ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr20 මැයි 1-2 පි.
  • වැඩපොත සඳහා තොරතුරු - 2020 මැයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩපොත සඳහා තොරතුරු - 2020 මැයි
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • මැයි 4-10
  • මැයි 11-17
  • මැයි 25-31
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr20 මැයි 1-2 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

මැයි 4-10

දේවවචනය නිධානයක් | උත්පත්ති 36-37

ගැඹුරින් හොයමු

it-1-E 678

ඒදොම්, ඒදොම්වරු

(ඒදොම්) [රතු].

ඒදොම් කියන්නේ යාකොබ්ගේ නිවුන් සහෝදරයා වන ඒසව්ට කියපු තවත් නමක්. (උත් 36:1) ඒසව්ට ඒ නම ආවේ රතු පාට ව්‍යංජනයක් වෙනුවෙන් එයා එයාගේ කුලුඳුල්කම විකුණපු නිසයි. (උත් 25:30-34) ඒසව් ඉපදෙද්දීත් එයාගේ ඇඟ පුරාම රතු පාට රෝම තිබුණා. (උත් 25:25) ඒසව් සහ එයාගෙන් පැවතෙන අය පස්සේ කාලෙක පදිංචි වුණු දේශයේ සමහර පැතිවල තිබුණු ගල්පර සහ පස් රතු පැහැයක් ගත්තා.

it-1-E 561-562

භාරකාරත්වය

එඬේරෙක් හරි ගොපල්ලෙක් හරි එයා සත්ව රැළක් බලාගන්නම් කියලා ඒ සතුන්ගේ අයිතිකරුට කියද්දී ඒකෙන් අදහස් වුණා ඒ සතුන්ව බලාගැනීමේ වගකීම නීත්‍යනුකූලව එයා භාරගත්තා කියලා. ඒ කියන්නේ සතුන්ව පෝෂණය කරන්න, සොර සතුරන්ගෙන් ආරක්ෂා කරන්න, උන්ට යම් හානියක් වුණොත් අයිතිකරුට වන්දියක් ගෙවන්න ඒ කෙනා සහතික වුණා කියන එකයි. ඒ කොහොමවුණත් දරුණු සතෙක්ගේ ප්‍රහාරයක් වගේ වළක්වගන්න බැරි හේතුවක් නිසා තමන් භාරයේ හිටිය සතෙක්ට යම් හානියක් වුණොත් එයා ඒ වගකීමෙන් නිදහස් වුණා. හැබැයි ඒ නීත්‍යනුකූල වගකීමෙන් එයා නිදහස් වෙන්න නම් අයිතිකරුට ස්ථිර සාක්ෂි ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා. උදාහරණෙකට ප්‍රහාරයට ලක් වුණු සතාගේ මළ කුණ වගේ දෙයක් පෙන්වන්න අවශ්‍ය වුණා. සතාට හානියක් වුණේ ඌව බලාගත්ත කෙනාගේ වරදක් නිසා නෙවෙයි කියලා ඉදිරිපත් කරපු සාක්ෂිවලින් පැහැදිලි වුණා නම් ඒ කෙනා නිදොස් කියලා අයිතිකරු පිළිගත්තා.

