දිව්‍යාණ්ඩු කටයුතු සඳහා යොදවන සම්පත් අගය කරමු
1 දේවමාළිගාව අලුත්වැඩියා කිරීම සැලසුම් කිරීමේදී යොෂියා රජ එම වැඩය කිරීමට පැවරුම් ලද අයට මෙසේ ප්‍රශංසා කළා. ‘ඔවුන් විශ්වාසවන්ත ලෙස වැඩ කටයුතු කරන බැවින් ඔවුන් අතට දෙන මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොකළ යුතුයි.’ (2 රාජා. 22:3-7) එම මිනිසුන් පරිශුද්ධ දේවල් ඉතා අනර්ඝ කොට සැලකූ බව ඔවුන්ට භාර දුන් සම්පත් ඔවුන් පාවිච්චි කළ ආකාරයෙන් පැහැදිලිව දැකගත හැකි වුණා. අදදින අප නිරත වන දෙවිගේ ශුභාරංචිය දේශනා කිරීමත් ශුද්ධ වැඩක්. මේ නිසා එදා දේවමාළිගාව අලුත් වැඩියා කිරීමෙහි හවුල් වූ මිනිසුන් මෙන් අපත් මේ සේවයේ හවුල් වෙද්දී අපට දී තිබෙන සම්පත් විශ්වාසවන්ත ලෙස පාවිච්චි කරන බව පෙන්වීම අවශ්‍යයි.
2 ක්ෂේත්‍ර සේවයේදී: අපේ ප්රකාශනවල අන්තර්ගත අතිවැදගත් පණිවිඩය වටහාගෙන එය අගය කරනවා නම් හා ඒවා මුද්‍රණය කිරීමට වැය කර තිබෙන වියදම් ගැන සිතනවා නම් අප ඒවා සලකන්නේ ඉතාමත් වටිනා දේවල් ලෙසයි. බයිබලයේ සඳහන් පණිවිඩය කෙරෙහි සැබෑ අගය කිරීමක් නොපෙන්වන අයට අපේ පොත් පත් සඟරා ආවාට ගියාට ලබා නොදිය යුතුයි. යම් පුද්ගලයෙක් ශුභාරංචියට දක්වන උනන්දුව අඩු නම් ඔහුට හෝ ඇයට පොත් පත් සඟරා දෙනවා වෙනුවට පත්‍රිකාවක් දෙන්න අපට පුළුවන්.
3 පොත් පත් හා සඟරා වටිනා දේවල් ලෙස අප සලකන බව ඒවා බෙදාහරින ආකාරයෙන් පෙන්වන්න. කැමති අයට ලබාගැනීම සඳහා ඒවා ප්‍රසිද්ධ ස්ථානවල තබා යන්න එපා. මෙසේ කිරීමෙන් ඒවා නිකරුණේ සීසීකඩ විසිරී යන්න පුළුවනි. නාස්තිය වැළැක්වීම සඳහා අප තවත් පොත් පත් සඟරා ලබාගැනීමට කලින්, දැනටමත් නිවසේ කොපමණ පොත් පත් සඟරා තිබෙනවාද කියා බලන්න. සඟරාවල සෑම කලාපයකින්ම යම් ප්‍රමාණයක් සැමදාම ඉතුරු වෙනවා නම් ඔබ ලබාගන්න ප්‍රමාණය අඩු කිරීම ගැන කල්පනා කර බලන්න.
4 පෞද්ගලික පාවිච්චිය සඳහා ප්‍රකාශන: අප ඉල්ලුම් කළ යුත්තේ ඇත්තටම අපට අවශ්‍ය කරන ප්‍රකාශන පමණයි. අප ඩිලක්ස් බයිබල්, යොමු සටහන් සහිත බයිබල් ඇතුළු කොන්කෝඩන්ස්, සූචිය (ඉන්ඩෙක්ස්), තීක්ෂ්ණ බුද්ධිය (ඉන්සයිට්) වෙළුම් සහ ප්‍රකාශකයෝ (ප්රොක්ලේමර්ස්) වැනි විශාල ප්‍රකාශන ඉල්ලුම් කිරීමේදී කිසිම ආකාරයකින් නාස්තියක් නොවීම සඳහා අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මේ සෑම ප්‍රකාශනයක්ම මුද්‍රණය කිරීමට සැලකිය යුතු මුදලක් වැය කර තිබෙනවා.
5 ඔබේ පෞද්ගලික පිටපත්වල නම සහ ලිපිනය ඔබ අමතක නොකර ලියනවාද? ඔබේ පෞද්ගලික පිටපතක් නැති වූ අවස්ථාවලදී අලුත් පිටපත් ලබාගැනීමේ අවශ්‍යතාව හැකි තරම් අඩු කරගැනීමට එසේ කිරීම උපකාරවත් වෙයි. ඔබේ ගීතිකා පොත, බයිබලය හෝ වෙනත් ප්රකාශනයක් නැති වුණොත් රාජ්‍ය ශාලාවේ හෝ එක්රැස්වීම් භූමියේ තිබෙන නැති වූ දේවල් තබන ස්ථානයෙන් සමහරවිට ලබාගන්න පුළුවන්.—ලූක් 15:8, 9.
6 අපේ පොත් පත් පාවිච්චි කිරීමේදී විචක්ෂණ බුද්ධිය පාවිච්චි කිරීමට වෑයම් කරමු. මෙසේ කිරීමෙන් යෙහෝවා අපට විශ්වාසයෙන් යුතුව බාර දී තිබෙන රාජ්‍ය ක්‍රියාකාරකම් හා යොදවන සම්පත් පාවිච්චි කිරීමේදී අපේ විශ්වාසවන්තභාවය පෙන්වීමට අපට හැකියි.—ලූක් 16:10.