ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 9 පි.
  • යෙහෝවා දෙවියන් සහ යේසුස් ලබා දෙන නිදහස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් සහ යේසුස් ලබා දෙන නිදහස
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න ගැටලු මැදින් යෙහෝවා අපිව පරෙස්සමට ගෙනියනවා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පරීක්ෂාවන් දෙස අප බැලිය යුත්තේ කෙසේද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පීඩා සතුටින් විඳදරාගන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 9 පි.
යේසුස් ස්වර්ගයේ තියෙන සිංහාසනයේ ඉඳන් පහළ බලනවා. ලොකු ආලෝකයක් විහිදෙන දෙවියන්ගේ සිංහාසනය පිටුපසින් තියෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවියන් සහ යේසුස් ලබා දෙන නිදහස

ඔයා පවුලේ අයව බලාගන්න මැරීගෙන වැඩ කරන තාත්තා කෙනෙක්ද? ඔයා තනියම දරුවන්ව හදා වඩා ගන්න මහන්සි වෙන අම්මා කෙනෙක්ද? ඔයා ඉස්කෝලේ චණ්ඩි ළමයින්ගෙන් හිරිහැර විඳින යෞවනයෙක්ද? නැත්නම් ලෙඩ දුක් නිසා මහලු වයස නිසා දුක් විඳින කෙනෙක්ද? අපි හැමෝම මොකක් හරි ප්‍රශ්නයකින් දුක් විඳිනවා. හුඟක් අයට ප්‍රශ්න දෙක තුනක් එක්ක පොරබදින්න වෙලා තියෙනවා. ඒත් අපි දන්නවා මේ හැම ප්‍රශ්නයකින්ම ළඟදීම නිදහස ලැබෙනවා කියලා.—2කොරි 4:16-18.

අපි මුහුණ දෙන හැම දෙයක්ම යෙහෝවා දෙවියන් දන්නවා. ඒ දේවල් විඳදරාගෙන ඔහුට ළැදිව ඉන්න එක ඔහු හුඟක් අගය කරනවා. අපිට ආශීර්වාද කරන්න ඔහු ඉන්නේ ආසාවෙන්. ඒ දේවල් දැනන් ඉන්න එක අපිට ලොකු සහනයක් නේද? (යෙරෙ 29:11, 12) යේසුත් අපි එක් එක් කෙනා ගැන හුඟක් සැලකිලිමත්. ඒ නිසයි අපි දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් කරද්දී ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’ කියලා ඔහු පොරොන්දු වෙලා තියෙන්නේ. (මතෙ 28:20) දේවරාජ්‍යයෙන් අපිට ලබා දෙන ඒ පුදුමාකාර නිදහස ගැන හිතන තරමට අපේ බලාපොරොත්තුවත් විඳදරාගන්න තියෙන අධිෂ්ඨානයත් තව ශක්තිමත් කරගන්න අපිට පුළුවන්.—රෝම 8:19-21.

‘කාලය දරුණු වෙන්න වෙන්න යේසුස් දිහාම බලාගෙන ඉන්න! - පාරාදීසයේ ජීවිතය’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මිනිසුන්ට දෙවියන් එක්ක තිබුණ බැඳීම නැති වුණේ කොහොමද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

  • යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට ලැබෙන්නේ මොන වගේ අනාගතයක්ද?

  • ඒ ලස්සන අනාගතය අපිට ලැබෙන්නේ මොකක් නිසාද?

  • ඔයා ආසාවෙන් බලන් ඉන්නේ දෙවියන් දෙන්න යන මොන ආශීර්වාද අද්දකින්නද?

පින්තූරවල අදහස: මිනිසුන් පාරාදීසයේ දෙවියන් දෙන ආශීර්වාද සතුටින් භුක්ති විඳිනවා. 1. නැවත නැඟිටලා එන කෙනෙක්ව සහෝදරියක් වැලඳගන්නවා. 2. ඇති තරම් කෑම, පිරිසිදු පොළොවක් සහ සාමය තියෙන නිසා හැමෝම සතුටින් ඉන්නවා.

ඔයා පාරාදීසයේ ඉන්නවා හිතින් මවාගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න