යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘මේ දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න’
මොන දේවලටද? ෆිලිප්පි 4:8 කියනවා සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල, ප්‍රශංසනීය දේවලට මනස යොමු කරන්න කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි කොයි වෙලෙත් බයිබලයේ තියෙන දේවල් ගැන විතරක් හිතන්න ඕනෙ කියලා. හැබැයි අපි හිතන හැම දෙයක්ම දෙවියන්ට ප්‍රසන්න වෙන්න ඕනේ. ඒ වගේම දෙවියන්ගේ ප්‍රතිපත්ති කඩ කරන්න හේතු වෙන කිසිම දෙයක් ගැන අපි හිතන්න හොඳ නැහැ.—ගීතා 19:14.
වැරදි සිතුවිලි හිතට එන එක වළක්වගන්න ලේසි නැහැ. මොකද අපේ පව්කාරකම එක්ක විතරක් නෙවෙයි “මේ සමාජයේ දෙවියා” වන සාතන් එක්කත් අපිට ලොකු සටනක් කරන්න වෙනවා. (2කොරි 4:4) ලෝකය පාලනය වෙන්නේ සාතන් යටතේ නිසා රූපවාහිනියේ, ගුවන්විදුලියේ, අන්තර්ජාලයේ, පුවත්පත්වල වැඩියෙන්ම තියෙන්නේ අපිට නුසුදුසු දේවල්. අපේ මනස යොමු කරන දේවල් ගැන පරෙස්සම් නොවුණොත් අපේ සිතුවිලි දූෂිත වෙලා අන්තිමේදී වැරදි ක්‍රියාවක් කරන්නත් අපි පෙලඹෙන්න පුළුවන්.—යාකො 1:14, 15.
‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - නුසුදුසු විනෝදය’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
සහෝදරයා ෆෝන් එකෙන් බැලුවේ මොනවාද? ඒක එයාට බලපෑවේ කොහොමද?
ගලාති 6:7, 8 සහ ගීතාවලිය 119:37 එයාට උදව් වුණේ කොහොමද?