සේවය සඳහා පවත්වන රැස්වීමෙන් ප්‍රයෝජන ගන්න
1. සේවය සඳහා පවත්වන රැස්වීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
1 සේවයේ යන්න කලින් තියෙන රැස්වීමෙන් හැමෝටම ප්‍රයෝජන ලැබෙනවා. එයින් අපිට හොඳ මඟ පෙන්වීම් ලැබෙනවා වගේම උද්යෝගයෙන් සේවය කරන්නත් උපකාර ලැබෙනවා. මේ වගේ රැස්වීමක් සැලසුම් කරලා තියෙන නිසා අනිත් අයත් එක්ක සතුටින් සහ සහයෝගයෙන් වැඩ කරන්නත් එකිනෙකාගෙන් ඉගෙනගන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. (හිතෝ. 27:17; දේශ. 4:9, 10) ඒ රැස්වීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?
2. රැස්වීමේදී සාකච්ඡා කරන්න පුළුවන් දේවල් මොනවාද?
2 රැස්වීම මෙහෙයවන්නා: මෙම රැස්වීම්වලදී සාකච්ඡා කරන්නේ මොන වගේ තොරතුරුද කියලා මෙහෙයවන්නාට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා කලින්ම හොඳින් සූදානම් වෙන්න. ඒ ඒ දවසට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබ හිතන්නේ මොන වගේ තොරතුරුද? උදාහරණයකට එම මාසයේ රාජ්‍ය සේවාවේ තිබෙන යෝජනාවක් නිරූපණය කරන්න හෝ සාකච්ඡා කරන්න ඔබට පුළුවන්. ඔබ සේවය කරන්න හිතාගෙන ඉන්න ප්‍රදේශයේ ජනයාට ගැළපෙන විදිහට එය කරන්න. ඊට අමතරව ළඟදී සේවා රැස්වීමකදී සාකච්ඡා කළ තොරතුරු යොදාගන්නත් ඔබට පුළුවන්. සේවයේදී මුහුණ දෙන්න වෙන අභියෝගයකදී කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා සාකච්ඡා කරන්නත් ඔබට පුළුවන්. එදින සේවයේ හවුල් වෙන බොහෝදෙනෙක් නැවත බැලීම් කරන්න අදහස් කරගෙන ඉන්නවා නම්, ඒක බයිබල් පාඩමකට හරවගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. රැස්වීමේදී මොන තොරතුරු සාකච්ඡා කළත් එය උද්යෝගයෙන් හා අනිත් අයට දිරිගැන්වීමක් ලැබෙන විදිහට පවත්වන්න.
3. රැස්වීම කොතරම් වෙලාවක් පවත්වන්න පුළුවන්ද? ඒ කාලය තුළ කරන්න ඕන දේවල් මොනවාද?
3 සමහර අය පරක්කු වෙලා එයි කියලා ඔබ දන්නවා වුණත් සේවය සඳහා පවත්වන රැස්වීම වෙලාවට පටන්ගන්න. හොඳට හිතලා බලලා කණ්ඩායම් වෙන් කරන්න. ගෙයින් ගෙට යන්න හිතාගෙන ඉන්න අයට වැඩ කරන්න ප්‍රමාණවත් ප්‍රදේශයක් ලබා දෙන්න. මෙම රැස්වීම විනාඩි 10කට හෝ 15කට සීමා කරන්න. ඒ වගේම සභා රැස්වීමකට පස්සේ සේවයේ යනවා නම් ඒ සඳහා කරන රැස්වීම තවත් කෙටි කරන්න. රැස්වීම අවසන් වෙන්න කලින් සේවය කරන්නේ කොහේද, කාත් එක්කද කියලා හැමෝම දැනගෙන ඉන්න ඕනේ. යාච්ඤාවකින් රැස්වීම අවසන් කරන්න.
4. සේවය සඳහා පවත්වන රැස්වීම්වලින් හැමෝටම ප්‍රයෝජන ගන්න මොකක්ද කරන්න පුළුවන්?
4 ඔබට කළ හැකි දේ: ඔබ සභා රැස්වීම්වලට කලින් එනවා වගේ මේ රැස්වීමටත් කලින් එන්න. ඒකෙන් ඔබ යෙහෝවා දෙවිට ගෞරව කරනවා කියලත් අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා කියලත් පෙන්වනවා. ඒ රැස්වීමේ කරන සාකච්ඡාවට ඔබත් හවුල් වෙන්න. රැස්වීම මෙහෙයවන සහෝදරයා ඔබත් එක්ක සේවයේ යන්න කෙනෙක්ව තෝරයි. එසේත් නැත්නම් ඔබ සමඟ වැඩ කරන්න ඔබ කලින්ම කෙනෙක්ව තෝරගෙන ඇති. එහෙම කරද්දී ඔබේ මිතුරන් එක්කම සේවයේ යන එක පුරුද්දක් කරගන්න එපා. ‘ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න’ අනිත් අය එක්කත් සේවයේ යන්න උත්සාහ කරන්න. (2 කොරි. 6:11-13) රැස්වීම ඉවර වුණාට පස්සේ සැලසුම් වෙනස් කරන එක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ඒ වගේම ඉක්මනින්ම සේවය සඳහා පිටත්ව යන්න.
5. සේවය සඳහා පවත්වන රැස්වීමේ අරමුණ මොකක්ද?
5 සේවය සඳහා පවත්වන රැස්වීමටත් සභා රැස්වීමටත් තියෙන්නේ එකම අරමුණයි. ඒවා සැලසුම් කරලා තියෙන්නේ ‘එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට ඔවුන්ව පොලඹවන්නයි.’ (හෙබ්‍රෙ. 10:24, 25) මේ රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කළොත් ‘යහපත් ක්‍රියාවක්’ වන අපේ දේවසේවය හොඳින් ඉටු කරන්න අපිට පුළුවන් වෙනවා නිසැකයි!