ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr23 නොවැම්බර් 1-2 පි.
  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • නොවැම්බර් 6-12
  • නොවැම්බර් 20-26
  • දෙසැම්බර් 11-17
  • දෙසැම්බර් 18-24
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr23 නොවැම්බර් 1-2 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

නොවැම්බර් 6-12

දේවවචනය නිධානයක් | යෝබ් 13-14

දේවවචනයෙන් මැණික්

it-2-E 905

සෙවණැල්ල

ඉරේ ගමන අනුව සෙවණැල්ලක ප්‍රමාණය වෙනස් වෙලා අන්තිමට ඒක නොපෙනී යනවා. ඒක මිනිස්සුන්ගේ ජීවිතය කොච්චර තාවකාලිකද කියලා පෙන්වන්න පාවිච්චි කරන උදාහරණයක්. (1ලේක 29:15; යෝබ් 8:9; 14:1, 2; ගීතා 102:11; 144:4; දේශ 6:12; 8:13) ‘සෙවණැල්ලක්, බැස යන හිරුත් සමඟම පහ වී යනවා වගේ’ කියන යෙදුමෙන් අදහස් කරන්නේ කෙනෙක්ගේ මරණය ළඟයි කියන එකයි.—ගීතා 109:23.

නොවැම්බර් 20-26

දේවවචනය නිධානයක් | යෝබ් 18-19

“එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා”

w91 2/1 18 20¶

සුදුසුකම් අත් කරගන්න ඔයා උත්සාහ කරනවද?

20 වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් තම වගකීම්වලින් කැමැත්තෙන්ම ඉවත් වුණත් නැතත් එය ඔහුගේ කලකිරීමට හේතුවක් විය හැකියි කියා වැඩිමහල් මණ්ඩලය තේරුම්ගත යුතුයි. ඔහු මානසිකව වැටී සිටිනවා කියා වැඩිමහල්ලන්ට දැනෙනවා නම් ඔහුව සභාවෙන් ඉවත් කර නැත්නම් ඔවුන් ඔහුට ආදරෙන් උදව් කිරීම අවශ්‍යයි. (1 තෙස. 5:14) ඔහුව සභාවට අවශ්‍ය බව තේරුම්ගන්න, වැඩිමහල්ලන් ඔහුට උපකාර කළ යුතුයි. ඔහුට උපදෙස් දීමට අවශ්‍ය වුණත් ඔහු නිහතමානී, ස්තුතිවන්ත ආකල්පයක් තිබෙන කෙනෙක් නම් නැවතත් සභාවේ අමතර වගකීම් ලබාගන්න ඔහුට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ.

දෙසැම්බර් 11-17

දේවවචනය නිධානයක් | යෝබ් 25-27

“විශ්වාසවන්ත වෙන්න අසම්පූර්ණ අයට බැරිද?”

w19.02 5 9-10¶

දිගටම විශ්වාසවන්තව ඉන්න

9 යෝබ් කියන්නෙත් පාපය උරුම කරගත්ත කෙනෙක්. ආපු පීඩා නිසා එයා කේන්තියෙන් යාළුවන්ට කතා කළා. එයා වියරු වැටුණු කෙනෙක් වගේ කතා කළා. දෙවියන්ගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවාට වඩා එයාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරලා පෙන්නන්න එයා හැදුවා. (යෝබ් 6:3; 13:4, 5; 32:2; 34:5) ඒත් එයාගේ යාළුවෝ කියපු බොරු දේවල් එයා විශ්වාස කළේ නැහැ. යෝබ් එයාලට මෙහෙම කිව්වා. “ඔබ වැනි මනුෂ්‍යයන් ධර්මිෂ්ඨයන් කියා මා පවසන්නේ කෙසේද? එවැනි දෙයක් ගැන මට සිතාගන්නවත් නොහැකිය. මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.” (යෝබ් 27:5) මොන දේ වුණත් දෙවියන්ව අත්හරින්න යෝබ් සූදානම් නැහැ කියලා ඒකෙන් තේරුණා. අපිටත් යෝබ්ව ආදර්ශයට ගන්න පුළුවන්.

10 සාතන් යෝබ් ගැන මතු කරපු ප්‍රශ්නේ අපි එක් එක් කෙනාටත් අදාළයි. සාතන් ඔයා ගැනත් කියන්නේ ඔයා දෙවියන්ට ඇත්තටම ආදරේ නැහැ කියලයි. ඔයාගේ ජීවිතේ අනතුරේ තිබුණොත් ඒකෙන් බේරෙන්න දෙවියන්ට සේවය කරන එක වුණත් ඔයා අත්හරියි කියලත් සාතන් කියනවා. (යෝබ් 2:4, 5; එළි. 12:10) සාතන් එහෙම කියන එක ගැන ඔයාට දුකක් දැනෙයි. ඒත් මේ ගැන හිතන්න. ඔයාගේ විශ්වාසවන්තකම සෝදිසි කරන්න යෙහෝවා දෙවියන් සාතන්ට ඉඩ දීලා තියෙන්නේ ඔයා ගැන දෙවියන්ට ලොකු විශ්වාසයක් තියෙන නිසයි. දිගටම විශ්වාසවන්තව ඉඳලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න ඔයාට පුළුවන් කියලා දෙවියන්ට කිසිම සැකයක් නැහැ. දෙවියන් පොරොන්දු වෙනවා ඒ දේ කරන්න ඔයාට උදව් කරනවා කියලා. (හෙබ්‍රෙ. 13:6) මේ විශ්වයේ අධිපති දෙවියන්ගේ විශ්වාසය දිනාගන්න ලැබුණ එක කොච්චර වරප්‍රසාදයක්ද! විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි කියලා දැන් ඔයාට තේරෙනවාද? ඒකෙන් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් වගේම දෙවියන්ගේ නමට ගෞරවයක් ගේන්නත් අපි කැමති දෙවියන්ගේ පාලනයට කියලා පෙන්නන්නත් අපිට පුළුවන්. අපේ විශ්වාසවන්තකම රැකගන්නේ කොහොමද?

දෙසැම්බර් 18-24

දේවවචනය නිධානයක් | යෝබ් 28-29

“ඔයාටත් යෝබ්ට වගේ හොඳ නමක් තියෙනවාද?”

it-1-E 655 10¶

ඇඳුම

කෙනෙක් නිල ඇඳුමක් හරි වෙනත් විශේෂ ඇඳුමක් හරි ඇඳන් ඉන්නවා නම් අපි දන්නවා එයා මොකක් හරි සංවිධානයකට සම්බන්ධයි කියලා. එහෙම නැත්නම් එයා මොකක් හරි විශේෂ වැඩකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. බයිබලයෙත් පුද්ගලයෙක් මොන වගේ කෙනෙක්ද කියලා හඳුන්වන්න ඇඳුම කියන වචනය සංකේතයක් විදිහට පාවිච්චි කරනවා. ඒකෙන් ඒ පුද්ගලයා අරන් තියෙන තීරණයක් සහ ඒකට එකඟව එයා වැඩ කරන විදිහ නියෝජනය වෙනවා. විවාහ ඇඳුම ගැන යේසුස් කියපු උපමාව ඒකට උදාහරණයක්.—මතෙ 22:11, 12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න