යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අවසානය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගන්න
ඒක වැදගත් ඇයි? ළඟදීම හුඟක් බය හිතෙන දේවල් සිද්ධ වෙනවා. ඒවාට හොඳින් මුහුණ දෙන්න නම් වෙන කවදාටත් වඩා ලොකු ධෛර්යයකුත් යෙහෝවා දෙවියන් ගැන ස්ථිර විශ්වාසයකුත් අපිට තියෙන්න ඕනේ. අසත්‍යය උගන්වන ආගම් විනාශ වෙනවාත් එක්කම මහත් පීඩාව පටන්ගන්නවා. (මතෙ 24:21; එළි 17:16, 17) හුඟක් දුරට ඒ කාලයේදී මිනිසුන්ට විනිශ්චය පණිවිඩයක් දැනුම් දෙන්න අපිට සිද්ධ වෙයි. ඒකට අනිවාර්යයෙන්ම ලොකු ධෛර්යයක් තියෙන්න ඕනේ. (එළි 16:21) මාගොග් දේශයේ ගොග් එල්ල කරන ප්රහාරයටත් අපිට මුහුණ දෙන්න වෙනවා. (එස 38:10-12, 14-16) ඒත් එක්කම “දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” පටන්ගන්නවා. (එළි 16:14, 16) ඉදිරියේදී වෙන්න යන දේවලට ධෛර්යවන්තව මුහුණ දෙන්න නම් අපි දැන් ඉඳලාම විශ්වාසය සෝදිසියට ලක් වෙන හැම අවස්ථාවකදීම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඕනේ.
ඒක කරන්නේ කොහොමද?
අමාරු අවස්ථාවලදී වුණත් නිර්භීතව යෙහෝවා දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට ඇලිලා ඉන්න.—යෙසා 5:20
දිගටම සහෝදර සහෝදරියන් එක්ක යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න.—හෙබ්‍රෙ 10:24, 25
සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට ඉක්මනින්ම කීකරු වෙන්න.—හෙබ්‍රෙ 13:17
අතීතයේදී යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව ගලවගත්ත විදිහ ගැන හොඳට හිතන්න. —2පේතෘ 2:9
යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. දිගටම ඔහුව විශ්වාස කරන්න.—ගීතා 112:7, 8
‘ඉදිරියේදී අපිට ධෛර්යය ඕනෙමයි - කෙටි වීඩියෝව’ බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
එක සභාවක ප්‍රචාරකයන්ව වෙනත් සභාවලට යවන්න ගත්ත තීරණය නිසා එයාලගේ කීකරුකම සෝදිසියට ලක් වුණේ කොහොමද?
කීකරු වෙන්න නම් ධෛර්යය තියෙන්නම ඕනෙ කියලා කියන්නේ ඇයි?
හර්–මගෙදොන් යුද්ධයට මුහුණ දෙන්න නම් ධෛර්යය තියෙන්නම ඕනෙ ඇයි?
ඉදිරියේදී වෙන්න නියමිත දේවලට ධෛර්යවන්තව මුහුණ දෙන්න දැන් ඉඳලාම සූදානම් වෙන්න
යෙහෝවා දෙවියන්ට අපිව ගලවගන්න පුළුවන් කියන අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ බයිබලයේ තියෙන මොන වාර්තාවද?—2ලේක 20:1-24