කෙනෙක්ට ඉඩමක් පවරද්දීත් පවුල් සබඳතාවලදීත් ඒ ප්‍රතිපත්තියම අදාළ වුණා. උදාහරණෙකට වැඩිමල් සහෝදරයා තමයි තමන්ගේ නංගිලා මල්ලිලාගේ නීත්‍යනුකූල භාරකරු වුණේ. යෝසෙප්ව මරන්න එයාගේ සහෝදරයන් කුමන්ත්‍රණය කරද්දී වැඩිමලා වුණු රූබෙන් යෝසෙප්ගේ ජීවිතය බේරගන්න උත්සාහ කළේ ඒ නිසයි. ඒ අවස්ථාවේදී රූබෙන් එයාගේ සහෝදරයන්ට මෙහෙම කිව්වා. “අපි ඔහුගේ ජීවිතේට හානියක් නොකරමු. . . . අනේ, ඔහුව මරන්න නම් එපා. . . . ඔහුට කිසි අනතුරක් කරන්න එපා.” එයා එහෙම කිව්වේ යෝසෙප්ව එයාගේ සහෝදරයන්ගේ අතින් ගලවලා ආපහු පියාට භාර දීමේ අදහසිනුයි. යෝසෙප් නැහැයි කියලා දැක්කාම රූබෙන් හුඟක් බය වුණා. එයා හරිම දුකෙන් එයාගේ ඇඳුම ඉරාගෙන “දරුවා නැහැනේ! දැන් මම මොනවාද කරන්නේ?” කියලා එයාගේ සහෝදරයන්ගෙන් ඇහුවා. (උත් 37:18-30) මොකද යෝසෙප් නැති වුණු එක ගැන තමන්ට වග කියන්න වෙනවා කියලා රූබෙන් දැනගෙන හිටියා. රූබෙන්ව වගකීමෙන් නිදහස් කරන්න එයාගේ සහෝදරයන් කපටි විදිහට බොරු සාක්ෂි හැදුවා. යෝසෙප් දරුණු සතෙක්ගේ ප්‍රහාරයකට ලක් වෙලා මැරුණා කියලා අඟවන්න එයාලා යෝසෙප්ගේ ඉරි වැටුණු ඇඳුම එළුවෙක්ගේ ලේවල පෙඟෙව්වා. ඊටපස්සේ පවුලේ හිස සහ විනිසුරු වුණු එයාලගේ පියා වන යාකොබ්ට එයාලා ඒ සාක්ෂිය ඉදිරිපත් කළා. ලේවලින් පෙඟුණු යෝසෙප්ගේ ඇඳුම දැක්කාම යාකොබ් හිතුවේ යෝසෙප් ඇත්තටම මැරිලා කියලා. එයාලා ඉදිරිපත් කරපු සාක්ෂි යාකොබ් පිළිගත්ත නිසා නිදහසට කරුණු කියන්න රූබෙන්ට අවශ්‍ය වුණේ නැහැ.—උත් 37:31-33.

මැයි 11-17

දේවවචනය නිධානයක් | උත්පත්ති 38-39

ගැඹුරින් හොයමු

it-2-E 555

ඕනාන්

(ඕනාන්) [ඒ නම හැදිලා තියෙන්නේ “ප්‍රජනන හැකියාව, සවිශක්තිය” කියන අර්ථය ඇති හෙබ්‍රෙව් වචනයකින්].

ඕනාන් කියන්නේ යූදාගෙත් කානානි ජාතිකයෙකුගේ දියණියක් වුණු ෂුවාගෙත් දෙවෙනි පුතායි. (උත් 38:2-4; 1ලේක 2:3) ඕනාන්ගේ වැඩිමල් සහෝදරයා වුණු ඒර් කරපු වරදක් නිසා යෙහෝවා දෙවියන් ඒර්ව මරණයට පත් කළා. ඒ වෙද්දී ඒර්ට දරුවන් හිටියේ නැහැ. ඒ නිසා යූදා ඕනාන්ට කිව්වා මස්සිනාගේ යුතුකම් ඉටු කරමින් තාමර් එක්ක විවාහ වෙන්න කියලා. ඒ විවාහයෙන් පුතෙක් ඉපදුණා නම් ඒ පුතා ගෙන යන්නේ ඕනාන්ගේ නම නෙවෙයි ඒර්ගේ නමයි. ඒ වගේම වැඩිමලාට හිමි උරුමය ලැබෙන්නෙත් ඒ පුතාටයි. ඒත් පුතෙක් ඉපදුණේ නැත්නම් වැඩිමලාට හිමි උරුමය ලැබෙන්නේ ඕනාන්ටයි. බයිබලයේ කියනවා ඕනාන් තාමර් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වද්දී “තම ශුක්‍රධාතු බිම වැගිරෙන්න සැලැස්සුවා” කියලා. ශුක්‍රාණු බිම වැගිරෙන්න සැලැස්සුවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඕනාන් ස්වයංවින්දනයේ යෙදුණා කියලා. මොකද එයා තම ශුක්‍රධාතු බිම වැගිරෙන්න සැලැස්සුවේ “තම සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය කළ විටදීයි” කියලා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕනාන් තම ශුක්‍රාණු තාමර්ගේ යෝනි මාර්ගයට යන එක හිතාමතාම වැළැක්වුවා කියන එකයි. ඕනාන්ට දරුවෙක් ලැබෙන්න කලින් යෙහෝවා දෙවියන් ඕනාන්ව මරණයට පත් කළා. දෙවියන් ඕනාන්ව මරණයට පත් කළේ එයා පියාට අකීකරු වුණු නිසා, උරුමය ලබාගන්න එයාට තිබුණු තණ්හාව නිසා සහ විවාහය සම්බන්ධයෙන් දෙවියන් ඇති කරලා තිබුණු සැලැස්මට විරුද්ධව එයා වැඩ කරපු නිසා මිසක් සමහරු හිතන විදිහට එයා ස්වයංවින්දනයේ යෙදුණු නිසා නෙවෙයි.—උත් 38:6-10; 46:12; ගණන් 26:19.

