ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 3 පි.
  • තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘ධර්මිෂ්ඨයන් සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානි ධර්මයේ අනාගතය කුමක්ද?
    2007 පිබිදෙව්!
  • සැබවින්ම තිබිය යුත්තේ එක සත්‍ය ක්‍රිස්තියානි ආගමකි
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 3 පි.

දේවවචනය නිධානයක් | මතෙව් 12-13

තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව

මිනිසුන් අතරින් අභිෂේක ලත් අයව රැස් කරන්න පටන්ගන්නේ කවදා ඉඳන්ද කියලත් ඒක කරන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්නයි යේසුස් තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව කිව්වේ. බීජ වැපිරීම පටන්ගත්තේ ක්‍රි.ව. 33දී.

බීජ වැපිරීම, අස්වැන්න කැපීම සහ ගබඩාවට රැස් කිරීම ගැන කාල රේඛාවක්

13:24

‘තම කෙතෙහි හොඳ බීජ වැපුරූ මිනිසා’

  • වපුරන්නා: යේසුස් ක්‍රිස්තුස්

  • හොඳ බීජ වැපිරීම: යේසුස්ගේ ගෝලයන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කිරීම

  • කෙත: සියලුම මිනිසුන්

13:25

‘මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් කිරිඳි වපුරා යයි’

  • සතුරා: යක්ෂයා

  • මිනිසුන් නිදා සිටීම: නියෝජිතයන්ගේ මරණය

13:30

‘කපන කාලය වන තුරුම දෙවර්ගයම එකට වැඩෙයි’

  • තිරිඟු: අභිෂේක ලත් අය

  • කිරිඳි: ක්‍රිස්තියානි කියලා කියාගන්න අය

‘මුලින්ම කිරිඳි උදුරා මිටි බඳින්න. ඉන්පසුව තිරිඟු රැස් කරන්න’

  • දාසයන්/අස්වැන්න කපන අය: දේවදූතයන්

  • කිරිඳි උදුරා මිටි බඳියි: ක්‍රිස්තියානි කියලා කියාගන්න අයව අභිෂේක ලත් අයගෙන් වෙන් කරයි

  • ගබඩාවලට රැස් කිරීම: අභිෂේක ලත් අයව පවිත්‍ර කරපු සභාවට රැස් කරයි

අස්වැන්න කපන කාලය පටන්ගත්තාම ක්‍රිස්තියානි කියලා කියාගන්න අය අතරින් අභිෂේක ලත් අයව පැහැදිලිව හඳුනාගන්න පුළුවන් වුණේ කොහොමද?

මේ උපමාව හොඳින් තේරුම්ගන්න එකෙන් මට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ඔයා දැනගෙන හිටියාද?

තිරිඟු සහ කිරිඳි එකට වැඩෙයි

මේ උපමාවේ සඳහන් වෙන්නේ කෙඳි සහිත විස කිරිඳි ජාතියක් ගැන කියලා හිතන්න පුළුවන්. ඒ පැළෑටියත් තිරිඟු පැළෑටියත් වැවෙන මුල් අවදියේදී බොහෝ දුරට එක සමාන නිසා ඒවා වෙන් කරලා අඳුනගන්න බැහැ. තිරිඟුයි, කිරිඳියි එකට වැඩෙද්දී ඒවාවල මුල් එකිනෙකට බැඳිලා තියෙන නිසා කිරිඳි උදුරන්න ගියොත් අනිවාර්යයෙන්ම තිරිඟු පැළත් ගැළවෙනවා. හැබැයි ඒ කිරිඳි ජාතිය හොඳින් වැඩුණාට පස්සේ ලේසියෙන්ම උගුලන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න