‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
මාර්තු 2-8
දේවවචනය නිධානයක් | උත්පත්ති 22-23
ගැඹුරින් හොයමු
it-1-E 853 5-6¶
දෙයක් වෙන්න කලින් ඒ ගැන දැනගන්න තියෙන හැකියාව, ඉදිරියේ වෙන්න යන දේවල් කලින්ම තීරණය කරන්න තියෙන හැකියාව
ඉදිරියේ වෙන්න යන දේවල් දැනගන්න තමන්ට තියෙන හැකියාව දෙවියන් යොදාගන්න විදිහ. ඉදිරියේ වෙන්න තියෙන හැම දෙයක්ම දෙවියන් කලින්ම තීරණය කරලා තියෙනවා කියලා සමහරු විශ්වාස කළත් බයිබලයේ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඉදිරියේ වෙන්න යන හැම දෙයක්ම දැනගන්න දෙවියන්ට හැකියාව තිබුණත් ඔහු හැම වෙලාවෙම ඒ හැකියාව යොදාගන්නේ නැහැ කියලත් ඔහු ඒ හැකියාව යොදාගන්නේ තමන්ට අවශ්‍ය වෙලාවලදී විතරයි කියලත් බයිබලයේ කියලා තියෙන දේවලින් පැහැදිලි වෙනවා. ඒ වගේම දෙවියන්ගේ ගතිලක්ෂණ ගැන බයිබලයේ සඳහන් වෙන දේවල් නිසා ඔහු හැම වෙලාවෙම ඒ හැකියාව යොදාගන්නේ තමන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව කියලා විශ්වාස කරන්නත් අපිට පුළුවන්. දෙවියන් යම් කාරණයක් ගැන තීරණයක් ගන්න කලින් ඒ ගැන හොඳට හොයලා බලලා පවතින තත්වයන්ට අනුව තීරණයක් ගන්නවා මිසක් වෙන්න තියෙන හැම දේම කලින්ම තීරණය කරන්නේ නැහැ කියලා බයිබලයේ සඳහන් සමහර සිද්ධීන්වලින් පැහැදිලි වෙනවා.
උදාහරණයකට උත්පත්ති 11:5-8 සඳහන් වාර්තාවේ තියෙන තොරතුරු බලන්න. ඒ වාර්තාවෙන් පැහැදිලි වෙනවා දුෂ්ට අරමුණක් ඇතුව හදන්න පටන් අරන් තිබුණු බාබෙල් කොතේ වැඩ නතර කරන්න දෙවියන් තීරණය කළේ ස්වර්ගයේ ඉඳන් ඒ කොත හදන අයගේ ක්‍රියාකලාපය ගැන හොඳට හොයලා බැලුවාට පස්සෙයි කියලා. ඒ වගේම සොදොම් සහ ගොමෝරා නගරවල මිනිසුන්ගේ දුෂ්ටකම් වැඩි වෙද්දී යෙහෝවා දෙවියන් කටයුතු කරපු විදිහත් බලන්න. දෙවියන් ඒ අවස්ථාවේදී ආබ්‍රහම්ට කිව්වා, ඒ මිනිසුන්ට විරුද්ධව නඟපු ‘චෝදනා ඇත්තද බොරුද කියා දැනගැනීමට’ ඒ අයගේ ක්‍රියාකලාපය ගැන (දේවදූතයන් මාර්ගයෙන්) හොයලා බලන්න තමන් තීරණය කළා කියලා. (උත් 18:20-22; 19:1) යෙහෝවා දෙවියන් ආබ්‍රහම් ගැන කියපු දේත් බලන්න. “මම ආබ්‍රහම්ව හොඳින් දැන හඳුනා ගෙන සිටිමි” කියලා දෙවියන් එක අවස්ථාවකදී කියලා තිබුණා. ඒත් ආබ්‍රහම් ඊසාක්ව පූජාවක් විදිහට ඔප්පු කරන්න උත්සාහ කළාට පස්සෙයි ඔහු ආබ්‍රහම් ගැන මෙහෙම කිව්වේ. “ඔබ ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා මට දෙන්න පසුබට නොවූ නිසා ඔබට මා කෙරෙහි ගරුබියක් ඇති බව මම දැන් දනිමි.”—උත් 18:19; 22:11, 12; නෙහෙ 9:7, 8 බලන්න.
