ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 7 පි.
  • ක්ෂේත්‍ර සේවා රැස්වීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්ෂේත්‍ර සේවා රැස්වීමට යෝජනා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සේවයට සූදානම් කරන ක්ෂේත්‍ර සේවා රැස්වීම්
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • සේවය සඳහා පවත්වන රැස්වීමෙන් ප්‍රයෝජන ගන්න
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රශ්න පෙට්ටිය
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • ක්ෂේත්‍ර සේවා රැස්වීම්
    2009 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 7 පි.
පින්තූරවල අදහස: 1. ක්ෂේත්‍ර සේවා රැස්වීමට සහෝදරයෙක් සූදානම් වෙනවා. සහෝදරයා ඉදිරියේ තියෙන පින්තූරවල පත්‍රිකා, ප්‍රවෘති වාර්තාවක් සහ පත්‍රිකාව එපා කියන නිවැසියෙක්ව පෙන්නලා තියෙනවා. 2. ඊළඟ දවසේ ඒ සහෝදරයා ක්ෂේත්‍ර සේවා රැස්වීම මෙහෙයවනවා. එයාගේ අතේ පත්‍රිකාවක් සහ බයිබලයක් තියෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ක්ෂේත්‍ර සේවා රැස්වීමට යෝජනා

සභා රැස්වීම්වලින් වගේම ක්ෂේත්‍ර සේවා රැස්වීමෙනුත් ආදරේ පෙන්නන්න, යහපත් ක්‍රියා කරන්න යෙහෝවා අපිව පොලඹවනවා. (හෙබ්‍රෙ 10:24, 25) ක්ෂේත්‍ර සේවා රැස්වීම විනාඩි පහත් හතත් අතර වෙලාවකින් ඉවර කරන්න ඕනේ. (ඒක තියෙන්නේ රැස්වීමකට පස්සේ නම් ඒ වෙලාව තවත් අඩු කරන්න ඕනේ.) ප්‍රචාරකයන්ව බෙදන එක, සේවේ කරන්න ප්‍රදේශයක් දෙන එක සහ යාච්ඤා කරන එකත් කරන්න ඕනෙ ඒ වෙලාව ඇතුළතමයි. සේවේට ඇවිත් ඉන්න අයට උදව් වෙන දෙයක් ගැන කතා කරන්න රැස්වීම මෙහෙයවන කෙනා කලින්ම සූදානම් වෙන්න ඕනේ. උදාහරණෙකට සෙනසුරාදා සේවේ යන හුඟක් අය සතියේ දවස්වල සේවේ යන්නේ නැති නිසා සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් විදිහ ගැන ඒ වගේ දවසකදී කතා කරන එක හොඳයි. ක්ෂේත්‍ර සේවා රැස්වීමකදී කතා කරන්න පුළුවන් තව දේවල් මොනවාද?

  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ තියෙන සාකච්ඡාවකට යෝජනා

  • මෑතකදී වුණු සිද්ධියක් නැත්නම් ප්‍රවෘත්තියක් පාවිච්චි කරලා සාකච්ඡාවක් පටන්ගන්න විදිහ

  • නිතර ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ

  • දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති කෙනෙක්ට, පරිණාමවාදය පිළිගන්න කෙනෙක්ට, වෙන භාෂාවක් කතා කරන කෙනෙක්ට නැත්නම් සේවේ යන පැත්තේ වැඩිදෙනෙක් අදහන්නේ නැති ආගමක කෙනෙක්ට කතා කරන්න පුළුවන් විදිහ

  • සේවේදී jw.org වෙබ් අඩවිය, ‘JW ලයිබ්‍රරි’ ඇප් එක, බයිබලය පාවිච්චි කරන්න පුළුවන් විදිහ

  • ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනයක් හරි වීඩියෝ එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් විදිහ

  • දුරකථනයෙන් සාක්ෂි දරන එක, ලිපිවලින් සාක්ෂි දරන එක, පොදු සේවය, නැවත බැලීම්, බයිබල් පාඩම් වගේ එක එක විදිවලින් සේවේ හවුල් වෙන්න පුළුවන් විදිහ

  • ආරක්ෂාව, තත්වයට අනුව හැඩගැහෙන එක, දිගටම සතුටින් සේවේ කරන එක සහ හොඳ පුරුදු වගේ දේවල් ගැන

  • ‘ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න’ සඟරාවේ පාඩමක් හරි වීඩියෝ එකක් හරි

  • සේවේදී සහයට ඉන්න කෙනාව දිරිගන්වන්න, එයාට උදව් කරන්න පුළුවන් විදිහ

  • සේවෙට උදව් වෙන බයිබල් පදයක්, දිරිගැන්වෙන අද්දැකීමක් ගැන

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න