සේවයට සූදානම් කරන ක්ෂේත්‍ර සේවා රැස්වීම්
1. ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්නේ ඇයි?
1 සේවයේ යන්න කලින් එක අවස්ථාවක යේසුස් අනුගාමිකයන් 70දෙනෙක්ව රැස් කරලා මඟ පෙන්වීම් දුන්නා. (ලූක් 10:1-11) ඔවුන්ව සේවයට යවන්නේ “අස්වැන්නේ ස්වාමියා” වන යෙහෝවා දෙවි නිසා ඔවුන් තනි වෙලා නැහැ කියලා ඔහු මතක් කරලා දුන්නා. අවශ්‍ය උපදෙස් දීලා සේවයට ඔවුන්ව සූදානම් කළා. ‘දෙන්නා බැගින්’ යැව්වා. සේවයේ යන්න කලින් පවත්වන ක්ෂේත්‍ර සේවා රැස්වීමෙනුත් කරන්නේ ඒ වගේ දෙයක්. ඒකෙන් අපිව දිරිගන්වනවා, සේවයට සූදානම් කරනවා, පිළිවෙළකට වැඩ කරන්න අපිට උගන්වනවා.
2. මේ රැස්වීමට වැය කරන්න ඕන කොච්චර වෙලාවක්ද?
2 දැනට ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්නේ විනාඩි 10ත් 15ත් අතර කාලයකටයි. ඒකට කට්ටියව බෙදන එක, සේවය කරන ප්‍රදේශය පවරන එක සහ යාච්ඤා කරන එක ඇතුළත්. හැබැයි දැන් වෙලාවේ වෙනසක් කරලා තියෙනවා. අප්‍රියෙල් මාසේ ඉඳලා ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්න ඕන විනාඩි 5ත් 7ත් අතර කාලයක් විතරයි. ඒත් ඒ රැස්වීම පවත්වන්නේ සභා රැස්වීමකට පස්සේ නම් සභා රැස්වීමෙන් දෙවිගේ මඟ පෙන්වීම් හුඟක් ලැබිලා තියෙන නිසා කාලය ඊටත් වඩා අඩු වෙන්න ඕනේ. ක්ෂේත්‍ර සේවා රැස්වීමේ කාලය කෙටි වෙන එකෙන් දේශනා සේවයට වැඩි කාලයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පුරෝගාමීන් හරි ප්‍රචාරකයන් හරි ක්ෂේත්‍ර සේවා රැස්වීමට කලින් සේවය පටන් අරගෙන තිබුණා නම් මේ රැස්වීම වෙනුවෙන් සේවය නතර කරන්න වෙන්නේ ටික වෙලාවකටයි.
3. මේ රැස්වීම ප්‍රචාරකයන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට සැලසුම් කරන්න ඕන කොහොමද?
3 ක්ෂේත්‍ර සේවා රැස්වීම සැලසුම් කරන්න ඕන ප්‍රචාරකයන්ට ප්‍රයෝජනවත් විදිහටයි. ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් එක තැනක රැස් වෙනවාට වඩා වෙන වෙනම රැස් වෙන එක හුඟක් සභාවලට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඒකෙන් ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන තැනට යන්නත් සේවයේ යෙදෙන ප්‍රදේශයට යන්නත් ප්‍රචාරකයන්ට පහසු වෙනවා. ඒ වගේම කණ්ඩායම බාර සහෝදරයාට ඉක්මනින් ප්‍රචාරකයන්ව සංවිධානය කරන්නත් ඔවුන්ට කිට්ටු අවධානයක් දෙන්නත් ඒක උපකාරයක්. කොහොමවුණත් සභාවට අයිති ප්‍රදේශයේ තත්වයන් සැලකිල්ලට අරගෙන කරන්න ඕන හොඳම දේ තීරණය කරන්න වැඩිමහල් මණ්ඩලයට පුළුවන්. ක්ෂේත්‍ර සේවා රැස්වීම කෙටි යාච්ඤාවකින් අවසන් කරන්න කලින් වැඩ කරන්නේ කා එක්කද කියලත් වැඩ කරන්නේ කොහෙද කියලත් හැමෝම දැනගෙන ඉන්න ඕනේ.