මාර්තු 9-15
දේවවචනය නිධානයක් | උත්පත්ති 24
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
yb08-E 11 3¶; 14 1¶
එක්සත් ජනපදය
වයස අවුරුදු 16ක් වන ජැකලින් දවසක් එයාගේ ගුරුවරියට යේසුස්ගේ මරණය සිහි කිරීමේ වැදගත්කම ගැන කියලා ආරාධනා පත්‍රිකාවක් දුන්නා. ගුරුවරිය සිහි කිරීමට ආවා. ඒ වැඩසටහන තිබුණේ අපේ සමුළු ශාලාවක. ඉතින් වැඩසටහනෙන් පස්සේ ජැකලින් සමුළු ශාලාව පෙන්නන්න ඒක වටේ ගුරුවරියව එක්කන් ගියා. එතන තිබුණ පිළිවෙළ, පිරිසිදුකම වගේම හැම දෙයක්ම හොඳින් සංවිධානය කරලා තිබුණ විදිහ දැකලා ගුරුවරිය පුදුම වුණා. ඒ වගේම ඒ හැම දේම ඉදි කරලා තියෙන්නෙත් නඩත්තු කරන්නෙත් ස්වේච්ඡා සේවකයන් කියලා දැනගත්තාම එයාට හිතාගන්න බැරුව ගියා. එදා දුන්න දේශනයෙන් ලැබුණු ප්‍රයෝජන ගැනත් කිව්වාට පස්සේ “ඒ දේශනයේ කිව්ව විදිහට බයිබල් පාඩමක් කරන්න මට පුළුවන් කොහොමද” කියලා ගුරුවරිය ජැකලින්ගෙන් ඇහුවා. ජැකලින් හරිම සතුටින් “මට පුළුවන් ඔයාට උදව් කරන්න” කියලා කිව්වා. හැම සඳුදාවකම ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ ජැකලින් එයාගේ ගුරුවරිය එක්ක බයිබල් පාඩමක් කරන්න කතා කරගත්තා.
ඕස්ට්‍රේලියාව
සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන තරුණයෙක් බයිබලේ ගැන ඉගෙනගන්න දේවල් එයා වැඩ කරපු ජිම් එකට යන එන අයත් එක්ක කිව්වා. ඒ ගැන උනන්දු වුණ එක කාන්තාවකට එයා සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාවක් දුන්නාම ඒ කාන්තාව සතුටින් ඒක භාරගත්තා. ඒ කාන්තාව තරුණ කාලේදී ළඟපාත තිබුණ නමස්කාර මධ්‍යස්ථානයක ගීතිකා ගායනා කරනවා ඇහිලා එතනට යන්නද කියලා එයාගේ අම්මලාගෙන් අහලා තියෙනවා. ඒත් එතනට යන්න විතරක් නෙවෙයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්නත් එපා කියලා එයාගේ අම්මලා එයාට කියලා තියෙනවා. ඒත් එයා කොහොමහරි රැස්වීම් කීපයකට ගිහින් තියෙනවා. හැබැයි පස්සේ එයාගේ පවුලේ අය පදිංචිය මාරු කරපු නිසා සාක්ෂිකරුවන්ව එයාට මඟහැරිලා තියෙනවා. සිහි කිරීමට ආවාට පස්සේ ඒ කාන්තාව සහෝදරියක් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. එයා දිගටම රැස්වීම්වලටත් සහභාගි වුණා. දැන් එයාගේ ස්වාමිපුරුෂයාත් උනන්දුවක් දක්වනවා. ටික කාලයකට පස්සේ අර ජිම් එකේ වැඩ කරන තරුණයාත් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වෙන්න සුදුසුකම් ලැබුවා. දැන් ඒ තරුණයා බව්තීස්ම වෙන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.
