ක්ෂේත්‍ර සේවා කණ්ඩායමෙන් ප්‍රයෝජන ලබාගනිමු
1. පොත් පාඩම් කණ්ඩායම්වලින් වගේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම්වලිනුත් අපිට ලබාගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද?
1 ඉස්සර පොත් පාඩමේදී වගේ කණ්ඩායමක් විදිහට එක් රැස් වෙන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා ඔයාලට හිතිලා තියෙනවාද? කුඩා කණ්ඩායමක් විදියට එක් රැස් වුණ නිසා එකිනෙකාට ළං වෙන්නත් ඒ තුළින් විශ්වාසය ශක්තිමත් කරගන්නත් අපිට පුළුවන් වුණා. (හිතෝ. 18:24) ඒ වගේම අපි එක් එක් කෙනා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් තිබූ පොත් පාඩම භාර සහෝදරයාගෙන් අවශ්‍ය දිරිගැන්වීම්ද ලැබුවා. (හිතෝ. 27:23; 1 පේතෘ. 5:2, 3) ඒ ප්‍රයෝජනම දැන් තියෙන ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් මගිනුත් අපිට ලබාගන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා.
2. අපේ කණ්ඩායමේ ඉන්න අයත් එක්ක හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න අපිට කරන්න පුළුවන් මොකක්ද?
2 ඔබට කළ හැකි දේ: පොත් පාඩම් කණ්ඩායම වගේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායමත් කුඩයි. ඒ නිසා සේවයේ යද්දී අනිත් අයත් එක්ක “එකා මෙන්” වැඩ කිරීමෙන් හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න අපිට පුළුවන්. (ෆිලි. 1:27) කණ්ඩායමේ කීදෙනෙක් එක්ක ඔයාලා වැඩ කරලා තියෙනවාද? තව අය එක්ක වැඩ කරලා “හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න” පුළුවන්ද? (2 කොරි. 6:13) ඊට අමතරව පවුලේ නමස්කාරයට හෝ කෑමකට කණ්ඩායමේ ඉන්න කෙනෙක්ට ආරාධනා කරන්න පුළුවන්. සමහර සභාවල, කතාවක් දෙන්න වෙනත් සභාවලින් සහෝදරයන් ආවාම සභාවේ ඉන්න කණ්ඩායම් මාරුවෙන් මාරුවට කෑමක් සූදානම් කරනවා. ඒ දවසේදී කථිකයාට ඒකට සහභාගි වෙන්න බැරි වුණත් කෑම වේලක් එකට අරගෙන එකිනෙකාව ආශ්‍රය කරන්න ඒ අය ඒක අවස්ථාවක් කරගන්නවා.
3. ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් මාර්ගයෙන් එඩේරුන්ගේ දිරිගැන්වීම ලබන්න පුළුවන් අවස්ථා මොනවාද?
3 දැන් පොත් පාඩම් කණ්ඩායම් නැහැ කියලා කියන්නේ කණ්ඩායමේ අයව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට අවස්ථාව අඩු වෙනවා කියන එක නෙමෙයි. හැම කණ්ඩායමකටම කණ්ඩායම් භාර සහෝදරයෙක් ඉන්නවා. ඔහු එක් එක් කෙනාට අවශ්‍ය දිරිගැන්වීම සහ දේවසේවයට අවශ්‍ය පුහුණුව දෙනවා. ඔයාලගේ කණ්ඩායම් භාර සහෝදරයා එක්ක තාම සේවයේ ගිහිල්ලා නැත්නම් ඔහුත් එක්ක සේවයේ යන්න පුළුවන්ද කියලා අහන්න. සේවා සංවිධායක මාසෙකට එක සති අන්තයක කණ්ඩායමක් එක්ක සේවයේ යනවා. ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් සුළු ප්‍රමාණයක් තියෙන කුඩා සභාවන්වල අවුරුද්දට දෙපාරක් කණ්ඩායමක් එක්ක සේවය කරන්න ඔහු සැලසුම් කරන්න ඉඩ තියෙනවා. සේවා සංවිධායක ඔයාලගේ කණ්ඩායම එක්ක සේවයේ යන දවසට ඔයාලත් සේවයේ යන්න සැලසුම් කරනවාද?
4. (අ) ක්ෂේත්‍ර සේවා රැස්වීම් සැලසුම් කරලා තියෙන්නේ කොහොමද? (ආ) ක්ෂේත්‍ර සේවා රැස්වීමට ඔබේ නිවස දෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඕන ඇයි?
