‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
ජනවාරි 26–පෙබරවාරි 1
දේවවචනයෙන් මැණික්
it-E “අරියෙල්” 1¶; it-E “අරියෙල්” අංක 3
අරියෙල්
(අරියෙල්) [පූජාසනයේ දේවල් පුච්චන තැන තැන්නම් දෙවියන්ගේ සිංහයා].
3. යෙසායා 29:1, 2, 7 අරියෙල් කියන නම පාවිච්චි කරන්නේ යෙරුසලමට. දේවමාලිගාව තිබුණේ යෙරුසලමේ. ඒකේ තමයි දෙවියන්ට පූජා ඔප්පු කරපු පූජාසනය තිබුණේ. ඒ කියන්නේ යෙරුසලම හරියට දෙවියන්ගේ පූජාසනයේ පූජා දවපු තැන වගේ. (යෙසා 29:1, පාදසටහන) ඒ වගේම සැබෑ නමස්කාරයේ ප්‍රධාන තැන වුණෙත් යෙරුසලමයි. හැබැයි යෙසායා 29:1-4 යෙරුසලමට විරුද්ධව අනතුරු ඇඟවීමක් දීලා තිබුණා. එතන කියනවා යෙරුසලමට පහර දෙනවා කියලා. ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරු ඇවිත් යෙරුසලම විනාශ කළා. ඒකෙන් පස්සේ යෙරුසලම තවත් විදිහකින් පූජා ඔප්පු කරන තැනක් වුණා. මුළු නගරේම ලේ විලක් වෙලා තිබුණා. හැම තැනම මළ සිරුරු වැටිලා තිබුණා. හරියට පූජාසනයේ ඔප්පු කරපු පූජා වගේ ඒවා ගින්නෙන් පිච්චුවා.—යෙසා 29:2-4.
පෙබරවාරි 2-8
දේවවචනයෙන් මැණික්
it-E “රොටි” 6¶
රොටි
සංකේතවත් විදිහට. බයිබලේ “කෑම” නැත්නම් මුල් භාෂාවට අනුව “රොටි” කියද්දී ඒකෙන් දේවල් කීපයක්ම අදහස් වුණා. එක උදාහරණයක් බලන්න. යෙසායා 30:20 කියනවා යෙහෝවා ඔහුගේ සෙනඟට ‘දුක් කරදර නමැති කෑම කන්නත් පීඩා නමැති වතුර බොන්නත් ඉඩහරිනවා’ කියලා. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? සතුරු හමුදා යෙරුසලම වටලලා ඉද්දී එයාලට සෑහෙන්න ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. කොච්චරද කියනවා නම් ඒක හරියට දවස ගාණේ කෑම කනවා, වතුර බොනවා වගේ එයාලට සාමාන්‍ය දෙයක් වෙනවා.
පෙබරවාරි 16-22
දේවවචනය නිධානයක් | යෙසායා 36–37
එයාලා “කියපු දේවල් අහලා බය වෙන්න එපා”
it-E “හෙසකියා” අංක 1 14¶
හෙසකියා
සෙනකෙරිබ් යෙරුසලමේදී අසාර්ථක වුණා. ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් යෙරුසලමට පහර දෙන්න තීරණේ කළා. එයායි, එයාගේ හමුදාවයි පවුරුවලින් වට වුණ ලාකිෂ් නගරෙට විරුද්ධව සටන් කරකර ඉද්දී එයාගේ හමුදාවෙන් කොටසක් යෙරුසලමට යැව්වා. යෙරුසලමට යටත් වෙන්න කියලා අණ කරලා එයාගේ හමුදාවේ ප්‍රධානීන් කීපදෙනෙක්වත් සෙනකෙරිබ් යැව්වා. සෙනකෙරිබ් වෙනුවෙන් කතා කළේ රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා. එයාට හෙබ්‍රෙව් භාෂාව හොඳට පුළුවන්. ඒ වගේම එයා කතා කළේ හැමෝටම ඇහෙන්න කෑගහලා. එයා හෙසකියා රජව විහිළුවකට ගත්තා. යෙහෝවාට අපහාස කළා. එයා හරිම ආඩම්බරෙන් කිව්වා ඇසිරියාව යටත් කරගත්ත අනිත් දේශවල දෙවිවරුන්ට ඒ දේශ බේරගන්න බැරි වුණා වගේ යෙහෝවාටත් යෙරුසලම බේරගන්න බැහැ කියලා.—2රාජා 18:13-35; 2ලේක 32:9-15; යෙසා 36:2-20.
දේවවචනයෙන් මැණික්
it-E “කටකලියාව” 4¶
කටකලියාව
යෙහෝවා ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ්ට මෙහෙම කිව්වා. “මම ඔබේ නහයට කොක්කක් දාලා ඔබේ කටට කටකලියාවක් දාලා ඔබ ආපු පාරෙන්ම ඔබව ආපහු ඇදගෙන යනවා.” (2රාජා 19:28; යෙසා 37:29) සතෙක්ට කොක්කක් නැත්නම් කටකලියාවක් දාලා ඌව පාලනය කරනවා වගේ යෙහෝවා සෙනකෙරිබ්ව බලෙන් යෙරුසලමෙන් ඇදන් ගියා. යෙරුසලමට පහර දෙන එක නවත්තලා ආයෙත් නිනිවයට යන්න සෙනකෙරිබ්ව පෙලඹුවේ යෙහෝවා. එහෙදී එයාගෙම පුතාලා එයාව මැරුවා. (2රාජා 19:32-37; යෙසා 37:33-38) යෙහෝවාගේ සතුරන්ට කටකලියාවක් දානවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ එයාලව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ යෙහෝවා කියන එකයි.—යෙසා 30:28.