පට යොදාගනිමින් එසේ කිරීමට සමහරෙකුට හැකි වී තිබෙනවා. සමහරෙකු පංතියේ මිතුරන් සමඟ බයිබල් පාඩම් පටන්ගෙන තිබෙන අතර කැප වී බව්තීස්මය තෙක් දියුණු වීමට ඔවුන්ට උපකාර කර තිබෙනවා. ‘යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කිරීමට’ මේවා කදිම ක්‍රමයි.—ගීතා. 148:12, 13.
7. (අ) එක් සහෝදරයෙක් අන් අයට සාක්ෂිදැරීමට ලැබෙන ප්‍රස්තාවලින් ප්‍රයෝජන ගත්තේ කෙසේද? (ආ) ඔබටත් එවැනි අද්දැකීමක් ලැබී තිබෙනවාද?
7 එදිනෙදා කටයුතුවලදී ඔබට මිනිසුන්ව මුණගැසෙනවා නම් අපගේ මහිමවත් දෙවි සහ ඔහුගේ මවිතාකාර පොරොන්දු ගැන කතා කිරීමට මාර්ග සොයාගන්න. දිනපතා එකට දුම්රියේ ගමන් කරන මඟීන්ට සුදුසු අවස්ථාවලදී එක් සහෝදරයෙක් සාක්ෂි දරනවා. ඔහු එය කරන්නේ ඊළඟ දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය පොළේ බලා සිටියදීයි. ඔහු එක් තරුණයෙකුට සෑම දිනකම විනාඩි පහක් පමණ සාක්ෂිදැරුවා. එයින් ලැබුණ ප්‍රතිඵලය නම් එම තරුණයාත් ඔහුගේ මිත්‍රයාත් බයිබල් පාඩමක් කිරීමට කැමති වීමයි. ඔවුන් බයිබල් පාඩම පැවැත්තුවේ දුම්රියේ ගමන් කරන විටයි. ටික කලක් යන විට ඔවුන්ගේ සංවාදයන්ට සවන් දී සිටි වයසක ස්ත්‍රියක් පැමිණ ඇයටත් බයිබල් පාඩමක් කරන්න කියා එම සහෝදරයාගෙන් ඉල්ලා සිටියා. දැන් ඇයගේ බයිබල් පාඩමත් ඇය දුම්රියේ යන එන දිනයන්වලදී පැවැත්වෙනවා. මෙම ක්‍රමයට එම සහෝදරයා දුම්රියේදී දහදෙනෙකු සමඟ පාඩම් පවත්වා තිබෙනවා.
8. වියපත්ව සිටින නිසා හෝ සෞඛ්‍ය ගැටලු අද්දකින නිසා කළ හැකි දේ සීමිත අයට තම සේවය වැඩි කිරීමට තිබෙන ක්‍රමය කුමක්ද?
8 ඔබ වියපත්ව සිටින නිසා හෝ සෞඛ්‍ය ගැටලු අද්දකින නිසා ඔබට කළ හැකි දේ සීමිත නම් කුමක් කිව හැකිද? ඒ වුණත් යෙහෝවාට දෙන ප්‍රශංසාව වැඩි කරන්න ක්‍රම ඔබට තිබෙනවා. ඔබ දුරකථනයෙන් සාක්ෂිදැරීම අත්හදා බලා තිබෙනවාද? ඔබ මෙය කරන ආකාරය හරි හැටි නොදන්නවා නම් ඔබේ පොත්පාඩම් අවේක්ෂකට ඒ ගැන කියන්න. මෙම ක්‍රමය ගැන දන්න ප්‍රචාරකයන්ගෙන් ඔබට උපකාරයක් ලබා දෙන්න යම් සැලසුමක් යොදන්න ඔහුට හැකියි. එකට එක් වී එලෙස වැඩ කිරීමෙන් එකිනෙකාගෙන් ඉගෙනගැනීමටත් බලපෑමෙන් යුතුව සාක්ෂිදැරීමට උපකාර කිරීමටත් හැකියාවක් ලැබෙනවා. දුරකථන සාක්ෂිදැරීම සම්බන්ධයෙන් කදිම යෝජනා 2001 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ තිබෙනවා.
9. සභාව සමඟ ප්‍රසිද්ධ දේශනා සේවයේ හවුල් වීම සඳහා බයිබල් ශිෂ්‍යයෙකුට සුදුසුකම් ලබාගැනීමට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද?
