ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/05 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • නොවැම්බර් 14න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 21න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 28න් පටන්ගන්නා සතිය
  • දෙසැම්බර් 5න් පටන්ගන්නා සතිය
2005 අපගේ රාජ්‍ය සේවාව
km 11/05 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

නොවැම්බර් 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 220

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ පළමු යෝජනාව (ගැළපේ නම්) යොදාගෙන, නොවැම්බර් 1 මුරටැඹ සහ නොවැම්බර් 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන නිරූපණයක්ද ඉදිරිපත් කළ හැකියි. මේ එක් එක් නිරූපණයේදී, “මට ඔය ආගම්වලින් වැඩක් නැහැ” කියා පවසන කෙනෙකුට කතා කරන සැටි පෙන්වන්න.

විනා. 15: දෙවිගේ සිත සතුටු කරන සම්මාදම්. 2005 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 26-30 දක්වා පිටු මත පදනම් කතාවක්, වැඩිමහල්ලෙකු විසින්.

විනා. 20: “යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරන්න.”a මෙහි 4වන ඡේදය සලකා බලද්දී, යහපත් හැසිරීම මගින් සාක්ෂියක් දීමට හැකි වූ ආකාරය ගැන කෙටි අද්දැකීම් කීමට සබයෙන් ඉල්ලා සිටින්න.

ගීතිකා අංක 24 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 40

විනා. 10: සභා නිවේදන.

විනා. 20: යෙහෝවා දෙවි ඇත්තටම ඔබේ මිතුරාද? වර්ෂ 2005 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 25-28 දක්වා පිටු මත පදනම් කතාවක්, වැඩිමහල්ලෙකු විසින්. ආබ්‍රහම්, දාවිත් සහ එලියා යන අයගේ ආදර්ශවලින් ඉගෙනගන්නා පාඩම් අදාළ වන සැටි පෙන්වා දෙන්න.

විනා. 15: “හොඳින් නිරීක්ෂණය කරන්න.”b ගෙවැසියාගේ උනන්දුවට ලක් වූ යමක් හොඳින් නිරීක්ෂණය කරන ප්‍රචාරකයෙක් තමන් කියන දේ ඒ අනුව සකස් කරගන්නා ආකාරය නිරූපණය කරවන්න.

ගීතිකා අංක 67 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 7

විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ සම්මාදම් ලැබීම් ගැන කියවන්න. නොවැම්බර් මස සේවා වාර්තා භාර දෙන ලෙස සභාවට මතක් කරන්න. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා (ගැළපේ නම්) යොදාගනිමින්, නොවැම්බර් 15 මුරටැඹ සහ නොවැම්බර් 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන සැටි නිරූපණය කරවන්න. පිබිදෙව්! කලාපය සඳහා දෙවන යෝජනාව යොදාගන්න. වෙනත් ක්‍රමද යොදාගත හැකියි. ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම් කරන සැලැස්ම ගැනත් සඳහන් කරන්න.

විනා. 15: “කොහොමද අපි උදව් කරන්නේ?” කතාවක්. ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන අපේ සහෝදරයන්ට උදව් කිරීමට යෙහෝවාගේ සේවකයන් ගෙන ඇති ප්‍රයත්නයන් සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් සඳහන් කරන්න. (එවේක්! සඟරාවල මෙම කලාප බලන්න. 2003 අගෝස්තු 8 10-15පිටු; 2002 නොවැම්බර් 22 19-24පිටු සහ 2001 ඔක්තෝබර් 22 23-27පිටු. වෙනත් මූලාශ්‍රද යොදාගත හැකියි.) ඉන්පසු අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ සඳහන් මූලික කරුණුද සාකච්ඡා කරන්න. යම් කෙනෙක් සහන හා ශුභසාධන කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති නම්, එම මුදල් ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම් කිරීම වඩාත් හොඳ බව අවධාරණය කරන්න.

විනා. 18: දෙසැම්බර් මාසයේදී ශුභාරංචිය ඉදිරිපත් කිරීම. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. මුල් විනාඩි පහේදී, 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ සඳහන් “ඉදිරිපත් කිරීම් සඳහා දෙන යෝජනා යොදාගත හැකි අයුරු” යන කොටසේ මූලික තොරතුරු කෙටියෙන් පෙන්වන්න. (1) අපගේම වචනවලින් පැවසුවොත් එය වඩාත් සාර්ථකයි. (2) ප්‍රදේශයේ තත්වයට අනුව පණිවුඩය සකස් කරගැනීමට වගබලා ගැනීම. (3) ප්‍රදේශයේ ජනයා සිතන විදිහ සහ ඔවුන්ගේ පසුබිම සැලකිල්ලට ගත යුතුයි. (4) අප හොඳින් සූදානම් වී ගෙවැසියාට යම් පරිච්ඡේදයක තිබෙන මූලික කරුණු පෙන්විය යුතු අතර, ඒවා ගැන කලින්ම සිතා බැලිය යුතුයි. (5) මෙම යෝජනා පමණක් නොව, ගැළපෙන තවත් ක්‍රම යොදාගෙන ගෙවැසියාට කතා කළ හැකියි. දෙසැම්බර් මාසයට නියමිත පොත් පත් ඉදිරිපත් කිරීමේදී මෙම තොරතුරු යොදාගත හැකි ආකාරය ගැන සාකච්ඡා කරන්න. ඒවා යොදාගන්නා ආකාරය ගැන නිරූපණයක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න.

ගීතිකා අංක 123 සහ අවසාන යාච්ඤාව.

දෙසැම්බර් 5න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 38

විනා. 5: සභා නිවේදන.

විනා. 20: “තවත් බයිබල් පාඩම් පවත්වමුද?” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්, සේවා අවේක්ෂක විසින්. පවුල් පාඩම් ඇතුළු බයිබල් පාඩම් සාර්ථකව පැවැත්වීමට තවත් කළ හැකි දේවල් ගැන කතා කරන්න. සාර්ථකව පවුලේ පාඩමක් පවත්වන දෙමාපියෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම මගින් 5වන ඡේදයේ කරුණු කාවද්දන්න. මෙහි 8වන ඡේදය කියවා, එහි මූලික කරුණු 8 කැපීපෙනෙන්ට සලස්වන්න. මෙහි 13වන ඡේදයට අනුව, අනවශ්‍ය ලෙස ඕනෑවට වඩා තොරතුරු දෙන්නේ නැතිව මූලික කරුණු පමණක් කාවද්දවමින් සාර්ථකව පාඩම් පවත්වන ආකාරය විස්තර කිරීමට කලින්ම ප්‍රචාරකයෙකුව සූදානම් කරන්න. සභාව දියුණු වී ඇති පැති ගැන ප්‍රශංසා කරන්න.

විනා. 20: “අපේ දේවසේවයෙන් ඉටු වන දේවල්”c මෙහි 5වන ඡේදය සලකා බලන විට 2004 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 32වන පිටුවේ සඳහන් තොරතුරු සලකා බලන්න.

ගීතිකා අංක 26 සහ අවසාන යාච්ඤාව.

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න