4 සති අන්තවල ක්ෂේත්‍ර සේවය සඳහා කණ්ඩායම් වෙන වෙනම හම්බ වෙන එක ප්‍රයෝජනවත්. එකම වෙලාවට තැන් කීපයක සේවය කරන්න සැලසුම් කරලා තියෙද්දී ක්ෂේත්‍ර සේවා රැස්වීමට සහභාගී වෙන්නත් සේවය කරන්න නියමිත තැනට යන්නත් ප්‍රචාරකයන්ට ලේසියි. ඒ වගේම ප්‍රචාරකයන්ව ඉක්මනින් බෙදන්නත් කණ්ඩායමේ ඉන්න එක් එක් කෙනාට හොඳ අවධානයක් දෙන්නත් කණ්ඩායම් භාර සහෝදරයාටත් ලේසියි. හැබැයි සමහර අවස්ථාවලදී කණ්ඩායම් දෙකක් හෝ ඊට වැඩි ගණනකට එකට සේවය කරන්නත් සිද්ධ වෙනවා. මාසයේ පළවෙනි සෙනසුරාදා හෝ මුරටැඹ පාඩමෙන් පස්සේ මුළු සභාවම ක්ෂේත්‍ර සේවයේ යන්න රැස් වෙනවා නම් ඒ අවස්ථාවේදී ක්ෂේත්‍ර සේවා රැස්වීම සඳහා කණ්ඩායම් වෙන වෙනම ඉඳගන්න එක හොඳයි. කණ්ඩායම් භාර සහෝදරයන්ට ඔවුන්ගේ කණ්ඩායමේ අයව බෙදන්න කාලය දුන්නට පස්සේ යාච්ඤාවකින් ක්ෂේත්‍ර සේවා රැස්වීම ඉවර කරන්න පුළුවන්.—“ක්ෂේත්‍ර සේවා රැස්වීමට ඔබේ නිවස දෙන්න පුළුවන්ද” නැමැති කොටුව බලන්න.
5. සභා පොත් පාඩම් සැලැස්ම දැන් නැති වුණත් අපිට නිසැක වෙන්න පුළුවන් කුමක් ගැනද?
5 සභා පොත් පාඩම් සැලැස්ම දැන් නැති වුණත් යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න අපිට උදව් වෙන හැම දෙයක්ම දෙවි අපිට සපයනවා. (හෙබ්‍රෙ. 13:20, 21) දෙවිගේ සැලකිල්ල නිසා අපිට කිසි හිඟයක් ඇති වෙන්නේ නැහැ. (ගීතා. 23:1) අපේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම තුළින් අපිට හුඟක් ආශීර්වාද ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ ආශීර්වාද ලබාගන්න අපි යම් වෑයමක් දරන්න ඕනේ. මොකද බයිබලයේ කියන්නේ “නිර්ලෝභීව වපුරන තැනැත්තා බොහෝ දේ කපාගනියි” කියලයි.—2 කොරි. 9:6.
[6වන පිටුවේ කොටුව]
ක්ෂේත්‍ර සේවා රැස්වීමට ඔබේ නිවස දෙන්න පුළුවන්ද?
ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්න තැනක් නැති නිසා සමහර වෙලාවට කණ්ඩායම් දෙක තුනක් සති අන්තයේ එක තැනක රැස් වෙනවා. ක්ෂේත්‍ර සේවා රැස්වීම සභා සැලැස්මේ අංගයක් නිසා ඔයාලගේ ගෙදර ඒ රැස්වීම පැවැත්වීමට ලැබීම ලොකු වරප්‍රසාදයක්. හැබැයි ‘ගෙදර එච්චර පහසුකම් නැහැනේ’ කියලා හිතලා අදිමදි කරන්න එපා. ක්ෂේත්‍ර සේවා රැස්වීම සඳහා ඔයාලගේ ගේ තෝරගනිද්දී වැඩිමහල්ලන් සලකා බලන්නේ ඔයාලගේ ගේ තියෙන තැන සහ පොත් පාඩම තියන්න තැනක් තීරණය කරද්දී සලකා බලපු දේවලට සමාන දේවලුයි. රැස්වීම ඔයාලගේ ගෙදර තියන්න කැමති නම් ඒ ගැන කණ්ඩායම් භාර සහෝදරයාට කියන්න.