මැයි 25-31

දේවවචනය නිධානයක් | උත්පත්ති 42-43

“යෝසෙප් තමන්වම පාලනය කරගත්තා”

it-2-E 108 4¶

යෝසෙප්

යෝසෙප්ගේ අර්ධ සහෝදරයන් එයාලට අද්දකින්න වුණු දේවල් නිසා හිතුවා මීට අවුරුදු ගාණකට කලින් යෝසෙප්ව වහල්භාවයට විකුණපු එකට දෙවියන් දැන් එයාලට දඬුවම් කරනවා කියලා. ඒ වෙද්දී එයාලා යෝසෙප්ව අඳුරගෙන තිබුණේ නැති නිසා කරපු වරද ගැන යෝසෙප් ඉදිරියේම එයාලා කතා වුණා. එයාලා කොයි තරම් පසුතැවෙනවාද කියලා එයාලගේ කතාබහෙන් යෝසෙප් තේරුම්ගත්තා. ඒ නිසා ඇති වුණු දුක වාවගන්න බැරුව යෝසෙප් එතැනින් ඉවතට ගිහින් හොඳටම ඇඬුවා. ඊටපස්සේ එයාගේ සහෝදරයන් බාලම මල්ලි එක්ක ආපහු ඊජිප්තුවට එන කල් සිමියොන්ව රඳවගන්න කියලා යෝසෙප් අණ කළා.—උත් 42:21-24.

ගැඹුරින් හොයමු

it-2-E 795

රූබෙන්

යෝසෙප්ගේ සහෝදරයන් එයාව මරන්න කුමන්ත්‍රණය කරපු අවස්ථාවේදී රූබෙන් කටයුතු කරපු විදිහෙන් පැහැදිලි වෙනවා එයාට හොඳ ගතිගුණ තිබුණා කියලා. ඒ වෙලාවේ යෝසෙප්ව මරලා දාන්න ඉඩ දෙනවා වෙනුවට යෝසෙප්ව වතුර වළකට තල්ලු කරලා දාමු කියලා එයා තම සහෝදරයන්ට කිව්වා. රූබෙන් එහෙම කිව්වේ පස්සේ වෙලාවක එතැනට ඇවිත් යෝසෙප්ව බේරගන්න අදහසින්. (උත් 37:18-30) අවුරුදු 20කට පස්සේ ඊජිප්තු දේශයේදී ඔත්තුකාරයන් විදිහට චෝදනා ලබද්දී එයාලට එහෙම වුණේ යෝසෙප්ට අකාරුණික විදිහට සලකපු නිසයි කියලා එයාලා කතා වුණා. තමන් යෝසෙප්ව බේරගන්න උත්සාහ කළා කියන එක රූබෙන් ඒ වෙලාවේ එයාලට මතක් කරලා දුන්නා. (උත් 42:9-14, 21, 22) දෙවෙනි පාරටත් එයාලා ආපහු ඊජිප්තුවට යන්න හදද්දී බෙන්ජමින්ව එයාලත් එක්ක අරන් යන්න උත්සාහ කළාම යාකොබ් ඒකට අවසර දුන්නේ නැහැ. ඒ අවස්ථාවේදී බෙන්ජමින්ව අනිවාර්යයෙන්ම ආපහු ගෙදර එක්කන් එනවා කියලා සහතික කරමින් රූබෙන් යාකොබ්ට මෙහෙම කිව්වා. “[බෙන්ජමින්ව] ගෙදරට එක්කගෙන ආවේ නැත්නම් මගේ පුතාලා දෙන්නාව මරා දමන්න.”—උත් 42:37.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න