ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/09 6-7 පි.
  • ක්ෂේත්‍ර සේවා රැස්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්ෂේත්‍ර සේවා රැස්වීම්
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සේවයට සූදානම් කරන ක්ෂේත්‍ර සේවා රැස්වීම්
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • සේවය සඳහා පවත්වන රැස්වීමෙන් ප්‍රයෝජන ගන්න
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • ක්ෂේත්‍ර සේවා කණ්ඩායමෙන් ප්‍රයෝජන ලබාගනිමු
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රශ්න පෙට්ටිය
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2009 අපගේ රාජ්‍ය සේවාව
km 8/09 6-7 පි.

ක්ෂේත්‍ර සේවා රැස්වීම්

1. දේවසේවය පිළිවෙළකට කිරීම ගැන අප සැලකිලිමත් වන්නේ ඇයි?

1 දේවසේවයේ සෑම අංගයක්ම කාර්යක්ෂමව හා පිළිවෙළකට කිරීම සඳහා යේසුස් අපිට කදිම ආදර්ශයක් සැපයුවා. එම ආදර්ශය අනුකරණය කිරීමට විශ්වාසවන්ත දාසයා මහත් වෑයමක් දරනවා. ලොව පුරාම සභාවන් මගින් ක්ෂේත්‍ර සේවා රැස්වීම් සැලසුම් කර තිබෙන්නේ එම වෑයමේ ප්‍රතිඵලයක් හැටියටයි.—මතෙ. 24:45-47; 25:21; ලූක් 10:1-7.

2. ක්ෂේත්‍ර සේවා රැස්වීම්වලින් මූලිකවම ඉටු විය යුත්තේ කුමක්ද?

2 කදිම රැස්වීමක්: ක්ෂේත්‍ර සේවා රැස්වීම් පවත්වන්නේ සේවයේ යන අයව දිරිගන්වා, සේවය කළ හැකි ක්‍රම පෙන්වා දී, ඒ දවස තුළ සේවයේ යෙදෙන ප්‍රදේශය පිළිබඳ මඟ පෙන්වීම් ලබා දීමටයි. එදාට නියමිත දිනපදය සේවය සඳහා හොඳින් ගැළපෙනවා නම් එය කෙටියෙන් සාකච්ඡා කළ හැකියි. එසේත් නැත්නම් රාජ්‍ය සේවාවෙන්, රීසනිං පොතෙන් හෝ සේවා පාසැල පොතෙන් ඒ දවසේ සේවයට ගැළපෙන කරුණු කිහිපයක් තෝරාගත හැකියි. එමෙන්ම එදාට ඉදිරිපත් කරන ප්‍රකාශනය හඳුන්වා දෙන ආකාරය නිරූපණය කිරීමටත් හැකියි. අවසාන යාච්ඤාවට පෙර සේවයේ යන්නේ කා සමඟද කියාත් සේවය කරන්නේ කුමන ප්‍රදේශයේද කියාත් පැහැදිලිව විස්තර කළ යුතුයි. මේ සියල්ල විනාඩි 15කින් හෝ ඊට අඩුවෙන් නිම කළ යුතුයි.

3. ක්ෂේත්‍ර සේවා රැස්වීම් සැලසුම් කරන්නේ හා මෙහෙයවන්නේ කවුරුන් විසින්ද?

3 ක්ෂේත්‍ර සේවා රැස්වීම් සැලසුම් කිරීම: මෙම රැස්වීම් සැලසුම් කරන්නේ සේවා අවේක්ෂකයි. තම කණ්ඩායම සමඟ සති අන්තවල සේවයේ යෑමත් ක්ෂේත්‍ර සේවා රැස්වීම් මෙහෙයවීමත් කණ්ඩායම් භාර හෝ සහයක සහෝදරයන්ගේ වගකීම වන අතර සතියේ දිනවලත් ඔවුන්ට තම කණ්ඩායම සමඟ සේවයේ හවුල් විය හැකියි. සති අන්තවල සේවය කිරීමට තම කණ්ඩායමට ප්‍රමාණවත් ප්‍රදේශයක් තිබෙන බවට කණ්ඩායම් භාර සහෝදරයා වගබලා ගත යුතුයි. ඔහු එය කරන්නේ සේවා අවේක්ෂකගේ අධීක්ෂණය යටතෙයි. තවදුරටත් සතියේ දිනවල එක් එක් ක්ෂේත්‍ර සේවා කණ්ඩායම්වල පෙරමුණ ගන්නේ කවුද කියා සේවා අවේක්ෂක සැලසුම් කරයි.

4-6. (අ) ක්ෂේත්‍ර සේවා රැස්වීම්වල තවත් අරමුණක් වන්නේ කුමක්ද? (ආ) රැස්වීම් පවත්වන වාර ගණන හා වේලාව තීරණය කිරීමට කුමක් සලකා බැලිය හැකිද?

