ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 පෙබරවාරි 31 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • උඩඟු රාජ්‍ය පාලකයෙකුට අධිරාජ්‍යයක් අහිමි වේ
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලොව වෙනස් කළ වචන හතර
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • දානියෙල්—විවේචනයට ලක් වූ පොතක්
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 පෙබරවාරි 31 පි.
බෙල්ෂසර්ගේ නම සඳහන් වෙන සිලින්ඩරාකාර මැටි පුවරුවක්

බෙල්ෂසර්ගේ නම සඳහන් වෙන සිලින්ඩරාකාර මැටි පුවරුවක්

ඔබ දැන සිටියාද?

බෙල්ෂසර්ගේ තනතුර පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙන්නේ කොහොමද?

අවුරුදු ගාණක්ම බයිබල් විවේචකයන් කිව්වේ දානියෙල් පොතේ සඳහන් වුණ බෙල්ෂසර් රජු ඇත්තටම හිටපු කෙනෙක් නෙමෙයි කියලයි. (දානි. 5:1) එයාලා එහෙම කියන්න හේතු වුණේ බෙල්ෂසර් ජීවත් වුණා කියලා කියන්න සාක්ෂි පුරාවිද්‍යාඥයන්ට හොයාගන්න බැරි වෙලා තිබුණ නිසයි. ඒත් 1854දී ඒ අදහස වෙනස් වුණා. ඒ ඇයි?

ඒ අවුරුද්දේදී බ්‍රිතාන්‍ය තානාපතියෙක් වුණ ජේ. ජී. ටේලර් පැරණි ඌර් නගරේ (දැන් දකුණු ඉරාකය) නටඹුන් අතරේ තිබුණ විශාල කුලුනකින් සිලින්ඩරාකාර මැටි පුවරු කීපයක් හොයාගත්තා. ඒ එක පුවරුවක් අඟල් 4ක් විතර දිගයි. ඒවාවල උල් හැඩැති අකුරු (කීලාකාර අක්ෂර) කොටලා තිබුණා. ඒ එක පුවරුවක බැබිලෝනියේ රජු වන නැබොනිඩස් සහ එයාගේ වැඩිමල් පුතා වන බෙල්ෂසර්ට දීර්ඝායුෂ පතපු අයැදීමක් සඳහන් වුණා. ඒ සොයාගැනීම නිසා බෙල්ෂසර් ඇත්තටම ජීවත් වුණ කෙනෙක් කියලා විවේචකයන්ටත් පිළිගන්න සිද්ධ වුණා.

බයිබලයේ සඳහන් තොරතුරුවලින් බෙල්ෂසර් සැබෑ කෙනෙක් කියලා විතරක් නෙමෙයි එයා රජ කෙනෙක් කියලත් පැහැදිලියි. ඒ ගැනත් විවේචකයන් සැක පළ කළා. උදාහරණෙකට 1870 ගණන්වල හිටපු ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙක් වුණ විලියම් ටෝල්බට් ලිව්වා සමහරු කියනවා “බෙල්-සාර්-උස්සුර් [බෙල්ෂසර්] ඔහුගේ තාත්තා වුණ නැබොනිඩස්ගේ සම පාලකයෙක් ලෙස රජකම් කළා කියලා. ඒත් එහෙම කියන්න කිසිම සාක්ෂියක් නැහැ.”

විවේචකයන්ට තිබුණ ඒ සැකයත් දැන් නැති වෙලා. අනිත් සිලින්ඩරාකාර මැටි පුවරුවලින් ඔප්පු වුණා බෙල්ෂසර්ගේ තාත්තා වුණ නැබොනිඩස් රජ සමහර කාලවලදී අවුරුදු ගාණක්ම හිටියේ බැබිලෝනියෙන් පිට කියලා. එයා නැති කාලේ කවුද පාලනය කළේ? එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “නැබොනිඩස් රජ බැබිලෝනියෙන් පිට වෙලා හිටපු කාලේ එයාගේ සිංහාසනයත් හමුදාවේ වැඩි පිරිසක්වක් එයා භාර දුන්නේ බෙල්ෂසර්ට.” (Encyclopaedia Britannica) ඒ විදිහට බලද්දී බෙල්ෂසර් සම පාලකයෙක් විදිහට බැබිලෝනිය පාලනය කළා. පුරාවිද්‍යාඥයෙක් සහ භාෂා විශාරදයෙක් වන ඇලන් මිලර්ඩ් කියන්නේ “දානියෙල් පොතේ බෙල්ෂසර්ව රජ විදිහට හඳුන්වලා තියෙන එක“ නිවැරදියි කියලා.

යෙහෝවා දෙවියන්ගේ සේවකයන්ට නම් දානියෙල් පොතේ සඳහන් තොරතුරු විශ්වාසවන්තයි කියලා කියන්නත් ඒක දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණ පොතක් කියලා කියන්නත් තියෙන ප්‍රධානම සාක්ෂිය බයිබලයමයි.—2 තිමෝ. 3:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න