මාර්තු 16-22
දේවවචනය නිධානයක් | උත්පත්ති 25-26
“ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි”
it-1-E 1242
යාකොබ්
ඊසාක් වැඩියෙන්ම ආදරේ කළේ එයාගේ වැඩිමල් පුත් ඒසව්ටයි. එත් රෙබෙකා ආදරේ කළේ යාකොබ්ටයි. ඒසව් නිතරම දඩයමේ ගිය නොහික්මුණු, ආවේගශීලී කෙනෙක් කියලත් යාකොබ් අහිංසක ජීවිතයක් ගත කරපු, පවුලේ ඕනෑ එපාකම් ගැන හොයලා බලපු, වගකීමෙන් වැඩ කරපු කෙනෙක් කියලත් බයිබලයේ සඳහන් දේවලින් පැහැදිලි වෙනවා. බයිබලයේ යාකොබ්ව විස්තර කරලා තියෙන්නේ, කූඩාරම්වල ජීවත් වුණු ‘ධර්මිෂ්ඨ [හෙබ්‍රෙව් බසින්, “ටාම්”] මිනිසෙක්’ විදිහටයි. (උත් 25:27, 28) බයිබලයේ වෙනත් තැන්වලත් “ටාම්” කියන හෙබ්‍රෙව් වචනය දෙවියන්ගේ අනුමැතිය තියෙන අයව විස්තර කරන්න යොදාගෙන තියෙනවා. “ලේ පිපාසිත මිනිසා නිර්දෝෂ [හෙබ්‍රෙව් බසින්, “ටාම්”] අයට ද්වේෂ කරයි” කියලා එක තැනක සඳහන් වෙලා තියෙනවා. (හිතෝ 29:10) ඒ වුණත් “[නිර්දෝෂ තැනැත්තාට] සාමය පිරුණු අනාගතයක් ඇත” කියලා තවත් තැනක සඳහන් වෙනවා. (ගීතා 37:37) ඒ විතරක් නෙවෙයි දෙවියන්ට විශ්වාසවන්තව හිටපු යෝබ් තමන් “අවංක, නිර්දෝෂව [හෙබ්‍රෙව් බසින්, “ටාම්”] හැසිරෙන” කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා කියලත් සඳහන් වෙනවා.—යෝබ් 1:1, 8; 2:3.
it-1-E 835
වැඩිමලා, කුලුඳුලා
අතීතයේ ඉඳන්ම වැඩිමල් පුතාට පවුලේ විශේෂ ගෞරවයක් හිමි වුණා. තාත්තා මැරුණාම ගෘහ මූලිකයා විදිහට කටයුතු කළේ වැඩිමල් පුතායි. ඒ විතරක් නෙවෙයි තාත්තාට අයිති දේපළින් කොටස් දෙකක්ම උරුම වුණේ වැඩිමලාටයි. (ද්වි 21:17) යෝසෙප්ගේ සහෝදරයන් එයාත් එක්ක එකට කෑම කන්න ලෑස්ති වුණු අවස්ථාවේදී යෝසෙප් වැඩිමලා සිට බාලයා දක්වා අනුපිළිවෙළට සහෝදරයන්ව ඉන්දවමින් වැඩිමලා වන රූබෙන්ට වැඩි ගෞරවයක් ලබා දුන්නා. (උත් 43:33) එත් බයිබලයේ හැම අවස්ථාවකදීම වැඩිමල් පුතාට විශේෂ ගෞරවයක් දෙමින් වයසේ අනුපිළිවෙළට නම් ලැයිස්තුගත කරලා නැහැ. ඒ වෙනුවට සමහර අවස්ථාවලදී මූලිකත්වය අරන් කටයුතු කරපු කෙනාව නැත්නම් දෙවියන්ට විශ්වාසවන්තව කටයුතු කරපු කෙනාව තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ.—උත් 6:10; 1ලේක 1:28; උත් 11:26, 32; 12:4 බලන්න.
ගැඹුරින් හොයමු
it-2-E 245 6¶
බොරුව
දුෂ්ට අරමුණකින් බොරු කියන එක බයිබලේ හෙළාදැකලා තියෙනවා. ඒත් යම් තොරතුරක් දැනගන්න අවශ්‍ය නැති අයට ඒ තොරතුරු කියන්න අපි බැඳිලා ඉන්නවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. යේසුස් මෙහෙම කිව්වා. “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න. මන්ද එසේ කළොත් උන් ඒවා පාගා දමා ඇවිත් ඔබට අනතුරක් කරයි.” (මතෙ 7:6) සමහර අවස්ථාවලදී හැම තොරතුරක්ම කිව්වොත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා ඔහු තමන් එක්ක කතා කරපු හැම කෙනෙක්ටම හැම තොරතුරක්ම කියන්න ගියේ නැහැ. ඒ වගේම ඔහුගෙන් අහපු හැම ප්‍රශ්නයකටම කෙළින්ම උත්තරයක් දුන්නෙත් නැහැ. (මතෙ 15:1-6; 21:23-27; යොහ 7:3-10) ආබ්‍රහම්, ඊසාක්, රාහබ් සහ එලිෂා සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවියන්ට නමස්කාර නොකළ අයට සම්පූර්ණ තොරතුරු හෙළි නොකළෙත් එහෙමත් නැත්නම් එයාලව නොමඟ යැව්වෙත් ඒ හේතුව නිසාම වෙන්න ඇති.—උත් 12:10-19; 20 පරි.; 26:1-10; යොෂු 2:1-6; යාකො 2:25; 2රාජා 6:11-23.