9 සිහි කිරීමට සහභාගි වීමෙන් නවකයන්ට යෙහෝවාට දෙන ප්‍රශංසාව වැඩි කිරීමට උනන්දුවක් ඇති විය හැකියි. ඔවුන්ට ගෙයින් ගෙට සේවයේ සාක්ෂිදැරීමට තිබෙන භයෙන් මිදීමට උපකාර කිරීමට ඔබට හැකියි. එසේ කළ හැකි වන්නේ, ක්ෂේත්‍ර සේවයේදී ඔබ ලැබූ දිරිගන්වනසුලු අද්දැකීම් ගැන පැවසීමෙන් හා බයිබල් ඉගැන්වීම් පැහැදිලි කිරීමට හා ඔවුන්ගේ ඇදහිල්ල වෙනුවෙන් කතා කිරීමට ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරීමෙන්. (1 පේතෘ. 3:15) බයිබල් ශිෂ්‍යයෙක් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට කැමැත්තක් තිබෙන බව පවසයි නම්, මුලසුන භාර අවේක්ෂකට ඒ ගැන පවසන්න. සභාව සමඟ ප්‍රසිද්ධ දේශනා සේවයේ හවුල් වීමට එම ශිෂ්‍යයාට සුදුසුකම් තිබේදැයි තීරණය කිරීම සඳහා ඔහු ශිෂ්‍යයා සමඟ සාකච්ඡා කර බැලීමට සැලසුමක් යොදයි. පරමාධිපත්‍යය පිළිබඳ ප්රශ්නයේදී නවකයන් තමන්ගේ පැත්ත ගන්නවා දැකීමෙන් යෙහෝවාගේ හදවතට මොන තරම් සතුටක් දැනේවිද!—හිතෝ. 27:11.
10. (අ) හොඳ කාලසටහනක් උපකාරික පුරෝගාමි සේවයේ නියැලීමට අපට උපකාරවත් වන්නේ කෙසේද? (ආ) පසුගිය වසරේ සිහි කිරීමේ කාලය තුළ උපකාරික පුරෝගාමි සේවයේ නියැලෙන්න සැලසුම් යෙදීමට ඔබට හැකි වුණාද? සැලසුම් යොදාගත්තේ කොහොමද?
10 උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න ඔබට හැකිද? එසේ කිරීමේදී සැපිරිය යුතු පැය 50 ගැන සුළුවෙන් නොතැකිය යුතුයි. (මතෙ. 5:37) ඒ සඳහා ඔබ සෑම සතියකම පැය 12ක් ක්ෂේත්‍ර සේවයේ යෙදීමට සැලසුම් යෙදිය යුතුයි. උපකාරික පුරෝගාමි සේවය සඳහා 5වන පිටුවේ දී ඇති කාලසටහන්වලින් එකක් ඔබේ තත්වයන්ට ගැළපෙනවාද? එසේ නැත්නම්, මාර්තු, අප්‍රියෙල් හෝ මැයි මාසවලදී උපකාරික පුරෝගාමි සේවයේ නියැලීම සඳහා කාලසටහනක් සකසාගැනීමට ඔබට හැකිද? ඔබේ සේවා ක්‍රියාකාරකම් වැඩි කිරීමට ඔබ ගන්නා වෑයමට ආශීර්වාද කරන්න කියා යෙහෝවාගෙන් ඉල්ලන්න.—හිතෝ. 16:3.
11. උපකාරික පුරෝගාමි සේවයේ නියැලෙන අයට සහයෝගය දීමට වැඩිමහල්ලන්ට සහ සභා සේවකයන්ට හැක්කේ කෙසේද?
11 වැඩිමහල්ලන් සහ සභා සේවකයන් මෙම සිහි කිරීමේ කාලය තුළදී යෙහෝවාට විශේෂ ප්‍රශංසාවක් ගෙන දීම සඳහා ඔබ දරන වෑයම්වලට පූර්ණ සහයෝගය දෙනු ලබයි. ඔවුන්ගෙන් හුඟදෙනෙක්ද උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට ඉඩ තිබෙනවා. අවශ්‍යතා අනුව, දහවල් කාලයේ අපර භාගයේදී, සතියේ දිනවල සවස් වරුවේදී සහ සති අන්තවලදී සේවය සඳහා අමතර රැස්වීම් පැවැත්වීමට වැඩිමහල්ලන් කටයුතු යොදයි. එම රැස්වීම් පවත්වන්නේ කොතැනද, කොයි වෙලාවෙද, මූලිකත්වය ගත හැක්කේ කවරෙකුටද කියා තීරණය කිරීම සඳහා වැඩිමහල්ලන් පුරෝගාමි සේවයේ නියැලෙන්න ස්ථිර සැලසුම් යොදා තිබෙන හෝ එසේ කිරීමට බලාපොරොත්තු වන අය සමඟ කතා කරයි. ඔබ සේවයේ යෙදීමට වෙන් කරන දිනවලදී හා වේලාවන්වලදී ඔබ සමඟ සේවයේ නියැලීමට වෙනත් ප්‍රචාරකයන්ව සූදානම් කිරීම සඳහා වැඩිමහල්ලන් කටයුතු යොදන්න වෑයමක් ගනීවි. මෙලෙස යම් ස්ථිර සැලසුම් යෙදිය හැකි අතර හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි.—හිතෝ. 20:18.
