අප කළ සේවය
කලින් දේශනා නොකළ පැතිවලත් ශුභාරංචිය දිගටම පැතිර යනවා. විවාහක යුවළක් සෑම සෙනසුරාදා දවසකම ඇහැළියගොඩ ප්‍රදේශයට ගොස් සේවය කරනවා. ඔවුන්ට දැන් බයිබල් පාඩම් හතරක් සහ නැවත බැලීම් බොහොමයක් තියෙනවා. එම අද්දැකීමෙන් පෙනෙන්නේ කුඩා කණ්ඩායම් එවැනි ප්‍රදේශවලට ගොස් සේවය කිරීම කොතරම් පලදායකද කියායි!