මාර්තු 23-29
දේවවචනය නිධානයක් | උත්පත්ති 27-28
“යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා”
it-1-E 341 6¶
ආශීර්වාද
සාමාන්‍යයෙන් අතීතයේදී පියෙක් එයාගේ මරණයට ටික කාලෙකට කලින් තමන්ගේ පුතුන්ට ආශීර්වාද කරනවා. ඒ ආශීර්වාදය එදා සමාජයේ සැලකුවේ හුඟක් වැදගත්, වටිනා දෙයක් විදිහටයි. ඊසාක්, තමන්ගේ කුලුඳුල් පුතා වුණ ඒසව් කියලා හිතලා යාකොබ්ට ආශීර්වාද කළා. දෙවියන්ගේ අනුමැතිය තියෙන්නේ යාකොබ්ට කියලත් ඒසව්ට වඩා සමෘද්ධිමත් ජීවිතයක් එයාට ගත කරන්න ලැබෙනවා කියලත් ඊසාක් කරපු ආශීර්වාදයෙන් කියවුණා. ඒ වෙද්දී ඊසාක් මහලු වයසෙයි හිටියේ. එයාගේ පෙනීමත් දුර්වල වෙලයි තිබුණේ. ඒ නිසා ඒ ආශීර්වාදය ඒ විදිහටම ඉටු කරලා දෙන්න කියලා ඊසාක් ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා කියලත් හිතන්න පුළුවන්. (උත් 27:1-4, 23-29; 28:1, 6; හෙබ්‍රෙ 11:20; 12:16, 17) පස්සේ කාලෙක ඊසාක් තමා කලින් කරපු ආශීර්වාදයට තවත් දේවල් එකතු කරමින් ආයෙත් යාකොබ්ට ආශීර්වාද කළා. (උත් 28:1-4) මැරෙන්න කලින් යාකොබ් මුලින්ම ආශීර්වාද කළේ යෝසෙප්ගේ පුතුන් දෙන්නාටයි. (උත් 48:9, 20; හෙබ්‍රෙ 11:21) පස්සේ එයා තමන්ගේ පුතුන්ටත් ආශීර්වාද කළා. (උත් 49:1-28) ඒ විදිහටම මෝසෙසුත් තමන් මැරෙන්න කලින් මුළු ඊශ්‍රායෙල් ජාතියටම ආශීර්වාද කළා. (ද්වි 33:1) අපි දැන් බලපු හැම අවස්ථාවකදීම ආශීර්වාද කරපු විදිහටම දේවල් ඉටු වුණ එකෙන් පැහැදිලි වෙනවා ඒ ආශීර්වාද කරපු හැම කෙනෙක්ටම ඉදිරියේ වෙන්න තියෙන දේවල් කියන්න දෙවියන්ගෙන් බලය ලැබුණා කියලා. සමහර අවස්ථාවලදී ආශීර්වාදය ලබන කෙනාගේ හිස මත අත තබමින් තමයි ආශීර්වාදය කරලා තියෙන්නේ.—උත් 48:13, 14.
