පවුලේ අයට ගැළපෙන කාලසටහනක් සාදාගැනීම
1 කන්ද උඩ දේශනාවේදී යේසුස් තම සවන් දෙන්නන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේය. “එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” (මතෙ. 6:33) පවුලේ ක්‍රියාකාරකම්වලදී ආත්මික කාරණාවලට මුල් තැන දීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වන්නේ ලිඛිත කාලසටහනක් සකසාගැනීමයි. සතිපතා ඔබේ පවුලේ කාලසටහන සකසාගැනීම සඳහා විනාඩි කීපයක් වැය කරන්න. ඒ සඳහා මෙම අතිරේකයේ 6වන පිටුවේ තිබෙන හිස් කාලසටහන යොදාගත හැකියි. පවුලක් හැටියට එම කාලසටහන කැමති විදිහට පුරවන්න පුළුවන්. එසේ නැතහොත් පහත දී ඇති කොටසෙන් අවශ්‍ය කොටස් කපාගෙන කාලසටහනට ඒවා අලවාගත හැකියි. වෙනත් අය තමන් කරන්න බලාපොරොත්තු වන දේ ලිවීමට කැමැත්තක් දැක්විය හැකියි.
2 ඔබේ පවුලේ කාලසටහන සකසාගැනීමට පහත දැක්වෙන ආදර්ශ කාලසටහන උපකාරයක් විය හැකියි. එහි ප්‍රධාන ක්‍රියාකාරකම් හතරක් ඇතුළත් කර තිබෙන බව ඔබ දකීවි. (1) සභා රැස්වීම්වලට යෑම, (2) පවුලක් ලෙස ක්ෂේත්‍ර සේවයේ යෙදීම, (3) පවුලේ පාඩම සහ (4) දිනපදය සලකා බැලීම. ඔබේ කාලසටහනට මේවා ඇතුළත් කරගැනීමෙන් “වඩා වැදගත් දේවල් සහතික කරගන්න” ඔබට හැකියාවක් ලැබේවි. (ෆිලි. 1:10) මෙම කාරණා හතර සම්බන්ධයෙන් අමතර යෝජනා 4-5වන පිටුවල තිබෙනවා.
3 ඔබේ පවුලේ කාලසටහන මෙම ක්‍රියාකාරකම් හතරට පමණක් සීමා විය යුතු නැහැ. ඔබ යම් රැස්වීම්වලට සූදානම් වෙන්නේ පවුලක් ලෙස නම් එයද ඔබේ කාලසටහනේ ලකුණු කරන්න. දිනපදය සලකා බැලුවායින් පසුව හෝ වෙනත් වෙලාවක ඔබ පවුලක් හැටියට බයිබලයේ කොටසක් කියවනවා නම් එයද සඳහන් කරන්න. පවුලේ විනෝදය සඳහා යම් කාලයක් ගත කරනවා නම් ඔබේ කැමැත්ත අනුව එයද ඔබේ කාලසටහනට ඇතුළත් කිරීමට ඔබට හැකියි.
4 ගෙදර සිටින සියලුදෙනාගේම අවශ්‍යතාවන් හා තත්වයන්ට ගැළපෙන ආකාරයට ඔබේ පවුලේ කාලසටහන සකසාගන්න. එය කෙතරම් ප්‍රායෝගිකද කියා කලින් කලට සෝදිසි කර බලා අවශ්‍ය වෙනස්කම් කරන්න.
[Chart on page 3]
පවුලේ ආදර්ශ කාලසටහන
උදේ දවල් හවස
ඉරි. දිනපදය
ප්‍රසිද්ධ කථාව සහ
මුරටැඹ පාඩම
සඳු. දිනපදය පවුලේ පාඩම
අඟ. දිනපදය
සභා පොත් පාඩම
බදා. දිනපදය
බ්‍රහ. දිනපදය
දිව්‍යාණ්ඩු සේවා
පාසැල සහ
සේවා රැස්වීම
සිකු. දිනපදය
සෙන. දිනපදය
පවුලක් ලෙස ක්ෂේත්‍ර සේවයේ යෙදීම
(සඟරා දිනය)
[Chart on page 6]
පවුලේ ආදර්ශ කාලසටහන
උදේ දවල් හවස
ඉරි.
සඳු.
අඟ.
බදා.
බ්‍රහ.
සිකු.
සෙන.
................................................................. .දිනපදය දිනපදය දිනපදය දිනපදය දිනපදය දිනපදය දිනපදය
ප්‍රසිද්ධ දිව්‍යාණ්ඩු පොත් පවුල පවුලක් පවුල පවුල
කථාව සේවා පාඩම පාඩම ලෙස බයිබලයේ Recre-
සහ පාසැල ක්ෂේත්‍ර සේවයේ කියවවීම ation
මුරටැඹ සහ
පාඩම සේවා
රැස්වීමc