පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2010 අප්‍රියෙල් 26න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2010 මාර්තු 1 සිට අප්‍රියෙල් 26 දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවයි.
1. “යෙහෝවා දෙවි මාව අවමානයට ලක් කළා. සියලු බලැති දෙවි මා පිටට දුක් කරදර ගෙනාවා” කියා නායොමි පැවසුවේ ඇයි? (රූත් 1:21) [w05 3/1 27 පි. 1, 3 ඡේ.]
2. රූත් “අගනා කාන්තාවක්” ලෙසට හොඳ නමක් දිනාගත්තේ ඇය සතු කුමන ගුණාංග නිසාද? (රූත් 3:11) [w05 3/1 28 පි. 6 ඡේ.]
3. “පුත්තු දහදෙනෙකුට වඩා ඔබට මාව වටින්නේ නැද්ද” කියා එල්කානා තම භාර්යාවගෙන් ඇසූ විට ඇගේ දුක තුනී වී ඇය ශක්තිය ලැබුවේ කොහොමද? (1 සාමු. 1:8) [wE90 3/15 27 පි. 5-6 ඡේ.]
4. ඊශ්‍රායෙල්වරුන් රජ කෙනෙකු ඉල්ලීම නුසුදුසු දෙයක් වුණේ ඇයි? (1 සාමු. 8:5) [w05 9/15 20 පි. 17 ඡේ.; it-2 163 පි. 1 ඡේ.]
5. ‘හිසකෙස් පැසී මහලු’ වයසේ පසු වූ සාමුවෙල් අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් වුණේ කොහොමද? මින් පැහැදිලි වන්නේ මොකක්ද? (1 සාමු. 12:2, 23) [w07 6/1 29 පි. 14-15 ඡේ.]
6. කේනිවරුන්ට සාවුල් විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ඇයි? (1 සාමු. 15:6) [w05 3/15 22 පි. 10 ඡේ.]
7. “පුතේ, ඔබේ පියා කවුද” කියා සාවුල් රජ දාවිත්ගෙන් ඇසුවේ ඇයි? (1 සාමු. 17:58) [[w07 8/1 31 පි. 3, 5 ඡේ.]
8. ගාත්හිදී මුහුණ පෑමට සිදු වූ අසීරු තත්වයෙන් දාවිත් ජය ගත් ආකාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (1 සාමු. 21:12, 13) [w05 3/15 24 පි. 4 ඡේ.]
9. ඒන්-දෝර් නගරයේ විසූ මායාකාරියකගෙන් සාවුල් අදහස් විමසුවා. මෙම අවාදර්ශයෙන් උගත හැකි පාඩම මොකක්ද? (1 සාමු. 28:8-19)[w05 3/15 24 පි. 7 ඡේ.]
10. 1 සාමුවෙල් 30:23, 24හි සඳහන් සිද්ධියෙන් අපිට උගත හැකි පාඩම මොකක්ද? [w05 3/15 24 පි. 8 ඡේ.]