ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/11 2 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බයිබල් පොත් පත් නාස්ති කරන්න එපා
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබ බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා අලුත් මෙවලම පාවිච්චි කරමින් සිටිනවාද?
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • අපගේ පොත් පත්වල පෙනුම මොන වගේද?
    2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 12/11 2 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ කෙනෙකුට අපගේ සඟරා ලබා දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ කොහොමද?

එය ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ ඒ පුද්ගලයා දක්වන උනන්දුව මතයි. අපගේ පොත් පත් කියවීමට ඔහු අවංක උනන්දුවක් දක්වයි නම් සඟරා දෙකක්, මාසික සඟරාවක්, පොතක් හෝ මාසයට අදාළව ඉදිරිපත් කරන ප්‍රකාශනයක් ඔහුට දෙන්න පුළුවන්. අපගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා සම්මාදම් කිරීමට ඔහු සතුව මුදල් තිබුණත් නැතත් එවැනි කෙනෙකුට අපගේ ප්‍රකාශන ලබා දිය හැකියි. (යෝබ් 34:19; එළි. 22:17) නමුත් අපගේ ප්‍රකාශන අගය නොකරන අයට අප ඒවා දෙන්නේ නැහැ.—මතෙ. 7:6.

නිවැසියා උනන්දුව දක්වන කෙනෙක්ද කියා තේරුම්ගන්න පුළුවන් කොහොමද? ඔහු අප සමඟ අදහස් හුවමාරු කරගැනීමට කැමැත්තක් දක්වයි නම්, හොඳින් සවන් දෙයි නම්, ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දී ඔහුගේ අදහස ප්‍රකාශ කරයි නම් ඔහු උනන්දුව දක්වන කෙනෙකු කියා තීරණය කළ හැකියි. බයිබල් පදයක් කියවන විට ඔහු ඊට හොඳ අවධානයක් දෙයි නම් ඔහු දේවවචනයට ගරු කරන බවද තේරුම්ගත හැකියි. එමෙන්ම අප ලබා දෙන ප්‍රකාශන කියවනවාද කියා ඔහුගෙන් අසන්න පුළුවන්. කෙනෙක් උනන්දුව දක්වනවාද නැද්ද කියා අවබෝධ කරගැනීමට ප්‍රචාරකයන් තම නුවණ පාවිච්චි කිරීම අවශ්‍යයි. උදාහරණයකට වීදි සේවයේ යෙදෙන අවස්ථාවක් ගැන සිතන්න. අපව පසු කරගෙන යන සෑම කෙනෙකුටම අපගේ ප්‍රකාශන ලබා දීම සුදුසු දෙයක් නොවිය හැකියි. කෙනෙක් උනන්දුව දක්වනවාද නැද්ද කියා නිශ්චය කරගැනීම දුෂ්කර අවස්ථාවලදී කළ හැකි හොඳම දෙය වන්නේ ඔහුට පත්‍රිකාවක් ලබා දීමයි.

ප්‍රචාරකයන් දේවසේවය සඳහා පොත් පත් ලබාගන්නේ දේවසේවයේ ඇති අවශ්‍යතාවට අනුව මිස තමාට දිය හැකි සම්මාදම් ප්‍රමාණයට අනුව නොවෙයි. කෙනෙක් ලබා දෙන සම්මාදම් යොදාගන්නේ පොත් පත් මුද්‍රණය ඇතුළු ලෝක ව්‍යාප්ත සේවයට අයත් සෑම අංගයක් සඳහාමයි. අපගේ ආර්ථික මට්ටම කුමක් වුණත් අපට ඇති දේ සතුටු සිතින් දීමට අප පෙලඹෙන්නේ දේවරාජ්‍යයේ වැඩකටයුතු කෙරෙහි අපට ඇති අගය නිසයි. (මාක් 12:41-44; 2 කොරි. 9:7) ඒ නිසා විශාල මුදලක් වැය කරමින් මුද්‍රණය කරන අපගේ ප්‍රකාශන අපතේ නොයවා දේවසේවයට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබාගනිමු.

[2වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෙනෙක් උනන්දුව දක්වනවාද නැද්ද කියා අවබෝධ කරගැනීමට ප්‍රචාරකයන් තම නුවණ පාවිච්චි කිරීම අවශ්‍යයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න