නිවැසියා ගැන හිතන්න
1. මුල් ක්‍රිස්තියානීන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
1 මුල් ක්‍රිස්තියානීන් එක එක සංස්කෘතීන්ට සහ ආගම්වලට අයත් අයට දේශනා කළා. (කොලො. 1:23) එයාලා දේශනා කළේ දේවරාජ්‍යය ගැන වුණත් නිවැසියාට අනුව පණිවිඩය කියපු විදිහ වෙනස් කළා. උදාහරණයකට යුදෙව්වන්ට ශුද්ධ ලියවිල්ල ගැන ලොකු ගෞරවයක් තිබුණ හින්දා එයාලට කතා කරද්දී පේතෘස්, යෝවෙල්ගේ පොතෙන් උපුටලා කතා කළා. (ක්‍රියා 2:14-17) අනික් අතට ක්‍රියා 17:22-31 කියන විදිහට ග්‍රීකවරුන්ට කතා කරද්දී පාවුල් පාවිච්චි කළේ වෙනස්ම ක්‍රමයක්. අද කාලේ සමහර පැතිවල ඉන්න මිනිස්සු බයිබලයට ගරු කරන නිසා ගෙයින් ගෙට යද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට බයිබලය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බයිබලය ගැන හෝ ආගම් ගැන උනන්දුවක් නැති එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි ආගමකට අයිති නැති කෙනෙක්ව හම්බ වුණොත් අපේ ක්‍රමය වෙනස් කරන්න වෙයි.
2. බයිබලයට කැමති හෝ අකමැති කෙනෙක්ට ප්‍රකාශන ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම මොනවාද?
2 ප්‍රකාශන හොඳින් පාවිච්චි කරන්න: මේ සේවා වසරේ ඉඳන් සේවයේදී ඉදිරිපත් කරන ප්‍රකාශන වෙනස් වෙන්නේ මාස දෙකකට සැරයයි. ඉදිරිපත් කිරීමට මාසික සඟරා, මාසික නොවන සඟරා සහ පත්‍රිකා ඇතුළත් වෙනවා. මිනිස්සු බයිබලයට එච්චර කැමති නැත්නම් ඉදිරිපත් කරන ප්‍රකාශනයේ තියෙන, එයාලා උනන්දු වෙන දෙයක් ගැන කතා කරන්න පුළුවන්. මුල් හමුවීමේදී අපි කෙළින්ම බයිබල් පදයක් පෙන්නන්නේ හෝ බයිබලයේ තියෙන පණිවිඩයක් ගැන කතා කරනවා කියන අදහස එයාලට දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් නිවැසියා උනන්දු කෙනෙක් නම් ඊළඟ සැරේ එයාව හම්බවෙද්දී දෙවි ගැන සහ බයිබලය ගැන විශ්වාසයක් ඇති කරගන්න එයාට උදව් කරන්න ඕනේ. අනික් අතට මිනිස්සු බයිබලයට ගරු කරනවා නම් බයිබලය පාවිච්චි කරන්නත් ඒ සම්බන්ධ ප්‍රකාශන දෙන්නත් පුළුවන්. ඉදිරිපත් කරන්න තියෙන ප්‍රකාශන මොනවා වුණත් බයිබලයේ ඉගැන්වීම් පොත, සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දෙන්න, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න කියන මාසික නොවන සඟරා අපිට දෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ නිවැසියාව යෙහෝවා දෙවිට ළං කරන හොඳම ක්‍රමය පාවිච්චි කිරීමයි.
3. මිනිසුන්ගේ සිත් පස්වලට සමාන කරන්න පුළුවන් ඇයි?
3 පස සකස් කරන්න: කෙනෙක්ගේ සිත පොළොවේ පසට සමාන කරන්න පුළුවන්. (ලූක් 8:15) සමහර පස්වල බීජ වපුරන්න කලින් හොඳින් සකස් කරන්න ඕනේ. ඒ වගේ සමහර අයගේ සිත්වල බයිබල් සත්‍යයන් කියන බීජ පැලවෙන්න නම් එයාලගේ සිත නමැති පස අපි කලින්ම සකස් කරන්න ඕනේ. මුල් ක්‍රිස්තියානීන් එක එක පසුබිම්වලින් ආපු අයට දේශනා කරන්න විවිධ ක්‍රම පාවිච්චි කළා. ඒකෙන් ලැබිච්ච සාර්ථකත්වය නිසා එයාලට ලොකු සතුටක් ලැබුණා. (ක්‍රියා 13:48, 52) දේශනා කරන්න පාවිච්චි කරන ක්‍රමය ගැන සැලකිලිමත් වුණොත් අපිටත් සාර්ථක වෙන්න පුළුවන්.