පවුලේ කාලසටහන—දිනපදය
1 ප්‍රේමණීය දෙමාපියන් තම දරුවන්ට දිනපතාම පෝෂ්‍යදායී ආහාර සැපයීමට මහත් වෙහෙසක් දරනවා. දෙවිගේ වචනයෙන් ආත්මික පෝෂණය ලබා දීම ඊටත් වඩා වැදගත්. (මතෙ. 4:4) ආත්මික ආහාර සඳහා රුචියක් ඇති කිරීමටත් “ගැලවීම කරා වැඩෙන්න” සැලැස්වීමටත් දරුවන්ට උපකාර කළ හැකි එක ක්‍රමයකි සෑම දිනකම පවුලක් හැටියට දිනපදය හා අදාළ විස්තරය සාකච්ඡා කිරීමට කාලය ගත කිරීම. (1 පේතෘ. 2:2) ඔබේ පවුලේ කාලසටහන තුළ මේ සඳහා වෙන් කර තිබෙන්නේ කොයි වේලාවද?
2 කෑම වේලාවන්වලදී: දවස ආරම්භයේදී දිනපදය සාකච්ඡා කිරීමෙන් දවස පුරා යෙහෝවා ගැන මනසේ තබාගැනීමට ඔබේ පවුලේ අයට උපකාරයක් ලැබෙනවා. (ගීතා. 16:8) එක් මවක් තම පුතා සමඟ දිනපදය හා විස්තරය කියවා සාකච්ඡා කර යාච්ඤා කිරීමට තීරණය කළා. ඇය එසේ කළේ තම පුතා පාසැලට යෑමට පෙර උදෑසන ආහාරය ගන්නා අතරතුරයි. මෙමගින් ඔහුට දේශානුරාගී හැඟීම් අවුස්සන තත්වයන්වලදී ප්‍රතිපත්ති කඩ නොකර සිටීමටත් ඒවගේම ශිෂ්‍යයන්ට සහ ගුරුවරුන්ට නිර්භීතව සාක්ෂි දැරීමටත් අවශ්‍ය ශක්තිය ලැබුණා. ඔහු පාසැලේ සිටි එකම සාක්ෂිකරුවා වුණත් ඔහුට තනියක් දැනුණේ නැහැ.
3 උදෑසන දිනපදය සාකච්ඡා කිරීම ප්‍රායෝගික නැත්නම් රාත්‍රී ආහාරය ගන්නා වේලාවේදී හෝ දවසේ වෙනත් වේලාවක පවුලක් හැටියට එය සලකා බැලිය හැකියි. සමහරු ක්ෂේත්‍ර සේවයේදී ලැබුණ අද්දැකීම් සහ පුද්ගලික බයිබල් කියවීමෙන් ලැබුණ කරුණු ගැනද මෙම අවස්ථාවේදී සාකච්ඡා කරනවා. පවුලක් හැටියට සතුටු වුණ අවස්ථාවන් ලෙසට බොහෝදෙනෙක් සිහියට නඟන්නේ රාත්‍රී ආහාරය එකට ගත් අවස්ථාවලදී කළ සාකච්ඡාවන්ය.
4 රාත්‍රියේදී: සමහරුන්ට දිනපදය සාකච්ඡා කළ හැකි හොඳම වෙලාව නම් රාත්‍රියේ නින්දට යෑමට පෙරයි. මෙය එකට එකතු වී යාච්ඤා කිරීමටත් කදිම අවස්ථාවක් විය හැකියි. දිනපතාම ඔබ යෙහෝවා ගැන කතා කරනවා සහ ඔහුට යාච්ඤා කරනවා ඔබේ දරුවන්ට ඇසෙන විට ඔවුන්ට යෙහෝවාව සැබෑ පුද්ගලයෙක් වෙනවා.
5 දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත් පිංචය හොඳින් භාවිත කරමින් ඔබේ දරුවන් තුළ සත්‍යය පැළපදියම් කිරීමට ඔබ දරන වෑයමට යෙහෝවා ඔබට ආශීර්වාද කරනු ඇත.