‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
පෙබරවාරි 25–මාර්තු 3
දේවවචනය නිධානයක් | රෝම 9-11
ගැඹුරින් හොයමු
it-1-E 1260 2¶
නුසුදුසු උද්‍යෝගය. කෙනෙක් අවංක චේතනාවකින් යම් කාරණයක් වෙනුවෙන් ලොකු උද්‍යෝගයකින් ක්‍රියා කළත් දෙවියන් ඒ ගැන සතුටු වෙන්නේ නැති වෙන්න පුළුවන්. මුල් සියවසේ හිටිය හුඟක් යුදෙව්වනුත් කටයුතු කළේ ඒ විදිහට. එයාලා මෝසෙස්ගේ නීතියේ සඳහන් දේවල් පිළිපදින්න මහත් උද්‍යෝගයෙන් වැඩ කළා. එයාලට ඕන වුණේ එහෙම කරලා තමන් ධර්මිෂ්ඨයි කියලා ඔප්පු කරන්නයි. ඒත් එයාලගේ උද්‍යෝගය නිවැරදි දැනුම මත පදනම් වෙලා තිබුණේ නැති නිසා දෙවියන් ඉදිරියේ ධර්මිෂ්ඨයන් වෙන්න එයාලට පුළුවන්කමක් නැහැ කියලා පාවුල් පෙන්වලා දුන්නා. දෙවියන් ඉදිරියේ ධර්මිෂ්ඨයන් වෙන්නත් මෝසෙස්ගේ නීතියෙන් ඇති වුණු ශාපයෙන් නිදහස් වෙන්නත් ඕනෙ නම් එයාලා තමන් පව්කාරයන් කියලා පිළි අරන් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕන වුණා. (රෝම 10:1-10) ටාසස් නම් නුවරින් පැමිණි පාවුලුත් කලින් ඒ වගේ කෙනෙක්. යුදෙව් ආගම ගැන එයාට කොයි තරම් උද්‍යෝගයක් තිබුණාද කියනවා නම් “ඉතා දරුණු ලෙස දෙවිගේ සභාවට පීඩා කරමින් එය නැති කර දැමීමට පවා උත්සාහ“ කළා. නීතිය අකුරටම පිළිපදින්න උත්සාහ කරපු නිසා එයා “සියලු පැතිවලින්ම නිර්දෝෂ කෙනෙක්” විදිහට නම් දරා හිටියා. (ගලා 1:13, 14; ෆිලි 3:6) යුදෙව් ආගම වෙනුවෙන් එයා ලොකු උද්‍යෝගයකින් කටයුතු කළත් දෙවියන් ඒ ගැන සතුටු වුණේ නැහැ. එයා ඒ දේවල් කළේ අවංක චේතනාවකින් නිසා යෙහෝවා දෙවියන්, ක්‍රිස්තුස් මාර්ගයෙන් එයාට මහත් කරුණාවක් පෙන්වලා එයාව සත්‍ය නමස්කාරයට යොමු කළා.—1තිමෝ 1:12, 13.