4 පවත්වන්නේ කොහේද? කවදාද? මෙම රැස්වීම්වල තවත් අරමුණක් වන්නේ එක් එක් කණ්ඩායමට පවරා තිබෙන ප්‍රදේශය පිළිවෙළකටත් සම්පූර්ණයෙනුත් ආවරණය කිරීමට උපකාර කිරීමයි. ඒ නිසා මුළු සභාවම එකට රැස් වෙනවා වෙනුවට ඒ ඒ කණ්ඩායමට පහසු ස්ථානවල රැස්වීම් පැවැත්වීමට වැඩිමහල්ලන් සැලසුම් කළ යුතුයි. ඒ සඳහා අදාළ ප්‍රදේශයේ සිටින සහෝදරයෙකුගේ නිවසක් හෝ රාජ්‍ය ශාලාව හෝ පාවිච්චි කළ හැකියි. අත්‍යවශ්‍ය වන්නේ රැස් වෙන ස්ථානයේ සිට සේවය කරන ස්ථානයට වැඩි දුරක් නොතිබීමයි. සමහර සභාවන් ඉරිදා රැස්වීමෙන් පසුව රාජ්‍ය ශාලාවේදී ක්ෂේත්‍ර සේවා රැස්වීමක් පවත්වනවා. මෙම රැස්වීම් පවත්වන්නේ කොහේද කියාත් එම ස්ථාන වෙනස් කිරීම අවශ්‍යයද කියාත් විටින් විට සලකා බැලිය යුතුයි.

5 ක්ෂේත්‍ර සේවා රැස්වීම් සතියේ දින කීයක පවත්වනවාද, සමහර අවසථාවලදී දිනකට කී වතාවක් පවත්වනවාද යන්න එක් එක් ප්‍රදේශයේ තත්වයන් සලකා බැලීමෙන් පසුව තීරණය කළ හැකියි. වාර ගණන හා වේලාව තීරණය කරගැනීමට පහත සඳහන් ප්‍රශ්න උපකාරවත් වෙයි.

6 වැඩියෙන් සේවය කිරීමට අවශ්‍ය වන්නේ කුමන ප්‍රදේශවලද? ගෙයින් ගෙට සේවයේ යෙදීමට වඩාත් සුදුසු වෙලාවන් මොනවාද? සවස් වරුවේ ගෙයින් ගෙට සේවයට හෝ නැවත බැලීම්වලට යෑමට කාලය වෙන් කිරීම අවශ්‍ය වෙයිද? ක්ෂේත්‍ර සේවය සඳහා කරන සියලුම සැලසුම් සභාවේ දැන්වීම් පුවරුවේ දැමිය යුතුයි. අප ආශා විය යුත්තේ අපට පවරා තිබෙන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමටයි. එවිට අපටත් පාවුල් මෙන් “මේ පළාත්වල වැඩ නොකළ ප්‍රදේශයක් තව නැති” තරම් කියා පැවසිය හැකියි.—රෝම 15:23.

7. ක්ෂේත්‍ර සේවා රැස්වීම මෙහෙයවන සහෝදරයාගේ වගකීමට අයත් වන්නේ මොනවාද?

7 රැස්වීම් මෙහෙයවීම: මෙම රැස්වීම් මෙහෙයවන සහෝදරයා ඊට හොඳින් සූදානම් විය යුතුයි. මෙම රැස්වීම් විනාඩි 10කට හෝ 15කට සීමා කළ යුතු අතර නියම වෙලාවට ආරම්භ කළ යුතුයි. එමෙන්ම පැමිණෙන සියලුදෙනාටම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙහෙයවිය යුතුයි. එදාට සේවය කරන්නේ කුමන ප්‍රදේශයේද කියා රැස්වීම ආරම්භ කිරීමට කලින් ඔහු දැන සිටිය යුතුයි. රැස්වීම අවසන් වූ පසු ප්‍රමාද වී පැමිණෙන අය එන තුරු බලා සිටිය යුතු නැති වුණත් සේවය කරන්නේ කුමන ප්‍රදේශයේද කියා පණිවිඩයක් තැබීම ඔවුන්ට උදව්වක් වෙයි. රැස්වීම අවසන් වූ වහාම සියලුදෙනාම සේවය සඳහා පිටත් විය යුතුයි. මේ කරුණු ගැන සැලකිලිමත් වන විට මෙහෙයවන සහෝදරයා මෙම රැස්වීම් සැලැස්මට නිසි ගෞරවයක් පෙන්වයි.—හිතෝ. 11:14.

8. රැස්වීම මෙහෙයවන සහෝදරයාට සහයෝගය දැක්වීම සඳහා කුමක් කළ හැකිද?

