ක්ෂේත්‍ර සේවා රැස්වීම්වලදී තවදුරටත් දිනපදය සාකච්ඡා නොකරයි
කලින් ක්ෂේත්‍ර සේවා රැස්වීම්වලදී එදිනට නියමිත දිනපදය සේවයට අදාළ නම් ඒ කොටස කෙටියෙන් සාකච්ඡා කළා. නමුත් දැන් එසේ කරන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලය, රාජ්‍ය සේවාව, සේවා පාසැල පොත, බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු (හෝ රීසනිං පොත) සහ වෙනත් ප්රකාශනයකින් එම සාකච්ඡාව පැවැත්විය හැකියි. එම රැස්වීම පවත්වන සහෝදරයන් එදින සේවයට ප්‍රයෝජනවත් දෙයක් සාකච්ඡා කිරීමට සූදානම් වී පැමිණිය යුතුයි. එම රැස්වීම විනාඩි 10ත් 15ත් අතර කාලයකට සීමා කළ යුතුයි. එය සභා රැස්වීමකට පසුව පවත්වනවා නම් එතරම් කාලයක් ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.