දේවවචනය නිධානයක් | උත්පත්ති 18-19
“මුළු පොළොවෙම විනිශ්චයකරු” සොදොම් සහ ගොමෝරාව විනාශ කරයි
සොදොම් සහ ගොමෝරාව සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන් කටයුතු කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
යෙහෝවා දෙවියන් හැමදාටම දුෂ්ටකම් පවතින්න ඉඩ දෙන්නේ නැහැ
ඉදිරියේදී එන විනිශ්චය දවසින් බේරී ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ දෙවියන්ට හොඳින් සවන් දීලා ඔහුගේ කැමැත්තට එකඟව වැඩ කරන අයට විතරයි.—ලූක් 17:28-30
මේ ගැන හිතන්න. ‘මේ දුෂ්ට ලෝකයේ සිද්ධ වෙන නින්දිත ක්‍රියාවන් ගැන මට ලොකු දුකක් දැනෙනවාද?’ (2පේතෘ 2:7) ‘යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන එක තමයි මගේ ජීවිතේ වැදගත්ම දේ කියලා එදිනෙදා මං කරන කියන දේවලින් පැහැදිලිව පේන්න තියෙනවාද?’