දෙසැම්බර් 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 103 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 27වෙනි පරි. 10-18 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 1 යොහන් 1-5; 2 යොහන් 1-13; 3 යොහන් 1-14–යූද් 1-25 (විනා. 10යි)
අංක 1: 1 යොහන් 5:1-21 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස් දැන් මොන වගේ කෙනෙක්ද?—ලූක් 1:32, 33; යොහ. 17:3 (විනා. 5යි)
අංක 3: පවුල් ජීවිතයේ සතුටට නීත්‍යානුකූලව විවාහ වීම අත්‍යවශ්‍ය ඇයි?—w11 10/1 16 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: වර්ෂ 2014 සඳහා සේවා පාසැල. පාසැල මෙහෙයවන්නා ඉදිරිපත් කරන කතාවක්. 2014 සේවා පාසැල් වැඩසටහන සඳහා ඇති මඟ පෙන්වීම්වලින් සභාවට වැදගත් වන තොරතුරු සඳහන් කරන්න. සතිපතා බයිබල් කියවීමේ කොටස බයිබල් පොතක මුල් පරිච්ඡේදයෙන් පටන්ගන්නා විට හැඳින්වීම සඳහා තවදුරටත් ‘මුරටැඹ’ සඟරාවේ “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි” යන ලිපියේ තොරතුරු යොදාගන්නේ නැහැ කියා සඳහන් කරන්න. පැවරුම් හොඳින් ඉටු කිරීමටත් බයිබල් කියවීමේ කොටසේදී හොඳින් අදහස් දැක්වීමටත් ‘සේවා පාසැල්’ පොතෙන් සතිපතා ලබා දෙන යෝජනා අදාළ කරගැනීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 15: “උනන්දුව අවදි කරන හැඳින්වීමක් සූදානම් වෙන්නේ කොහොමද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ඉදිරිපත් කරන ආකාරය දෙවිදිහකට නිරූපණය කරන්න. එක් හැඳින්වීමක් උනන්දුව අවදි නොවන විදිහටත් අනිත් එක උනන්දුව අවදි වන විදිහටත් කරන්න.
ගීතිකා අංක 60 සහ යාච්ඤාව