4. ක්ෂේත්‍ර සේවා රැස්වීමත් වැදගත් රැස්වීමක් කියලා සලකන්න ඕන ඇයි?
4 මේකත් වැදගත් රැස්වීමක්: ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්නේ සේවයේ යන අයගේ ප්‍රයෝජනයට නිසා සභාවේ හැමෝම ඒකට සහභාගි වෙන්නේ නැහැ. ඒත් අනිත් සභා රැස්වීම් තරම් ක්ෂේත්‍ර සේවා රැස්වීම වැදගත් නැහැ කියලා හිතන්න නරකයි. අනිත් රැස්වීම් වගේම ක්ෂේත්‍ර සේවා රැස්වීමත් අපිව ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන්න දෙවිගෙන් ලැබෙන සැපයුමක්. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ නිසා රැස්වීම මෙහෙයවන්නා දෙවිව ගෞරවයට පත් වෙන විදිහටත් රැස් වෙලා ඉන්න අයට ප්‍රයෝජනවත් වෙන විදිහටත් සාකච්ඡාව කරන්න හොඳින් සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම ප්රචාරකයනුත් ක්ෂේත්‍ර සේවා රැස්වීමට සහභාගි වෙන්න උපරිම උත්සාහයක් දරන්න ඕනේ.
අනිත් සභා රැස්වීම් තරම් ක්ෂේත්‍ර සේවා රැස්වීම වැදගත් නැහැ කියලා හිතන්න නරකයි
5. (අ) ක්ෂේත්‍ර සේවා රැස්වීම් සංවිධානය කිරීමේදී සේවා සංවිධායකගේ වැඩ කොටස මොකක්ද? (ආ) සහෝදරියක් ඒ රැස්වීම පවත්වන්න ඕන කොහොමද?
5 මෙහෙයවන කෙනා සූදානම් වෙන්න ඕනේ: රැස්වීමක පැවරුමකට හොඳින් සූදානම් වෙන්න නම් ඒ පැවරුම කලින්ම ලැබෙන්න ඕනේ. ක්ෂේත්‍ර සේවා රැස්වීමටත් ඒක අදාළයි. කණ්ඩායම් විදිහට වෙන වෙනම රැස් වෙනකොට කණ්ඩායම බාර සහෝදරයා හරි ඔහුට සහාය වෙන කෙනා හරි ඒ රැස්වීම පවත්වනවා. හැබැයි සභාවක් හැටියට ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වනවා නම් මෙහෙයවන කෙනාව පත් කරන්නේ සේවා සංවිධායකයි. සමහර සේවා සංවිධායකයන් ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන අයට ඔවුන්ගේ පැවරුම කලින්ම දෙනවා වගේම ඒක දැන්වීම් පුවරුවෙත් දානවා. සේවා සංවිධායක පැවරුම් ලබා දෙන්න කලින් ඒ පැවරුම් ලබන අයට ඉගැන්වීමේ හා සංවිධානය කිරීමේ හැකියාව තියෙනවාද කියලා හිතලා බලන්න ඕනේ. ඒ පැවරුම කරන්න වැඩිමහල්ලෙක්, සහායක සේවකයෙක් හෝ සුදුසුකම් තියෙන වෙනත් සහෝදරයෙක් නැති දවස්වලදී හැකියාවක් තියෙන සුදුසු සහෝදරියකට සේවා සංවිධායක ඒ පැවරුම බාර දෙන්න ඕනේ.—“සහෝදරියකට මෙහෙයවන්න වෙද්දී” කියන කොටස බලන්න.
6. ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන කෙනා ඒකට හොඳින් සූදානම් වෙන්න ඕන ඇයි?