මාර්තු 30–අප්‍රියෙල් 5
දේවවචනය නිධානයක් | උත්පත්ති 29-30
“යාකොබ් විවාහ වෙයි”
it-2-E 341 3¶
විවාහය
විවාහ මංගල්‍යය. අතීතයේ ඊශ්‍රායෙල්වරුන්ගේ විවාහ මංගල්‍යයන් හුඟක් සතුටින් සමරපු අවස්ථාවන් වුණත් ඒවා පිළිගත් විශේෂ වත්පිළිවෙත් ඇතුළත් උත්සව නෙවෙයි. විවාහ වෙන දවසේදී මනමාලිය එයාගේ නිවසේ ඉඳන්ම මංගල්‍යයට සූදානම් වුණා. මුලින්ම මනාලිය නාලා ඇඟ පුරාම සුවඳ තෙල් ආලේප කරගත්තා. (රූත් 3:3; එස 23:40 බලන්න.) සමහර අවස්ථාවලදී මංගල ඇඳුම ඇඳගන්න මනාලියට සේවිකාවක් උදව් කළා. සාමාන්‍යයෙන් මනාලිය ඇන්දේ ළයවැස්මක් සහ ලස්සන වැඩ දාපු සුදු වස්ත්‍රයක්. වස්ත්‍රයේ වැඩ දාන ප්‍රමාණය තීරණය වුණේ මනාලියගේ වත්කම අනුවයි. (යෙරෙ 2:32; එළි 19:7, 8; ගීතා 45:13, 14) වත්කමක් තිබුණු මනාලියන් අලංකාර ආභරණවලිනුත් සැරසුණා. (යෙසා 49:18; 61:10; එළි 21:2) ආභරණ පැළඳගත්තාට පස්සේ මනාලිය හිස සිට පතුල දක්වා දිග සැහැල්ලු සළුවකින් මුළු ඇඟම වහගත්තා. (යෙසා 3:19, 23) ලාබන් යාකොබ්ට රාකෙල්ව විවාහ කරලා දෙන මුවාවෙන් එයා වෙතට ලෙයාව ගෙනාපු අවස්ථාවේදී යාකොබ් රැවටුණෙත් ලෙයා ඒ වගේ සළුවකින් මුළු ඇඟම වහලා හිටිය නිසා කියලා හිතන්න පුළුවන්. (උත් 29:23, 25) රෙබෙකා ඊසාක්ව මුණගැහෙන්න යද්දී එයාගේ හිස සළුවකින් වහගත්තා. (උත් 24:65) මනමාලියක් හිස වසාගැනීමෙන් මනමාලයාට එනම් මනමාලයාගේ මූලිකත්වයට එයා යටත් වෙන්න කැමතියි කියන එක සංකේතවත් කළා.—1කොරි 11:5, 10.
ගැඹුරින් හොයමු
it-1-E 50
දරුකමට හදාගැනීම
රාකෙල් සහ ලෙයා එයාලගේ සේවිකාවන් යාකොබ්ට දාව බිහි කරපු දරුවන්ව සැලකුවේ එයාලගේම දරුවන් විදිහටයි. (උත් 30:3-8, 12, 13, 24) යාකොබ්ගේ භාර්යාවන් දෙන්නාට බිහි වුණු දරුවන්ට වගේම සේවිකාවන් දෙන්නාට බිහි වුණු දරුවන්ටත් යාකොබ්ගේ උරුමය අයිති වුණා. ඒ දරුවන් යාකොබ්ට දාව ඉපදුණු නිසාත් සේවිකාවන් යාකොබ්ගේ භාර්යාවන්ට අයිති වුණු නිසාත් ඒ සේවිකාවන්ගේ දරුවන් රාකෙල්ටයි, ලෙයාටයි අයිතියි කියලා කියන්න පුළුවන්.
w04 1/15 28 6¶
උත්පත්ති පොතෙන් විශේෂාංග—II
30:14, 15—මැන්ඩ්‍රේක් ගෙඩි කීපයක් වෙනුවෙන් පිළිසිඳගැනීමට තිබූ ප්‍රස්තාවක් රාකෙල් පරිත්‍යාග කළේ මන්ද? පුරාණයේදී මත් ගතිය ඇති කරවන බෙහෙතක් වශයෙන් මෙන්ම මාංශ පේෂීන්හි ගැස්ම වළක්වන හෝ නැති කරන දෙයක් වශයෙන් මැන්ඩ්‍රේක් ගෙඩි යොදාගෙන ඇත. එය ලිංගික ආශාව උද්දීපනය කිරීමට සහ දරු පල වැඩි කිරීමට හෝ පිළිසිඳගැනීම සඳහා ආධාර කිරීමට හැකියාවක් ඇති ගෙඩියක් බවට විශ්වාස කෙරුණි. (සාලමොන්ගේ ගීතිකාව 7:13) හුවමාරු කිරීමේදී රාකෙල්ට තිබුණ චේතනාව බයිබලයේ හෙළි නොකළත්, තමාට පිළිසිඳගැනීමට මැන්ඩ්‍රේක් උපකාරවත් වනු ඇතැයි කියා මෙන්ම වඳ ස්ත්‍රියක ලෙස ලැබී ඇති නින්දාව පහ වෙයි කියා ඇය සිතුවා විය හැකියි. කෙසේවුවද, යෙහෝවා “ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූයේ” ඉන් වසර කීපයකට පසුවය.—උත්පත්ති 30:22-24.