ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/01 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සේවයට සූදානම් කරන ක්ෂේත්‍ර සේවා රැස්වීම්
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • සේවය සඳහා පවත්වන රැස්වීමෙන් ප්‍රයෝජන ගන්න
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • ක්ෂේත්‍ර සේවා රැස්වීම්
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • ක්ෂේත්‍ර සේවා රැස්වීම්වලදී තවදුරටත් දිනපදය සාකච්ඡා නොකරයි
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 9/01 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීමේදී සාකච්ඡා කළ යුතු තොරතුරු මොනවාද?

ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වනු ලබන රැස්වීමක අරමුණ වන්නේ, ඉන් අනතුරුව සිදු කෙරෙන සේවය කෙරෙහි අපේ මනස යොමු කරවාගැනීමට අපට උපකාර කිරීමයි. මේ නිසා මෙහෙයවන්නා දිරිගන්වනසුලු යමක් හොඳින් සූදානම් වී සිටිය යුතුයි. එමෙන්ම එය නිශ්චිත මෙන්ම ප්‍රායෝගිකද විය යුතුයි. එදිනට නියමිත දිනපදය දේශනා සේවයට කෙළින්ම අදාළ වෙනවා නම්, එය කියවා කෙටියෙන් සාකච්ඡා කළ හැකියි. කෙසේවෙතත්, මෙම රැස්වීමේදී මූලික අවධානය දිය යුත්තේ එදින සිදු කෙරෙන සේවය හා සම්බන්ධ කාරණා ගැනයි. එම දවසේ තමන් කරන සේවය සඳහා හොඳින් සූදානම් වීමට ක්ෂේත්‍ර සේවයට පැමිණ සිටින සියලුදෙනාටම උපකාරවත් වන දේවල් කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි.—2 තිමෝ. 4:5.

ඉදිරිපත් කිරීමට නියමිත පොත් පත් හා ඒවා ඉදිරිපත් කරන ආකාරය ගැන සියලුදෙනාවම දැනුවත් කිරීම සඳහා අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් අදාළ කරුණු සාකච්ඡා කළ හැකියි. සඟරා දවසේදී “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” නමැති කොටසින් ගත් ඉදිරිපත් කිරීමක් නිරූපණය කළ හැකියි. වෙනත් දවස්වලදී, සේවය කරන බලප්‍රදේශයට ගැළපෙන හැඳින්වීමක් දෙකක් සලකා බලන්න පුළුවන්. නිවසකදී බයිබලය පාවිච්චි කළ හැකි ආකාරය, සාකච්ඡාවට බාධා පමුණුවන තත්වයන් හසුරුවන ආකාරය, බයිබල් පාඩමක් ඉදිරිපත් කරන ආකාරය හෝ උනන්දුව දැක්වූ කෙනෙකුව නැවත හමු වෙන්න යන ආකාරය ගැන සාකච්ඡා කරන්න හෝ නිරූපණය කරන්න පුළුවන්.

සේවය සඳහා රැස්වීම මිනිත්තු 10 සිට 15 දක්වා කාලයකට සීමා විය යුතුයි. කණ්ඩායම සංවිධානය කිරීම, සේවය කළ යුතු ප්‍රදේශ පැවරීම හා යාච්ඤාවක් කිරීමද ඒ කාලයට ඇතුළත් වෙයි. තමන් සේවයේ හවුල් වන්නේ කා සමඟද, කොහේද කියා රැස්වීම අවසන් වූවාත් සමඟම හැම කෙනෙක්ම දැන සිටිය යුතුයි. පුළුවන් තරම් ඉක්මනින් සේවය ආරම්භ කළ යුතුයි. මෙම රැස්වීම කෙටි වේලාවකට සීමා වන නිසා හැම කෙනෙක්ම නියමිත වේලාවට පැමිණීම වැදගත්. සේවය සඳහා රැස්වීමක් පවත්වන්නේ මුරටැඹ පාඩම වැනි සභා රැස්වීමකින් පසුව නම්, එය සාමාන්‍යයට වඩා කෙටි විය යුතුයි. ඒ වන විටත් ශුද්ධ ලියවිලි මත පදනම් කදිම තොරතුරු සාකච්ඡා කර තිබෙන නිසා දිනපදය සාකච්ඡා කිරීම අවශ්‍ය නැහැ.

සේවය සඳහා රැස්වීම් පැවැත්වීමට, සුදුසුකම් තිබෙන බව්තීස්ම ලත් සහෝදරයන්ට කල් වේලා ඇතුව පැවරිය යුතුයි. ඇතැම් දවස්වල ක්ෂේත්‍රයේ මූලිකත්වය ගැනීමට මෙවන් සහෝදරයෙක් නැත්නම්, වැඩිමහල්ලන් බව්තීස්ම ලත් සහෝදරියකට එය පැවරිය යුතුයි. අනිත් අය වාඩි වී සිටිනවා නම්, මේ සහෝදරියටත් පුළුවන් වාඩි වී සිටින අතරතුරම දිනපදය හෝ සේවයට අදාළ වෙනත් කරුණු කෙටියෙන් සාකච්ඡා කරන්න. ඇය මෙය කරන්නේ හිස්වැස්මක් පැළඳගෙනයි.

සේවය සඳහා දිරිගැන්වීමක් ලැබීමටත් හොඳින් සූදානම් වීමටත් ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වනු ලබන රැස්වීම්වලින් අපට කදිම ප්‍රස්තාවක් ලැබෙයි. මෙහෙයවන්නා හොඳින් සූදානම් වන තරමටම, එයින් ලබාගත හැකි ප්‍රයෝජනද වැඩිය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න