නිවේදන
◼ මාර්තු සහ අප්‍රියෙල්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා. මැයි සහ ජූනි: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හෝ ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ හෝ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්.
◼ සිහි කිරීම පවත්වන්නේ 2014 අප්‍රියෙල් 14වන සඳුදා. ඔබේ සභාව රැස්වීම් පවත්වන්නේ සඳුදා නම් ඒක ඒ සතියේ වෙනත් දවසකට යොදාගත යුතුයි. තවත් සභාවන් එම ශාලාව භාවිත කරන නිසා එසේ කළ නොහැකි නම් සේවා රැස්වීමේ සභාවට වැදගත් කොටස් වෙනත් සතියක පවත්වන සේවා රැස්වීමේදී කිරීමට සැලසුම් කරන්න සම්බන්ධීකාරකට හැකියි.
◼ වර්ෂ 2014 සේවා වසරේ අවසන් මාස හයේදී චාරිකා සේවක ඉදිරිපත් කරන බයිබල් දේශනයේ තේමාව ‘මහත් පීඩාවෙන් ගැලවෙන්න’ යන්නයි.