“ඔයාලා අපේ පොත් ගන්නවා නම් අපිත් ඔයාලගේ පොත් ගන්නවා”
සමහර අය කියන්නේ එහෙමයි. ඒත් අපි වැරදි ඉගැන්වීම් තියෙන පොත් පත් ගන්නේ නැහැ. එහෙමනම් ඒ වගේ අයට ඥානවන්තව උත්තර දෙන්නේ කොහොමද? (රෝම 1:25) අපිට මෙහෙම කියන්න පුළුවන්. “අපිට පොත් දෙන්න හිතුවට ස්තූතියි. මිනිසුන්ගේ ප්‍රශ්නවලට මොන වගේ විසඳුමක්ද මේ පොත්වල කියලා තියෙන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඒකට උත්තරය මේ පොත්වලින්ම දැනගන්න පුළුවන් කියලා එයා කිව්වොත් අපි නම් සාමාන්‍යයෙන් තව කෙනෙකුට පොතක් දෙන්නේ ඒකේ තියෙන්නේ මොනවද කියලා පැහැදිලි කළාට පස්සේ කියලා එයාට කියන්න පුළුවන්. ඊටපස්සේ අපිට පුළුවන් මතෙව් 6:9, 10 බයිබලයෙන් කියවන්න එහෙමත් නැත්නම් ඒකේ තියෙන අදහස කියන්න.] යේසුස් කිව්වේ දෙවිගේ කැමැත්ත මේ පොළොවේ සිදු වෙන්නේ දේවරාජ්‍යයෙන් කියලා. ඒ නිසා මම කියවන්න කැමති දේවරාජ්‍යය ගැන කියලා තියෙන පොත් පත් විතරයි. දේවරාජ්‍යයෙන් මිනිසුන්ට ලැබෙන ආශීර්වාද කිහිපයක් මම ඔයාට බයිබලයෙන් පෙන්නන්නද?”