‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
ජනවාරි 10-16
දේවවචනය නිධානයක් | විනිශ්චයකරුවෝ 17-19
“අකීකරුකම විනාශයට පාර කපයි”
it-2-E 390-391
මීකා
1. මීකාට දේවාලයක් තිබුණා. එයා ඒෆොද් හැට්ටයකුත් ටෙරෆිම් රූපත් හදාගෙන ඒ දේවාලයේ පූජකයෙක් විදිහට සේවය කරන්න එයාගේ පුතෙක්ව පත් කළා. පේන විදිහට එයා ඒ දේවල් කළේ යෙහෝවා දෙවියන් වෙනුවෙන් වුණත් යෙහෝවා ඒ ගැන පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. ඒ ඇයි? නීතියේ පැහැදිලිව කියලා තිබුණා රූප හදාගන්න එපා කියලා. (නික් 20:4-6) ඒ වගේම නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමට යන්න ඕනෙ කියලත් පූජා ඔප්පු කරන්න ඕනෙ එහේ ඉන්න පූජකයන් කියලත් නීතියේ කියලා තිබුණා. මීකා ඒ නීති ඔක්කොම කඩ කළා. (විනි 17:1-6; ද්වි 12:1-14) පස්සේ කාලෙක මීකා මෝසෙස්ගේ මුණුපුරෙක් වුණ යොනාතාන්ට පඩියක් දීලා එයාව පූජකයෙක් විදිහට තියාගත්තා. (විනි 18:4, 30) මීකා හිතුවා එයා කරපු දේවල් ගැන යෙහෝවා සතුටු වෙයි කියලා. ඒ නිසයි “දැන් නම් යෙහෝවා දෙවි මට ආශීර්වාද කරයි” කියලා එයා කිව්වේ. (විනි 17:7-13) හැබැයි යොනාතාන් ආරොන්ගේ පුතෙක් නෙවෙයි. ඒ නිසා එයාව පූජකයෙක් විදිහට පත් කරන්න අවසර තිබුණේ නැහැ. (ගණන් 3:10) ඒ වතාවේදිත් මීකා කළේ ලොකු වරදක්.
it-2-E 391 2¶
මීකා
ටික කාලෙකට පස්සේ මීකා තව කට්ටියක් එක්ක දාන් ගෝත්‍රයේ අයගේ පස්සෙන් ගියා. එයාලව මුණගැහුණාම දාන්වරු මීකාගෙන් ඇහුවා ‘ඇයි මොකක්ද ප්‍රශ්නේ’ කියලා. එතකොට මීකා මෙහෙම ඇහුවා. “ඔබ මගේ දෙවිවරුන්වයි, මගේ පූජකයාවයි අරගෙන ගියාම මට මොනවාද ඉතුරු වෙන්නේ?” ඒ වෙලාවේ දාන් ගෝත්‍රයේ අය මීකාට තදින්ම කිව්වා ඔයා දිගටම අපේ පස්සෙන් ආවොත් ඔයාට ගුටි කන්න තමයි වෙන්නේ කියලා. මීකා තේරුම්ගත්තා එයාට වඩා දාන් ගෝත්‍රයේ අය හුඟක් බලවත් කියලා. අන්තිමට එයා හිස් අතින් හැරිලා ගෙදර ගියා.—විනි 18:22-26.
පෙබරවාරි 21-27
දේවවචනය නිධානයක් | 1 සාමුවෙල් 6-8
“ඔයාගේ රජ කවුද?”
it-2-E 163 1¶
දේවරාජ්‍යය
රජෙක්ව ඉල්ලයි. මේ වෙද්දී යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන අවුරුදු 400ක් විතර ගෙවිලා තිබුණා. ඒ වගේම යෙහෝවා ආබ්‍රහම් එක්ක ගිවිසුමක් ඇති කරගෙන අවුරුදු 800කටත් වඩා ගෙවිලා තිබුණා. දැන් ඊශ්‍රායෙල්වරු කියනවා එයාලටත් අවට ජාතීන්ට වගේ රජෙක්ව ඕනෙ කියලා. එහෙම කරපු එකෙන් එයාලා කළේ යෙහෝවා දෙවියන්ව එයාලගේ රජ විදිහට පිළිගන්න එක ප්‍රතික්ෂේප කරපු එකයි. (1සාමු 8:4-8) යෙහෝවා රාජ්‍යයක් පිහිටුවනවා කියලා ආබ්‍රහම්ටයි, යාකොබ්ටයි දීලා තිබුණ පොරොන්දුව ඊශ්‍රායෙල්වරු හොඳින්ම දැනගෙන හිටියා. ඇත්ත, දෙවියන් ඒ රාජ්‍යය පිහිටුවන්නේ කවදාද, ඒක පිහිටුවන්නේ ස්වර්ගයේද, පොළොවේද කියලා ඊශ්‍රායෙල්වරු දැනන් හිටියේ නැහැ. හැබැයි දෙවියන් අනිවාර්යයෙන්ම රාජ්‍යයක් පිහිටුවනවා කියලා එයාලා හොඳින්ම දැනන් හිටියා. ඒත් හිතුමතේට වැඩ කරපු ඊශ්‍රායෙල්වරු එයාලට රජෙක් ඕනෙ කියලා කිව්වා.