ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 15 පි.
  • යෙහෝවා උත්තර දෙන විදිහ ඔයා තේරුම්ගන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා උත්තර දෙන විදිහ ඔයා තේරුම්ගන්නවාද?
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන් උත්තර දෙන්නේ කොහොමද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් මගේ යාච්ඤා අහනවාද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 15 පි.
සහෝදරියක් යාච්ඤා කරනවා. මේසෙ උඩ බයිබලයක් තියෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා උත්තර දෙන විදිහ ඔයා තේරුම්ගන්නවාද?

යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් හිතේ දුකෙන් කරපු හුඟක් යාච්ඤාවලට උත්තර දීලා තියෙනවා. ඒ යාච්ඤාවලට ඔහු උත්තර දුන්න විදිහ අද්දැක්කාම එයාලගේ විශ්වාසය ශක්තිමත් වුණා කියලා නම් කිසිම සැකයක් නැහැ. අපිත් අපේ ප්‍රශ්න ගැන නිශ්චිතවම කියලා ඔහු උත්තර දෙන විදිහ ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. සමහරවිට ඔහු අපිට උත්තර දෙන්නේ අපි ඉල්ලපු විදිහටම නොවෙන්න පුළුවන්. (2කොරි 12:7-9) අනිත් අතට ඉල්ලුවාටත් වඩා වැඩියෙන් දේවල් කරන්නත් ඔහුට පුළුවන්. (එෆී 3:20) මේ ඔහු අපේ යාච්ඤාවලට උත්තර දෙන විදි කීපයක්.

  • ප්‍රශ්නවලට මූණ දෙන්න ඕනෙ කරන ශක්තිය, සන්සුන්කම සහ විශ්වාසය.—ෆිලි 4:13

  • හොඳ තීරණයක් ගන්න ප්‍රඥාව.—යාකො 1:5

  • හරි දේ කරන්න ආශාව සහ පෙලඹීම.—ෆිලි 2:13

  • කලබල වුණාම හිතේ සාමය.—ෆිලි 4:6, 7

  • අපිට අවශ්‍ය දේවල්, දිරිගැන්වීම සහ සහනය.—1යොහ 3:17, 18

  • අපි යාච්ඤා කරපු අයට අවශ්‍ය උදව්.—ක්‍රියා 12:5, 11

‘යෙහෝවා දෙවියන් “යාච්ඤා අසන තැනැත්තාණන්”’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඔයා අසනීප නිසා හිතපු තරම් දේවල් කරගන්න බැරුව ඉන්න කෙනෙක් නම් සහෝදර ෂිමිසුගේ අද්දැකීම ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

  • අපිට සහෝදර ෂිමිසුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න