6 සේවා පාසැලේ හෝ සේවා රැස්වීමේදී පැවරුමක් තියෙනවා නම් ඒක හොඳින් සූදානම් වෙනවා. ඒකට සූදානම් වෙන්න පටන්ගන්නේ රැස්වීමට යන අතරමඟදී නෙමෙයි. ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්න ලැබෙන පැවරුමත් ඒ වගේමයි. දැන් ඒ රැස්වීම පවත්වන වෙලාව තවත් අඩු කරලා තියෙන නිසා රැස්වීම අර්ථවත් එකක් කරන්නත් වෙලාවට ඉවර කරන්නත් කලින්ටත් වඩා හොඳින් සූදානම් වෙන එක වැදගත්. ඒ වගේම වැඩ කරන ප්‍රදේශය කලින්ම දැනගෙන ඉන්න එකත් ඒකට ඇතුළත්.
7. මෙහෙයවන්නාට සාකච්ඡා කරන්න පුළුවන් සමහර දේවල් මොනවාද?
7 සාකච්ඡා කරන්නේ මොනවාද? ප්‍රදේශයෙන් ප්‍රදේශයට තත්වයන් වෙනස් නිසා විශ්වාසවන්ත දාසයා ක්ෂේත්‍ර සේවා රැස්වීමට දළසටහනක් සපයන්නේ නැහැ. “ක්ෂේත්‍ර සේවා රැස්වීමකදී සලකා බලන්න පුළුවන් කරුණු” කියන කොටුවේ යෝජනා කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්නේ සාකච්ඡාවක් විදිහටයි. නමුත් සමහර වෙලාවට හොඳින් සූදානම් කරපු නිරූපණයක් කරන්න හරි jw.org වෙබ් අඩවියේ තියෙන සේවයට ගැළපෙන වීඩියෝ එකක් පෙන්වන්න හරි පුළුවන්. මෙහෙයවන්නා ක්ෂේත්‍ර සේවා රැස්වීමකට සූදානම් වෙද්දී ප්‍රචාරකයන්ව දිරිගන්වන විදිහ ගැනත් සේවයට සූදානම් කරන විදිහ ගැනත් හිතලා බලන්න ඕනේ.
මෙහෙයවන්නා ක්ෂේත්‍ර සේවා රැස්වීමකට සූදානම් වෙද්දී ප්‍රචාරකයන්ව දිරිගන්වන්නත් සේවයට සූදානම් කරන්නත් පුළුවන් විදිහ ගැන හිතලා බලන්න ඕනේ
8. සෙනසුරාදා හා ඉරිදා දවස්වලදී ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ තොරතුරු සාකච්ඡා කරන එකද?
8 සෙනසුරාදා දවස්වලදී හුඟක් වෙලාවට ප්‍රචාරකයන් ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්’ සඟරා ඉදිරිපත් කරනවා. සෙනසුරාදාට සේවයේ යන හුඟක් අය සතියේ දවස්වල යන්නේ නැති නිසා පවුලේ නමස්කාරයේදී සූදානම් වුණ දේවල් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ‘රාජ්‍ය සේවාවේ’ අත්හදා බැලීමට යෝජනා කියන කොටසේ තියෙන යෝජනාවක් සලකා බලන්න පුළුවන්. නැත්නම් ප්‍රදේශයට ගැළපෙන යම් පුවතක්, සිද්ධියක්, නිවාඩු දිනයක් මුල් කරගෙන ඉදිරිපත් කිරීමක් කරන විදිහ සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සඟරා ගත්ත කෙනෙක්ට නැවත බැලීමක් කරන්න පසුබිම සකස් කරගන්න විදිහ සාකච්ඡා කරන්නත් පුළුවන්. ඒ මාසයේ සඟරා ඉදිරිපත් කරපු අය ඉන්නවා නම් ලබපු අද්දැකීම් හා යෝජනා කෙටියෙන් අහන්න. ඉරිදා දවස්වලදී, මාසයේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුත් ඒ විදිහටම කරන්න පුළුවන්. බයිබල් පාඩමකට පාවිච්චි කරන ‘ප්‍රීතිමත් පණිවිඩයක්,’ ‘දෙවිට සවන් දෙන්න’ හා ‘බයිබලයේ ඉගැන්වීම්’ වගේ ප්රකාශනයක් ඕනෑම දවසක දෙන්න පුළුවන්. ඒ නිසා ඉන් එකක් ඉදිරිපත් කරන විදිහ කෙටියෙන් සලකා බලන්න මෙහෙයවන්නාට පුළුවන්.
