යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතෙන් ඔයා ප්‍රයෝජන ලබනවාද?
‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතෙන් දවසට අදාළ බයිබල් පදය සහ ඒ යටතේ තියෙන තොරතුරු කියවන එක ඔයාගේ ජීවිතේ කොටසක් කරගෙන තියෙනවාද? එහෙම නැත්නම් අදම ඒ දේ පටන්ගන්න ඔයාට පුළුවන්ද? හුඟක් අය උදෙන්ම දිනපදයේ තියෙන තොරතුරු බලනවා. දවස පුරාම ඒ තොරතුරු මනසේ තියාගන්න ඒක ඒ අයට උදව් වෙනවා. (යොෂු 1:8; ගීතා 119:97) දිනපදයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? දවසට අදාළ බයිබල් පදයේ අවට පදත් බලලා ඒ පසුබිම තේරුම්ගන්න වෑයම් කරන්න. දිනපදයෙන් කාවද්දන ප්‍රතිපත්තිය ඉස්මතු කරන බයිබල් සිද්ධියක් මතක් කරගන්න. ඊටපස්සේ ඒ ප්‍රතිපත්තිය ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න. අපි බයිබල් ප්‍රතිපත්ති ගැන හිතලා තීරණ ගද්දී අපි කරන්නේ අපිට මඟ පෙන්වන්න දෙවියන්ගේ වචනයට ඉඩහරින එකයි. එහෙම කරද්දී ප්‍රයෝජන ලබන්නේ අපිමයි.—ගීතා 119:105.
ලෝකේ පුරාම ඉන්න බෙතෙල් පවුලේ සාමාජිකයන් හැම දවසකම උදේට දිනපදය සලකලා බලනවා. මෑතකදී ඉඳන් ඒ වගේ සාකච්ඡා අතරින් කීපයක්ම JW බ්‍රෝඩ්කාස්ටිං එකේ වැඩසටහන් හා විශේෂ රැස්වීම් කියන අංගය යටතේ පළ වෙනවා. ඔයා අන්තිමට ඒ වගේ වැඩසටහනක් බැලුවේ කවදාද? සමහරවිට ඔයාට ඕනම කරන තොරතුරු ඒ වැඩසටහනක තියෙන්න ඇති. උදාහරණයකට හිතන්න ලොත්ගේ සිද්ධිය ගැන දිනපදයකින් කතා කරපු තොරතුරු තීරණ ගද්දී ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා.
‘මේ ලෝකයට ඇලුම් කරන්න එපා’ (1යොහ 2:15) කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
උදෑසන නමස්කාරයේදී සාකච්ඡා කරපු ඒ තොරතුරු පදනම් වෙලා තිබුණේ මොන බයිබල් ප්‍රතිපත්තිය මතද?
මේ ලෝකයටත් ලෝකයේ තියෙන දේවලටත් ඇලුම් කරන එකේ තියෙන භයානකකම ගැන ලොත්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?—උත් 13:12; 14:12; 19:3, 12, 13, 24-26
අපි ඇලුම් කරන්නේ යෙහෝවා දෙවියන්ට මිසක් මේ ලෝකයටවත් ලෝකයේ දේවලටවත් නෙවෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?
යෙහෝවා දෙවියන්ගේ වචනය ගැන මට ලොකු අගයක් තියෙනවා කියලා දවස පුරාම පෙන්වන්න පුළුවන් කොහොමද?