දේවවචනය නිධානයක් | එසකියෙල් 6-10
ගැලවෙන්න ඕන කරන ලකුණ ඔයාටත් ලැබෙයිද?
යෙරුසලමේ විනාශයත් එක්කම එසකියෙල්ගේ දර්ශනයේ මුල් ඉටු වීම සිද්ධ වුණා. ඒකේ දෙවෙනි ඉටු වීම මොකක්ද?
ලේකම්වරයෙක් භාවිතා කරන තීන්ත කූඩුවක් ඇතිව හිටිය කෙනාගෙන් නියෝජනය වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව
විනාශයක් කරන්න පුළුවන් ආයුධ තියන් හිටිය මිනිසුන් හයදෙනාගෙන් නියෝජනය වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මූලිකත්වයෙන් එන ස්වර්ගයේ සේනාවයි
මහත් සමූහයේ අයට ලකුණ ලැබෙන්නේ මහත් පීඩාව අතරතුරේදී එයාලාව බැටළුවන් විදිහට විනිශ්චය කරද්දියි