9. විශේෂ ආරාධනා පත්‍රයක් හෝ පත්‍රිකාවක් බෙදාහරින සති අන්තයකදී සාකච්ඡා කරන්න පුළුවන් මොනවාද?
9 සති අන්තයේ විශේෂ ආරාධනා පත්‍රයක් හෝ පත්‍රිකාවක් බෙදාහරිනවා නම් මාසයේ බෙදාහරින සඟරා එක්කම ඒවා දෙන්නේ කොහොමද කියලා සලකා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් උනන්දුව පෙන්වපු කෙනෙක් හම්බ වුණොත් කරන්න පුළුවන් දේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. කරන්න පුළුවන් තවත් දෙයක් තමයි ඒ වගේ විශේෂ ආරාධනා පත්‍රයක් බෙදාහරින එකේ වැදගත්කම පෙන්වන හොඳ අද්දැකීම් ගැන සඳහන් කරන එක.
10, 11. ක්ෂේත්‍ර සේවා රැස්වීම සාර්ථක කරගන්න නම් ප්‍රචාරකයන් හොඳින් සූදානම් වෙන්න ඕන ඇයි?
10 ප්‍රචාරකයන් සූදානම් වෙන්න ඕනේ: මේ රැස්වීම සාර්ථක කරගන්න උදව් වෙන්න ප්‍රචාරකයන්ටත් පුළුවන්. පවුලේ නමස්කාරයේදී සේවය සඳහා සූදානම් වෙන විදිහ කලින්ම සලකා බැලුවොත් අනිත් අය එක්ක බෙදාගන්න හුඟක් දේවල් තියෙයි. හොඳින් සූදානම් වෙන එකට රැස්වීම පටන්ගන්න කලින් සඟරා, පොත් පත් සූදානම් කරගෙන තියෙන එකත් ඇතුළත්. එතකොට කාලය අපතේ නොයවා ඉක්මනින් සේවය පටන්ගන්න පුළුවන්.
11 විනාඩි කීපයකට කලින් ක්ෂේත්‍ර සේවා රැස්වීමට යන්න සැලසුම් කරන එක ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් සභා රැස්වීම්වලට වෙලාවට යන්න අපි වෑයම් කරනවා. පරක්කු වෙලා ගියොත් අනිත් අයට බාධා වෙයි. හැබැයි ක්ෂේත්‍ර සේවා රැස්වීමට පරක්කු වෙලා යන එක ඊටත් වඩා බාධාවක්. ඒ කොහොමද? රැස්වීම මෙහෙයවන කෙනා සැලසුම් යොදන්නේ කාරණා කීපයක් සැලකිල්ලට අරගෙනයි. රැස්වීම පවත්වන වෙලාවේ ප්‍රචාරකයන් ඉන්නේ ටිකදෙනෙක් නම් කලින් වැඩ කරපු ප්‍රදේශයක ඉතුරු කොටස කරන්න ඒ අයව යවන්න ඔහු තීරණය කරයි. පයින් ආපු අයව වාහන තියෙන අය එක්ක ඈත ප්‍රදේශයක සේවයට යවන්නත් තීරණය කරයි. සේවය කරන්න තියෙන්නේ අපරාධ වැඩි ප්‍රදේශයක නම් සහෝදරියන් කණ්ඩායමක් එක්ක සහෝදරයන් කණ්ඩායමක් එකම පැත්තේ සේවයේ යවන්න ඔහු තීරණය කරයි. එහෙම නැත්නම් සහෝදරයෙක් එක්ක සහෝදරියක්ව යවන්නත් ඔහු තීරණය කරයි. ශාරීරිකව දුබල අයව ඇවිදින්න පහසු පාරක යවන්න හෝ පඩි පෙළවල් අඩු ගෙවල්වලට යවන්න තීරණය