ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 නොවැම්බර් 31 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • බයිබල් විවේචකයන් ව ව්‍යාකූල කළ නැති වුණු අධිරාජ්‍යයක්
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නාහුම් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • විශ්වාස කළ හැකි පොතක්—2වන කොටස
    2010 පිබිදෙව්!
  • නාහුම්, හබක්කුක් සහ ශෙපනියා පොත්වල විශේෂාංග
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 නොවැම්බර් 31 පි.
පුරාණ නිනිවය කොහොම තියෙන්න ඇතිද කියලා හිතලා ඇඳපු චිත්‍රයක්.

නිනිවයේ දැවැන්ත ගොඩනැඟිලි සහ ප්‍රතිමා තිබුණා

ඔබ දැන සිටියාද?

නිනිවයට මොකද වුණේ?

ක්‍රි.පූ. 7වෙනි සියවස වෙද්දී ඇසිරියාව තමයි ලෝක අධිරාජ්‍යය වුණේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාර වෙබ් අඩවියක මෙහෙම සඳහන් වුණා. “බටහිරින් සයිප්‍රසයේ සිට නැඟෙනහිරින් ඉරානය දක්වා ප්‍රදේශ ඔවුන් යටත් කරගෙන තිබුණා. එක කාලෙක ඊජිප්තුව තිබුණෙත් ඔවුන් යටතේ.” ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවර වුණේ නිනිවය. ඒ කාලේ ලෝකයේ ලොකුම නගරය වුණෙත් ඒකමයි. එහේ දැවැන්ත ප්‍රතිමා, ලස්සන උයන්, අතිවිශාල මාලිගා, විශාල පුස්තකාල ගොඩක් තිබුණා. කැණීම්වලදී අෂූර්බානිපල් රජ බිත්තිවල සඳහන් කරපු සටහනක් හොයාගෙන තිබුණා. ඒකේ එයා එයාවම හඳුන්වලා තිබුණේ “මුළු ලෝකයේම රජ” කියලා. ඇසිරියාවේ අනිත් රජවරුනුත් එයාලව ඒ විදිහට හඳුන්වාගෙන තිබුණා. ඇසිරියාව පරද්දන්න කාටවත් බැහැ කියලයි හැමෝම හිතාගෙන හිටියේ.

ක්‍රි.පූ. 7වෙනි සියවසේදී ඇසිරියානු අධිරාජ්‍යයේ මායිම් පෙන්වන සිතියමක්. ඒ සිතියමේ ඊජිප්තුව, සයිප්‍රසය සහ නිනිවය ලකුණු කරලා තියෙනවා.

ඇසිරියාව එදා ලෝකයේ තිබුණ විශාලම අධිරාජ්‍යයයි

ඇසිරියාව බලවත්ම කාලයේ ශෙපනියා මාර්ගයෙන් යෙහෝවා හිතාගන්න බැරි අනාවැකියක් කිව්වා. ‘[යෙහෝවා] ඇසිරියාවට විරුද්ධවද විනාශයක් ගෙනෙන්නේය. ඔහු නිනිවය නගරය විනාශ කර දිය පොදක් නැති පාළුකරයක් බවට පත් කරන්නේය.’ ඒ වගේම ඔහු නාහුම් මාර්ගයෙනුත් මෙහෙම කිව්වා. ‘දැන් නගරයට ගිහින් එහි රන් හා රිදී කොල්ල කන්න. නගරය හිස් වී ඇත. එය නාස්ති වී පාළුවට ගොස් ඇත. ඔබව දකින සියලුදෙනා ඔබ සිටින තත්වය ගැන භය වී, “නිනිවය නාස්ති වී ගිය හැටි බලන්න” කියා පවසමින් ඔබව අත්හැර යයි.’ (ශෙප. 2:13; නාහු. 2:9, 10; 3:7) ඒ අනාවැකිය ඇහුවාම ඒ කාලේ හිටපු මිනිස්සු සමහරවිට මෙහෙම හිතන්න ඇති. ‘ඇත්තටම ඔය අනාවැකිය ඉෂ්ට වෙයිද? මෙච්චර බලවත් ඇසිරියාව පරද්දන්න පුළුවන් කාටද?’

පාළුවට ගිය නිනිවය

හැබැයි හිතපු නැති විදිහට ක්‍රි.පූ. 7වෙනි සියවසේ අගභාගයේදී බැබිලෝනියාව සහ මේදියාව එකතු වෙලා ඇසිරියාව පරාජය කළා. කාලයත් එක්කම නිනිවය පාළුවට ගිහින් මිනිසුන්ගේ මතකයෙනුත් මැකිලා ගියා. “කාලයත් එක්කම පාළුවට ගිහින් නටබුන් ගොඩක් වෙලා තිබුණ නිනිවය පස් යට වැළලිලාම ගියා. මිනිස්සු නිනිවය කියලා නගරයක් තිබුණා කියලා ඇත්තටම දැනගත්තේ බයිබලේ ඒ ගැන සඳහන් වෙලා තිබුණු නිසයි” කියලා නිව් යෝර්ක්වල කෞතුකාගාරයකින් පළ කරපු ප්‍රකාශනයක සඳහන් වෙනවා. බයිබලේ සඳහන් කරලා තියෙන තැන් ගැන පුරාවිද්‍යාත්මක කැණීම් කරන සංගමයක් මෙහෙම කියනවා. “1800 ගණන්වල මුල් කාලය වෙද්දී ඇසිරියානු අධිරාජ්‍යයේ මේ බලවත් නගරය ඇත්තටම තිබුණු එකක්ද කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ.” හැබැයි 1845දී පුරාවිද්‍යාඥයෙක් වන ඔස්ටින් හෙන්රි ලෙයාර්ඩ් නිනිවය ප්‍රදේශයේ කැණීම් කරන්න පටන්ගත්තා. එයා කැණීම්වලින් හොයාගත්ත දේවලින් අතීතයේ නිනිවය කොයි තරම් බලවත් නුවරක්ද කියලා පැහැදිලි වුණා.

නිනිවයේ විනාශය ගැන බයිබලේ සඳහන් අනාවැකි ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා කියලා දකිද්දී ළඟදීම පොළොවේ තියෙන ආණ්ඩු සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා බයිබලේ තියෙන අනාවැකි ඒ විදිහටම ඉටු වෙනවාමයි කියන අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා.—දානි. 2:44; එළි. 19:15, 19-21.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න