අප්‍රියෙල් 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 64 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 2වෙනි පරි. 12-21 ඡේ. සහ 28වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 16-18 (විනා. 8යි)
අංක 1: 1 සාමුවෙල් 18:17-24 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?—igw 14 පි. 1-4 ඡේ. (විනා. 5යි)
අංක 3: හොඳ දේවදූතයෙක් නොමඟ ගියේ කොහොමද?—w13 2/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ඕනෑම යහපත් ක්‍රියාවක් කරන්න සූදානම් වෙලා ඉන්න.’—තීත. 3:1.
විනා. 10: අප්‍රියෙල් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම දීලා තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න. ඒ යෝජනා මුල ඉඳන් අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට සඟරා මාර්ග ඇති කරගන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
ගීතිකා අංක 106 සහ යාච්ඤාව