කරන්නත් ඉඩ තියෙනවා. අලුත් ප්‍රචාරකයන්ව අද්දැකීම් තියෙන අය එක්ක යවන්නත් තීරණය කරයි. හැබැයි ප්‍රචාරකයන් පරක්කු වෙලා ආවොත් යම් වෙනසක් කරන්න හරි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හරි වෙනවා. සාධාරණ හේතුවක් නිසා පරක්කු වෙන එක කලාතුරකින් වෙන දෙයක්. ඒත් පුරුද්දක් හැටියට පරක්කු වෙනවා නම් අපි පරක්කු වෙන්නේ ක්ෂේත්‍ර සේවා රැස්වීම අගය කරන්නේ නැති නිසාද නැත්නම් කලින්ම දේවල් සැලසුම් කරලා පිළිවෙළකට වැඩ කරන්නේ නැති නිසාද කියලා හිතලා බලන එක සුදුසුයි.
12. ඔබ සේවයේ යන්න ඔබේම සැලසුම් යොදාගන්න කෙනෙක් නම් කරන්න පුළුවන් මොනවාද?
12 ක්ෂේත්‍ර සේවා රැස්වීම පටන්ගන්න කලින් තමන් එක්ක යන කෙනාව තෝරගන්න ප්‍රචාරකයන්ට පුළුවන්. ඔබ ඒ වගේ සැලසුම් යොදාගන්න කෙනෙක් නම් නිතරම එකම අයව තෝරගන්නේ නැතුව අනිත් ප්‍රචාරකයන් එක්කත් සේවයේ යන්න තෝරගත්තොත් ‘ඔබේ හදවතේ ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න’ පුළුවන්. (2 කොරි. 6:11-13) ඉඳලා හිටලා අලුත් ප්‍රචාරකයෙක් එක්ක සේවයේ යන්න ඔබට පුළුවන්ද? එතකොට ඔහුගේ හෝ ඇගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්න උදව් කරන්න පුළුවන්. (1 කොරි. 10:24; 1 තිමෝ. 4:13, 15) සේවය පටන්ගන්නේ කොහෙන්ද කියන කාරණය වගේ හැම මඟ පෙන්වීමකටම හොඳින් සවන් දෙන්න. රැස්වීම ඉවර වෙලා සැලසුම් වෙනස් කරන්න එපා. ඉක්මනින්ම සේවය පටන්ගන්න.
13. ක්ෂේත්‍ර සේවා රැස්වීමට එන හැමෝම තමන්ගේ කොටස හරියට කරනවා නම් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?
13 යේසුස් දේශනා සේවයේ යැව්ව 70දෙනා ‘ආපහු ප්‍රීතියෙන් ආවා.’ (ලූක් 10:17) ඔවුන්ගේ සේවය සාර්ථක වුණේ ඔවුන් යේසුස් දුන්න මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසයි. අද අපිටත් ක්ෂේත්‍ර සේවා රැස්වීමෙන් ඒ වගේ ප්‍රයෝජන ලැබෙනවා. එන හැමෝම තමන්ගේ කොටස හරියට කරනවා නම් ‘ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරන්න’ කියලා යේසුස් දීපු පැවරුම ඉටු කරන්න පුළුවන්. එතකොට ක්ෂේත්‍ර සේවා රැස්වීම අපිව දිරිගන්වන, සූදානම් කරවන, පිළිවෙළකට වැඩ කරන්න උදව් වෙන එකක් වෙයි.—මතෙ. 24:14.