බයිබල් පොත් පත් නාස්ති කරන්න එපා
1, 2. බොහෝදෙනෙකුට අපේ පොත් පත් ගැන හැඟෙන්නේ කෙසේද? මේ ගැන අපට අසාගත හැකි ප්රශ්නය කුමක්ද?
1 “මම 1965 ඉඳලා ඔබේ පොත් පත් කියවන කෙනෙක්. මම ඒවා කියවනකොට බයිබලය පෙරළා බලනවා. කියවන හැම දෙයක්ම බයිබලයෙන් අරන් තියෙන බව මට පේනවා. දෙවි සහ යේසුස් ගැන නිවැරදි සත්‍යය දැනගන්න මට ලොකු ආශාවක් තිබුණා. ඔබේ පොත් පත්වලින් සහ බයිබලයෙන් හරි උත්තර ලැබෙනවා කියලා මට අවංකව කියන්න පුළුවන්.” මේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයට කෙනෙක් එවූ ලිපියක්. එම තැනැත්තා බයිබල් පාඩමක්ද ඉල්ලා තිබුණා.
2 කෘතගුණ දැක්වූ ඒ තැනැත්තා මෙන් ලොව වටා මිලියන ගණනක් දෙනා, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් සපයන බයිබල් පොත් පත් බොහෝ සෙයින් අගය කරනවා. (මතෙ. 24:45) සෑම වසරකම නිකුත් වන ඒ පොත් පත් කන්දරාව මගින් අවංක ජනයාට “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම” ලැබීමට උපකාර කර තිබෙනවා. (1 තිමෝ. 2:4) මේවා නාස්ති නොකර හොඳින් යොදාගැනීමට අපට හැක්කේ කොහොමද?
3. පොත් පත් නාස්ති වීම වැළැක්විය හැක්කේ කෙසේද?
3 නාස්ති කරන්න එපා: අප ළඟ අප පාවිච්චි කරනවාට වඩා පොත් පත් ගොඩගැසෙන්න පුළුවනි. මේ වටිනා පොත් පත් නාස්ති වීම වළක්වාගන්නේ කොහොමද? සේවය සඳහා පොත් පත් ලබාගන්න විට කල්පනාකාරී වන්න. එකවර පොත් පත් රාශියක් ලබාගන්නවා වෙනුවට, පිටපත් එකක් හෝ දෙකක් එක අවස්ථාවකදී රැගෙන ඒවා බෙදා දුන්නායින් පසුව තවත් පොත් පත් ලබාගන්න පුළුවන්. මෙසේ කරන විට පොත් පත් අනවශ්‍ය ලෙස අපේ ගෙවල්වල ගොඩගැසෙන්නේ නැහැ. ඒ වගේම බෙදා දී නැති සඟරා අපේ නිවෙස්වල ගොඩගැසී තිබෙනවා නම් අප ඉල්ලුම් කරන සඟරා ගණන අඩු කිරීම හොඳයි.
4. යම් සභාවකට වැඩිපුර පොත් පත් තිබේ නම් කුමක් කළ හැකිද?
4 වැඩිපුර පොත් පත්: යම් සභාවක පොත් පත් වැඩිපුර ගොඩගැසී ඇත්නම්, පොත් පත් සම්බන්ධීකාරක සහෝදරයා වෙනත් සභාවලින් ඒවා අවශ්‍යදැයි කියා විමසිය යුතුයි. එලෙසම ඒවා තමන්ගේ පවුල්වල අයට, බයිබල් ශිෂ්‍යයන්ට හා වෙනත් අයට බෙදා දීමට ප්‍රචාරකයන්ට හැකියි. යම් කලකට පෙර මුද්‍රණය කළ පොත් පත් ලබාගැනීමට අලුත් අය කැමති වේවි.
5. අපේ පොත් පත් අප අගය කරන බව පෙන්වන්නේ කෙසේද?
5 අපේ පොත් පත් මුද්‍රණය කරන්නේ යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ අරමුණු ගැන වැඩියෙන් දැනගැනීමට අවංක ජනයාට උපකාර කිරීමටයි. ප්රාතිහාර්යක් කර ලබා දුන් ආහාර නාස්ති කිරීමට යේසුස් කැමති වුණේ නැහැ වගේම අපත් අප සතු වටිනා බයිබල් පොත් පත් නාස්ති වෙනවාට කැමති නැහැ. ඒවා හොඳින් පාවිච්චි යුතුයි. (යොහ. 6:11-13) මෙම පොත් පත් අපේ බෑග්වල සහ පොත් රාක්කවල ගොඩගැසී තිබුණොත් ඒවායේ අඩංගු ජීවනයේ පණිවුඩය අවංක හදවත් ඇති ජනයා වෙතට යන්නේ කොහොමද? ඒ නිසා, දේවසේවයේ යෑමට පෙර සාධාරණ ප්‍රමාණයකින් පොත් පත් ලබාගෙන ඒවා අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදා දීමට අපි වෑයම් කරමු.—ෆිලි. 4:5.