ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 13 පි.
  • පීඩා තාවකාලිකයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩා තාවකාලිකයි!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න ගැටලු මැදින් යෙහෝවා අපිව පරෙස්සමට ගෙනියනවා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දිගටම ඉවසන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයා ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 13 පි.
පින්තූරවල අදහස: “බෙදුණු ලෝකෙක නොබෙදුණු සෙනඟක්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. 1. කළු ජාතික සහෝදර සහෝදරියන් විතරක් සහභාගි වුණ සමුළුවක්. 2. කළු ජාතික සහ සුදු ජාතික වැඩිමහල්ලන් එයාලගේ භාර්යාවන් එක්ක ඉන්න ෆොටෝ එකක්. 3. ජාතිය, වයස වෙනස් වුණත් එකට පොදු සේවේ හවුල් වෙන සහෝදරියන් දෙන්නෙක්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

පීඩා තාවකාලිකයි!

පීඩා නිසා, විශේෂයෙන්ම කාලයක් තිස්සේ විඳින පීඩා නිසා අපි අධෛර්යය වෙන්න පුළුවන්. ඒත් දාවිත් ගැන හිතන්න. එයා දැනන් හිටියා සාවුල් රජගෙන් එන පීඩා වැඩි කාලයක් තියෙන්නේ නැහැ, පොරොන්දු වුණ විදිහටම යෙහෝවා දෙවියන් එයාව රජ විදිහට පත් කරනවා කියලා. (1සාමු 16:13) යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් බලන් ඉන්න ඒ විශ්වාසය දාවිත්ට උදව් වුණා.

පීඩාවකට මුහුණ දෙද්දී දැනුමයි, සිතීමේ හැකියාවයි පාවිච්චි කරලා බුද්ධිමත්ව වැඩ කෙරුවොත් අපි අද්දකින තත්වය වෙනස් කරගන්න පුළුවන් වෙයි. (1සාමු 21:12-14; හිතෝ 1:4) හැබැයි සමහර අවස්ථාවලදී බයිබල් ප්‍රතිපත්ති ඔක්කොම අදාළ කරගෙන, කරන්න පුළුවන් හැම දේම කෙරුවත් සමහර දේවල් වෙනස් කරගන්න අපිට බැරි වෙයි. එතකොට මොකද කරන්නේ? යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න ඕනේ. ඔහු ළඟදීම දුකට හේතු වෙන හැම දෙයක්ම නැති කරලා අපේ “ඇස්වලින් සියලු කඳුළු පිස දානවා.” (එළි 21:4) අපේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ යෙහෝවාගෙම මැදිහත් වීමෙන්ද නැත්නම් වෙන විදිහකින්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් දන්නවා. ඒ තමයි අපිට මුහුණ දෙන්න වෙන ඕනෙම පීඩාවක් තාවකාලිකයි කියන දේ. ඒක කොච්චර සහනයක්ද!

‘බෙදුණු ලෝකෙක නොබෙදුණු සෙනඟක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • එක්සත් ජනපදයේ සහෝදරයන් මුහුණ දුන්නේ මොන අභියෝගවලටද?

  • එයාලා දිගටම ඉවසීමෙන් වැඩ කළෙත් ආදරය පෙන්නුවෙත් කොහොමද?

  • එයාලා දිගටම “වඩා වැදගත් දේවල්වලට” අවධානය දුන්නේ කොහොමද?—ෆිලි 1:10

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න