ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 5 පි.
  • ඔයාගේ විවාහය රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ විවාහය රැකගන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සතුට පිරුණ යුග දිවියකට ඔවදන්
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විවාහය දෙකඩ වන අවස්ථාවක පවතී නම්
    පවුලේ සන්තෝෂයට රහස
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 5 පි.
සැමියායි, බිරිඳයි එකතු වෙලා සතුටින් රෙදි හෝදනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ විවාහය රැකගන්න

යෙහෝවා දෙවියන් විවාහ පොරොන්දුවක් සලකන්නේ බැරෑරුම් දෙයක් විදිහට. යුවළක් දිගටම එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕනෙ කියලා ඔහු කිව්වා. (මතෙ 19:5, 6) විවාහ ජීවිතය සතුටින් ගත කරන හුඟදෙනෙක් අපි අතරේ ඉන්නවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා. ප්‍රශ්න ඇති වුණාම ඒකට විසඳුම වෙන් වෙන එක නැත්නම් දික්කසාද වෙන එක කියලා හුඟක් අය හිතනවා. ඒත් අපි එහෙම හිතන්න හොඳ නැහැ. විවාහ බැඳීම රැකගන්න ඔයාට පුළුවන් කොහොමද?

විවාහය රැකගන්න උදව් වෙන පියවර 5ක් බලමු.

  1. ඉඟි බිඟි පාන එක, අනාචාරය ඇතුළත් දේවලින් විනෝද වෙන එක වගේ විවාහ බැඳීම දුර්වල කරන දේවලින් ඈත් වෙන්න.—මතෙ 5:28; 2පේතෘ 2:14.

  2. දෙවියන් එක්ක තියෙන ඔයාගේ බැඳීම ශක්තිමත් කරගන්න. ඔහුව සතුටු වෙන විදිහට විවාහ ජීවිතය ගත කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න.—ගීතා 97:10.

  3. අලුත් පෞද්ගලිකත්වය දිගටම පැළඳගෙන ඉන්න. සැමියාට/බිරිඳට උදව්වක් වෙන පුංචි දේවල් වුණත් කරන්න උත්සාහ කරන්න.—කොලො 3:8-10, 12-14.

  4. නිතරම අදහස් හුවමාරු කරගන්න. ඒක ගෞරවනීයව කරන්න. අර්ථවත් දේවල් ගැන කතා කරන්න.—කොලො 4:6.

  5. විවාහය තුළ ආදරය සහ සෙනෙහස පෙන්වන්න.—1කොරි 7:3, 4; 10:24.

විවාහ බැඳීම ගෞරවනීයව සලකද්දී ඔයා ඒකෙන් පෙන්වන්නේ විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ට ඔයා ගෞරව කරනවා කියලයි.

‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තරඟ නීති පිළිපදින්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තරඟ නීති පිළිපදින්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදර සහ සහෝදරී ක්ලෝඩියස් විවාහ දේශනයෙන් පස්සේ සතුටින් හිනා වෙනවා.

    විවාහ ජීවිතයේ මොන වගේ අභියෝග ඇති වෙන්න පුළුවන්ද?

  • ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තරඟ නීති පිළිපදින්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ක්ලෝඩියස් යුවළ සන්සුන්ව ප්‍රශ්නය ගැන කතා කරනවා. මේසය උඩ දිග ඇරපු බයිබලයක් තියෙනවා.

    විවාහයේ සතුටක් නැහැ කියලා හිතන අයට බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද?

  • ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තරඟ නීති පිළිපදින්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදර ක්ලෝඩියස් එයාගේ බිරිඳට සහ දරුවන් ඇහෙන්න ‘මගේ බයිබල් කතන්දර පොතේ’ කතන්දරයක් කියවනවා.

    විවාහ ජීවිතය සතුටින් ගත කරන්න බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න

    විවාහ ජීවිතය ගැන දෙවියන් දීලා තියෙන නීති මොනවාද?

  • සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් යුවළක් කරන්න ඕනෙ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න