අප කළ සේවය
ශ්‍රී ලංකාවේ අපේ වැඩකටයුතු අවුරුදු 104කට ආසන්න කාලයක් තිස්සේ කෙරීගෙන යනවා. දැන් ශ්‍රී ලංකාවේ තියෙන සභා ගණන 100යි! 100වෙනි සභාව හැටියට මාදම්පේ සභාව පිහිටෙව්වේ 2014 අගෝස්තු 1වෙනිදායි. දැනට තවත් කණ්ඩායම් තියෙන නිසාත් සමහර සභාවල ඉන්න සංඛ්‍යාව වැඩි වෙන නිසාත් ළඟදීම සභා ගණන තවත් වැඩි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.—ක්‍රියා 16:5.