සේවා රැස්වීම් වැඩසටහන
දෙසැම්බර් 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 32
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා යොදාගෙන (ගැළපේ නම්) දෙසැම්බර් 1 මුරටැඹ සහ දෙසැම්බර් 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඳහා පළමු යෝජනාව යොදාගන්න. ගැළපෙන වෙනත් ආකාරයක්ද නිරූපණය කළ හැකියි. මේ එක් එක් නිරූපණයෙන් පසුව, කොතරම් පහසුවෙන් බයිබල් පදයක් පෙන්විය හැකිදැයි වටහා දෙන්න.
විනා. 15: “මහත් ප්‍රයෝජන ගෙන දෙන පාසැලක්.” පාසැල් අවේක්ෂක විසින් දෙන කතාවක්. වර්ෂ 2005 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ කරුණු ඇතුළත් කරන්න.
විනා. 20: “ජීවනයට මඟ පාදන දැනුම.”a දෙවිගෙන් ලැබෙන දැනුමින් තමන් ප්‍රයෝජන ලබා ඇති ආකාරය ගැන අදහස් දැක්වීමට කලින්ම එක් කෙනෙක්ව හෝ දෙදෙනෙක්ව සූදානම් කරන්න.
ගීතිකා අංක 101 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 160
විනා. 5: සභා නිවේදන. වර්ෂ 2006 ජනවාරි පිබිදෙව්! කලාපය ඊළඟ සේවා රැස්වීමට රැගෙන එන ලෙස සියලුදෙනාටම මතක් කරන්න.
විනා. 15: “ගෙවැසියා පවසන දේට අනුව කතා කරන්න.”b ගෙවැසියා පවසන දේට අනුව තමන් කියන දේ සකස් කරගත හැකි ආකාරය ගැන පෙන්වීමට කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න.
විනා. 25: “ඔබේ දරුවා හරි තීරණයක් ගනීවිද?”c වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවිය යුතුයි. දක්ෂ ලෙස කියවන සහෝදරයෙකු ලවා සෑම ඡේදයක්ම කියවන්න. උපුටා දක්වා නැති සියලුම බයිබල් පද සාකච්ඡා කරන්න. මෙහි 2වන ඡේදය සලකා බැලුවායින් පසු, 1991 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 16-17 පිටුවල ඇති 16-17 ඡේදවල සහ 17 වන පිටුවේ කොටුවේ සඳහන් යෞවනයාගේ සහ යෞවනියගේ අද්දැකීම්වල වෙනස විග්‍රහ කර බලන්න. මෙම මුරටැඹ කලාපයේ සඳහන් සම්පූර්ණ ලිපිය තම දරුවන් සමඟ සාකච්ඡා කරන ලෙසත් රුධිරය ගැන බයිබලයේ දී ඇති නියෝගය ගැන දරුවන් විශ්වාස කරන දේ ගැන තවත් කෙනෙකුට පවසන ආකාරයත් පෙරහුරුවක් කිරීමටත්, මෙම කොටස අවසානයේදී දෙමාපියන්ව දිරිගන්වන්න. බව්තීස්ම ලත් සෑම දරුවෙක්ම වෛද්‍ය නියෝග කාඩ්පතද බව්තීස්ම නොලත් සෑම දරුවෙක්ම රුධිර නියෝගය ගැන සඳහන් හැඳුනුම් පතද ඔවුන් යන සෑම තැනකටම රැගෙන යන බවට දෙමාපියන් සහතික විය යුතුයි. යමෙක් රෝහල්ගත වී රුධිර ප්‍රවේශන සම්බන්ධ ප්‍රශ්නය පැනනඟියි නම්, උපකාර ලබාගැනීම සඳහා වැඩිමහල්ලන් තම ප්‍රදේශයේ රෝහල් සබඳතා කමිටුව ඇමතිය යුතුයි.
ගීතිකා අංක 56 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 85
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. දෙසැම්බර් සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. ඔබේ සභාව නව වසරේ රැස්වීම් වේලාවන් වෙනස් කරන්නේ නම්, ඒ ගැන නිවේදනය කරන්න. ජනවාරි මස ඉදිරිපත් කරන පොත් පත් ගැන සඳහන් කරන්න. ඒවා ඉදිරිපත් කරන ආකාරය ගැන යෝජනා සඳහන් වී ඇති පොත් පත් හා ඒවායේ පිටු සඳහන් කරන්න.
විනා. 15: “දේවසේවයේ යෙදීමට ඔබේ සහෝදරයන්ට උදව් කරන්න.”d
විනා. 20: පිබිදෙව්! සඟරාවේ අලුත් මුහුණුවර. කතාවක් සහ සාකච්ඡාවක්. වර්ෂ 2005 මාර්තු අපගේ රාජ්‍ය සේවාවේ 1 පිටුවේ, 5-6 ඡේදවල නිවේදනය කළ වෙනස්කම් ගැන සඳහන් කරන්න. වර්ෂ 2006 ජනවාරි පිබිදෙව්! කලාපයේ 3-4 පිටුවල සඳහන් “පාඨකයන්ගේ දැනගැනීම සඳහායි” යන කොටසේ ඇති අදහස්ද ඇතුළත් කරන්න. මෙම සඟරාව එහි පාඨකයන්ව කෙළින්ම බයිබලය වෙතට යොමු කරන ආකාරය පෙන්වන උදාහරණ දෙන්න. මෙහි 31වන පිටුවේ සඳහන් නව අංගය ගැන අදහස් දක්වන මෙන් සබයෙන් ඉල්ලා සිටින්න. අප මුලින්ම කෙනෙක්ව හමු වන විට මුරටැඹ සහ පිබිදෙව්! කලාප දෙකක් එකට ඉදිරිපත් කරමු. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා යොදාගෙන (ගැළපේ නම්), දෙසැම්බර් 15 මුරටැඹ සහ දෙසැම්බර් 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා දෙවෙනි යෝජනාව යොදාගන්න. වෙනත් සුදුසු ඉදිරිපත් කිරීමක්ද යොදාගත හැකියි.
ගීතිකා අංක 222 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 5
විනා. 5: සභා නිවේදන
විනා. 15: “බයිබල් පොත් පත් නාස්ති කරන්න එපා.”e වර්ෂ 2002 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 1වන පිටුවේ තොරතුරු ඇතුළත් කරන්න.
විනා. 25: “දිරිගන්වමින් එකිනෙකාගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න.”f අද්දැකීම් ලත් ප්‍රචාරකයෙක් වයසක හෝ අසනීප කෙනෙකුව බැහැදැක දිරිගන්වන ආකාරය පිළිබඳ නිරූපණයක් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 48 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
f හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.