ගොඩගැසී ඇති පොත්වලින් ප්‍රයෝජන ගනිමු
බොහෝ සභාවල වසර ගණනාවකට පෙර පළ වූ පොත්, සභා පොත් පත් තොගයේ ගොඩගැසී තිබෙනවා. එම පොත්වල වටිනාකම අදටත් අඩු වී නැහැ. එමනිසා ඔබේ පෞද්ගලික පුස්තකාලයේ නැති පොත් එහි තිබෙනවා නම් ඒවා ලබාගන්න ඔබට පුළුවන්. සමහරවිට CD තැටියේ තිබෙන මුරටැඹ පුස්තකාලය භාවිත කරමින් එම ප්‍රකාශන කියවීමට ඔබට හැකි වුණත් මුද්‍රිත ප්‍රකාශන තිබීම ඉතා ප්‍රයෝජනවත්. ඔබ දියුණුවක් ලබමින් සිටින ශිෂ්‍යයෙකු සමඟ පාඩමක් පවත්වමින් සිටිනවා නම් එම පොත් ලබාගෙන පෞද්ගලික පුස්තකාලයක් ආරම්භ කිරීමට ඔහුව දිරිගැන්විය හැකියි. සභාවේ පුස්තකාලයේ නැති සමහර පොත් එම පොත් තොගයේ තිබෙනවා නම් එම අඩුව පිරවීමට සේවා පාසැල මෙහෙයවන්නා වගබලා ගත යුතුයි. ඒවා ගොඩගැසීමට ඉඩහරිනවා වෙනුවට ඉන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරමු.