දේවවචනය නිධානයක් | යෝබ් 11-15
නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා
තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන විශ්වාසය ගැන යෝබ් කිව්වා
තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන දේ පෙන්නන්න ඔහු ගහක් උදාහරණෙකට ගත්තා. හුඟක් වෙලාවට ඒක ඔලීව ගහක් වෙන්න ඇති
ඔලීව ගහේ මුල් පොළොවේ ගැඹුරටම විහිදෙනවා. ඒ නිසා ගහේ කඳ කපා දැම්මත් මුල්වලට පණ තියෙන කල් ආයෙත් දලු දාලා වැඩෙන්න ගහට පුළුවන්
නියඟයෙන් පස්සේ වහින්න පටන්ගත්තම වේළිලා තියෙන ඔලීව ගහේ කඳට අලුත් පණක් ලැබිලා ‘අතු ඉති ලියලා, අලුත් ගහක් වගේ ඒක හටගන්නවා’