12. සෑම අවස්ථාවකම යෙහෝවාට ප්‍රශංසා කරන්න අප පෙලඹෙන්නේ කුමක් නිසාද?
12 ඔබේ උපරිමය කරන්න: ඔබේ තත්වයන් නිසා ඔබට උපකාරික පුරෝගාමි සේවයේ නියැලීමට නොහැකි නම්, යෙහෝවා අපේ වෑයම් සහ කැප කිරීම් පිළිගන්නේ ‘අපිට නැති දේට අනුව නොව, අපිට ඇති දේට අනුව’ බව අමතක නොකරන්න. (2 කොරි. 8:12) යෙහෝවාට ස්තුති කරන්න අපිට බොහෝ හේතු තිබෙනවා. “සැම කල්හිම යෙහෝවාට ආශීර්වාද කරන්නෙමි; ඔහුගේ ප්‍රශංසාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය” කියා දාවිත් ලීවේ හොඳ හේතුවක් ඇතුවයි. (ගීතා. 34:1) මෙම සිහි කිරීමේ කාලයේදී අපගේ අධිෂ්ඨානයත් එයම වේවා!
[Box on page 3]
ඔබේ ක්‍රියාකාරකම් වැඩි කරන්නේ කොහොමද?
◼ මිනිසුන් නිවෙස්වල සිටින විට දේශනා සේවයේ නියැලෙන්න
◼ පොදු ස්ථානවලදී සාක්ෂි දරන්න
◼ සේවා ස්ථානයේ හෝ පාසැලේදී සාක්ෂි දරන්න
◼ දුරකථනයෙන් සාක්ෂි දරන්න
◼ උපකාරික පුරෝගාමි සේවයේ නියැලෙන්න
[Chart on page 5]
පකාරික පුරෝගාමි සේවය සඳහා කාලසටහනක් සෑම සතියකම පැය 12ක් ක්ෂේත්‍ර සේවයේ යෙදීමට හැකි ක්‍රම
සඳුදා සිට සෙනසුරාදා උදෑසන වරුව
වෙනත් දිනයක් වෙනුවට ඉරිදා දවස යොදාගත හැකියි.
දවස කාලය පැය
සඳුදා උදෑසන 2
අඟහරුවාදා උදෑසන 2
බදාදා උදෑසන 2
බ්‍රහස්පතින්දා උදෑසන 2
සිකුරාදා උදෑස 2
සෙනසුරාදා උදෑසන 2
එකතුව 12
සම්පූර්ණ දින දෙකක්
සතියේ ඕනෑම දින දෙකක් තෝරාගත හැකියි. (තෝරාගත් දින අනුව මෙම කාල සටහනෙන් මසකට ලැබෙන්නේ පැය 48ක පමණ එකතුවකි.)
දවස කාලය පැය
බදාදා සම්පූර්ණ දවස 6
සෙනසුරාදා සම්පූර්ණ දවස 6
එකතුව 12
සවස් වරු දෙකයි, සති අන්තයයි
සතියේ දිනවල සවස් වරු දෙකක් තෝරාගත හැකියි.
දවස කාලය පැය
සඳුදා සවස 1 1/2
බදාදා සවස 1 1/2
සෙනසුරාදා මුළු දවස 6
ඉරිදා දවස් භාගයක් 3
එකතුව 12
දහවල් වරු තුනක් සහ සෙනසුරාදාවක්
වෙනත් දිනයක් වෙනුවට ඉරිදා දවස යොදාගත හැකියි.
දවස කාලය පැය
සඳුදා දහවල් 2
බදාදා දහවල් 2
සිකුරාදා දහවල් 2
සෙනසුරාදා මුළු දවස 6
එකතුව 12
මගේ පෞද්ගලික සේවා කාලසටහන
වරුවකට කළ හැකි පැය ගණන තීරණය කරන්න.
දවස කාලය පැය
සඳුදා
අඟහරුවාදා
බදාදා
බ්‍රහස්පතින්දා
සිකුරාදා
සෙනසුරාදා
ඉරිදා
එකතුව 12