‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ඔක්තෝබර් 2-8
දේවවචනය නිධානයක් | දානියෙල් 7-9
“ගැලවුම්කරුගේ පැමිණීම ගැන දානියෙල් කියපු අනාවැකිය”
it-2-E 902 2¶
සති හැත්තෑව
අපරාධ සහ පාපය තුරන් කිරීම. යේසුස්ව මරණයට පත් කිරීමේ, ඔහුව නැවත නැඟිටුවීමේ සහ ඔහු ස්වර්ගයේ දෙවි ඉදිරියේ පෙනී සිටීමේ ප්‍රතිඵලයක් විදිහට මිනිසුන්ගේ “අපරාධ තුරන් කිරීමට, පාපය ඉවත් කිරීමට, වැරදිවලට සමාව ලබා දීමට” අවස්ථාව ලැබුණා. (දානි 9:24) මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය නිසා තමන් අතින් කොච්චර වැරදි වෙනවාද කියලා තේරුම්ගන්න යුදෙව්වන්ට අවස්ථාව ලැබුණා. එයාලව පව්කාරයන් හැටියටත් නීතිය කඩ කරන්නන් හැටියටත් හංවඩු ගැහුණා. එයාලා “අතින් කොතරම් වැරදි සිදු වෙනවාද කියලා” මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියෙන් ඔප්පු වුණත් එයාලා වෙනුවෙන් යෙහෝවා දෙවිගේ හිතේ තියෙන මහත් කරුණාව ඊටත් වඩා වැඩියි කියලා ගැලවුම්කරුව දුන්න එකෙන් ඔප්පු වුණා. (රෝම 5:20) ගැලවුම්කරු ඔහුගේ ජීවිතේ පූජා කරපු නිසා පසුතැවිලි වෙන අයට එයාලගේ පව්වලට සමාව ලබාගන්නත් එයාලට උරුම වුණ පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්නත් අවස්ථාව ලැබුණා.
it-2-E 900 7¶
සති හැත්තෑව
‘සති හැටනමයකට’ පසුව ගැලවුම්කරු පැමිණෙයි. ‘සති හැටදෙක’ ‘සති හැත්තෑවෙම’ කොටසක්. (දානි 9:25) ඒක සඳහන් කරලා තියෙන්නේ සති හත ගැන සඳහන් කළාට පස්සෙයි. ‘සති හැටදෙක’ පටන්ගන්නේ ‘සති හතේ’ අවසානයත් එක්ක. “යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා” සති 7ක් සහ සති 62ක් ඒ කියන්නේ සති 69ක් ගත වෙනවා. අවුරුදුවලින් කියනවා නම් අවුරුදු 483ක් ගත වෙනවා. ක්‍රි.පූ. 455 ඉඳන් අවුරුදු 483ක් ගණන් හැදුවාම එන්නේ ක්‍රි.ව. 29ට. ක්‍රි.ව. 29 ශරත් සෘතුවේදී තමයි යේසුස් වතුරෙන් බව්තීස්ම වෙලා ගැලවුම්කරු විදිහට පෙනී හිටියේ.—ලූක් 3:1, 2, 21, 22.
it-2-E 901 2¶
සති හැත්තෑව
“මරා දමනු” ලබන්නේ සතිය මැදදීයි. ගාබ්‍රියෙල් දේවදූතයා දානියෙල්ට මෙහෙම කිව්වා. “සති හැටදෙක අවසන් වූ පසු මෙසියස්ව මරා දමනු ලබන්නේය. ඔහුට අයිති කිසිම දෙයක් ඉතුරු වන්නේ නැත.” (දානි 9:26) සති හතත් සති හැටදෙකත් අවසානයේ, හරියටම කිව්වොත් අවුරුදු තුනහමාරකට විතර පස්සේ තමයි ගැලවුම්කරුව වධකණුවක ඇණ ගහලා මරා දැම්මේ. ඒ වෙලාවේ ‘ඔහුට අයිති කිසිම දෙයක් ඉතුරු කරගන්නේ නැතුව’ ඔහුගේ මුළු ජීවිතයම මිනිසුන් වෙනුවෙන් පූජා කළා. (යෙසා 53:8) ‘සතියේ’ මුල්භාගේ යේසුස් ගත කළේ මිනිසුන්ට දේශනා කරන්නයි. එක අවස්ථාවකදී, බොහෝදුරට ක්‍රි.ව. 32 ශරත් සෘතුවේදී යේසුස් යුදෙව් ජාතියව අත්තික්කා ගසකට සමාන කරලා උපමාවක් කිව්වා. (මතෙ 17:15-20; 21:18, 19, 43 බලන්න.) “අවුරුදු තුනක්ම” ඒ ගහේ කිසිම පලදාවක් තිබුණේ නැහැ. මිදිවත්තේ වැඩ කරන කෙනා වත්තේ අයිතිකරුට මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපි තව අවුරුද්දක් බලමු. මම ගස වටේ හාරා පොහොර දමා එයට සාත්තු කරන්නම්. ඒ දේ කළ පසුත් එය පල දැරුවේ නැත්නම් එය කපා දමමු.” (ලූක් 13:6-9) යේසුස් ඒකෙන් අදහස් කරන්න ඇත්තේ යුදෙව්වන්ට දේශනා කරන්න ඔහු ගත කරපු කාලයයි. ඒත් යුදෙව්වන් ඒ කාලය පුරාම ඒ අයගේ ජීවිත වෙනස් කරගත්තේ නැහැ. ඒ වෙද්දී අවුරුදු තුනක් යුදෙව්වන්ට දේශනා කරපු යේසුස් හතරවෙනි අවුරුද්දේ මුල්භාගයෙත් ඒ අයට දේශනා කළා.
it-2-E 901 5¶
සති හැත්තෑව
සතියක් කියන්නේ අවුරුදු හතක් කියලා ගත්තොත් “සතිය මැද” කියන්නේ අවුරුදු තුනහමාරක්. හැත්තෑවෙනි සතිය පටන්ගත්තේ ක්‍රි.ව. 29 ශරත් සෘතුවේදීයි. ඒ කාලේ තමයි යේසුස් බව්තීස්ම වෙලා ගැලවුම්කරු විදිහට පෙනී හිටියේ. එහෙමනම් සතියේ මැද වැටෙන්න ඕනෙ ඊට අවුරුදු තුනහමාරකට පස්සේ, ඒ කියන්නේ ක්‍රි.ව. 33 වසන්ත කාලෙට. පාස්කුව පැවැත්තුවේ ඒ කාලෙදීයි. (නීසාන් 14වෙනිදා) ග්‍රෙගරිගේ දිනදර්ශනයට අනුව ඒ දවස වැටෙන්නේ ක්‍රි.ව. 33 අප්‍රියෙල් 1වෙනිදාටයි. යේසුස් ‘දෙවිගේ කැමැත්ත කිරීමට’ ආවා කියලත් ‘ඔහු කලින් පැවති ක්‍රමය [මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් පූජා] අවලංගු කර අලුත් ක්‍රමයක් පිහිටෙව්වා’ කියලත් පාවුල් කිව්වා. යේසුස් ඒක කළේ ඔහුගේම ශරීරය පූජාවක් විදිහට ඔප්පු කරලයි.—හෙබ්‍රෙ 10:1-10.