8 ප්‍රචාරකයන්ගේ සහයෝගය: මෙම සැලැස්ම සාර්ථක කරගැනීමට ඔබේ සහයෝගය අත්‍යවශ්‍යයි. (හෙබ්‍රෙ. 13:17) රැස්වීම මෙහෙයවන සහෝදරයා පැමිණෙන සියලුදෙනාටම උපකාර කිරීමට උත්සාහ කරනවා. ඊට සහයෝගය දැක්වීමට ඔබට කුමක් කළ හැකිද? අද්දැකීම් අඩු හා නවක ප්‍රචාරකයන් සමඟ සේවය කිරීමට ඉදිරිපත් වීමෙන් සහයෝගය දක්වන්න අද්දැකීම් ඇති අයට හැකියි. විවිධ අය සමඟ සේවයේ හවුල් වීම ඔවුන්ටත් අපටත් යහපතක්. (හිතෝ. 27:17; රෝම 15:1, 2) වෙලාවට පැමිණීමට සියලුදෙනාම වගබලා ගත යුතුයි. අපි මෙම සැලැස්මට ගරු කරනවා නම් හා අපි අපේ සහෝදරයන් ගැන සැලකිලිමත් වෙනවා නම් අවශ්‍ය පෞද්ගලික වෙනස්කම් කරගැනීමට අප පෙලඹෙනවා.—2 කොරි. 6:3, 4; ෆිලි. 2:4.

9. මෙම රැස්වීම්වලට සහයෝගය දක්වන්න පුරෝගාමීන්ට හැක්කේ කෙසේද?

9 පුරෝගාමීන්ගේ සහයෝගය: මෙම රැස්වීම් සඳහා පුරෝගාමීන් දක්වන සහයෝගය බොහෝ සේ වටිනවා. පුරෝගාමීන් වගකීම් රැසක් තිබෙන කාර්ය බහුල අයයි. බයිබල් පාඩම් හා නැවත බැලීම් කරනවාට අමතරව ඔවුන්ට පවුලේ හා රැකියාවේ වගකීම්ද තිබෙනවා විය හැකියි. සතිය පුරාම ක්ෂේත්‍ර සේවා රැස්වීම් පවත්වනවා නම් ඒ සෑම රැස්වීමකටම සහභාගි වීම අනිවාර්යයි කියා ඔවුන් සිතිය යුතු නැහැ. ඒ වුණත්, මෙම රැස්වීම්වලින් කිහිපයකට හෝ සහභාගි වීමට ඔවුන්ට බැරිකමක් නැති බව අපට විශ්වාසයි. එමෙන්ම ඔවුන්ට දේවසේවය පිළිබඳ බොහෝ අද්දැකීම් තිබෙන නිසාත් බයිබලය පිළිබඳ පුළුල් දැනුමක් තිබෙන නිසාත් අන් අයට ඔවුන්ගෙන් විශාල උපකාරයක් ලැබෙනවා. ඒ අනුව මෙම රැස්වීම්වලින් අප සියලුදෙනාටම යම් ආකාරයක පුහුණුවක් ලැබෙනවා. උනන්දුවෙන් සේවයේ යෙදීම හා කැමැත්තෙන්ම ක්ෂේත්‍ර සේවා රැස්වීමට සහභාගි වීම නිසා පුරෝගාමීන් අපට කදිම ආදර්ශයක්. අපි ඔවුන් දක්වන සහයෝගය බොහෝ සේ අගය කරනවා.

10. මෙම සැලැස්මට අපි අපේ පූර්ණ සහයෝගය දැක්වීම සුදුසු වන්නේ ඇයි?

10 යේසුස්ගේ කාලයේදී මෙන්ම මේ කාලයේදීත් අපගේ දේශනා සේවයේ වැඩි කොටසක්ම කෙරෙන්නේ ගෙයින් ගෙට සේවය මාර්ගයෙන්. ක්ෂේත්‍ර සේවා රැස්වීම් මගින් අප එකිනෙකාව දිරිගැන්වෙනවා වගේම දේවසේවය හොඳින් ඉටු කරන්නත් ඒවා උපකාරවත් වෙනවා. අපි ප්‍රචාරකයන් වුණත් පුරෝගාමීන් වුණත් හැකි තාක් දුරට මෙම සැලැස්මට සහයෝගය දක්වමු. (ක්‍රියා 5:42; 20:20) මෙම සැලැස්මට අපේ පූර්ණ සහයෝගය දෙනවා නම් අපගේ නායකයා වන යේසුස්ව සතුටු කරන්නත් යෙහෝවා දෙවිගෙන් බොහෝ ආශීර්වාද ලබන්නත් හැකි බවට නිසැක විය හැකියි.—මතෙ. 25:34-40; 28:19, 20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න