ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/12 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 2/12 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2012 පෙබරවාරි 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට පර්යේෂණ කිරීම සඳහායි.

1. යෙහෝවා දෙවිගේ දයාව නිසා ඔහු යුක්තිය නිසි ලෙස ඉටු නොකරයි කියා සිතීම සාධාරණද? (යෙසා. 30:18) [ජන. 9, w02 3/1 30 පි.]

2. රජ මාලිගාව භාරව සිටීමේ තනතුරෙන් ෂෙබ්නාව ඉවත් කිරීමේ සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (යෙසා. 36:2, 3, 22) [ජන. 16, w07 1/15 8 පි. 6 ඡේ.]

3. දුෂ්කරතාවලට මුහුණ දෙන විට යෙසායා 37:1, 14-20හි සඳහන් දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? [ජන. 16, w07 1/15 9 පි. 1-2 ඡේ.]

4. යෙසායා 40:31හි භාවිත කර ඇති නිදර්ශනයෙන් දෙවිගේ සේවකයන්ට දිරිගැන්වීමක් ලැබෙන්නේ කෙසේද? [ජන. 23, w96 6/15 10-11 පි.]

5. ඉදිරියේදී සිදු වීමට නියමිත ප්‍රහාරයේදී යෙසායා 41:14හි සඳහන් දෙය අපට දිරිගැන්වීමක් වන්නේ කෙසේද? [ජන. 23, ip-2a 24 පි. 16 ඡේ.]

6. “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට වෙර දරන” අය බව අපට පෙන්වන්න පුළුවන් කොහොමද? (යෙසා. 51:1) [පෙබ. 6, ip-2 165 පි. 2 ඡේ.]

7. යෙසායා 53:12හි සඳහන් “බොහෝදෙනෙකු” කියන්නේ කාටද? යෙහෝවා දෙවි ඔවුන් සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? [පෙබ. 13, ip-2 213 පි. 34 ඡේ.]

8. යෙසායා 60:17හි සංකේතවත් ආකාරයෙන් විස්තර කර ඇති දේ දෙවිගේ සෙනඟ මෙම අවසාන කාලයේදී අද්දැක තිබෙන්නේ කෙසේද? [පෙබ. 20, ip-2 316 පි. 22 ඡේ.]

9. යේසුස්ට හා ඔහුගේ අනුගාමිකයන්ට ප්‍රකාශ කිරීමට පැවරුණු “යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද” කුමක්ද? (යෙසා. 61:2) [පෙබ. 20, ip-2 324-325 පි. 7-8 ඡේ.]

10. යෙසායා 63:9හි අවධාරණය කර තිබෙන යෙහෝවා දෙවිගේ සිත් ඇදගන්නා ගුණාංගය කුමක්ද? [පෙබ. 27, w03 7/1 19 පි. 22-23 ඡේ.]

[පාදසටහන]

a යෙසායාගේ අනාවැකිය-2

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න